ලස්සන වුණාට වැඩක් නෑ, එයාගේ බෙල්ල කළුයි

කළු වූ බෙල්ලට ගෙදරදීම පිළියම්...
මාර්තු 18, 2024

බෙල්ල කළු වීගෙන එන බව හෝ දැනටමත් අවපැහැ වී ඇති බව සිතමින් ඔබ සිත් තැවුලෙන් ඉන්නවා ද? එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. හිරු එළියට නිරාවරණය වීම, හෝමෝන සහ සම ආශ්‍රිත තත්ත්වයන් නිසා බෙල්ලේ සම අඳුරු වීමට ඉඩ ඇත. කළු බෙල්ලේ තත්ත්වය, එම බෙල්ල ප්‍රදේශයේ සම ඝන හෝ රළු වීමට බලපායි. මෙය සාමාන්‍යයෙන් භයානක තත්ත්වයක් නොවේ.

නමුත් අවස්ථා කිහිපයකදී, එය සම යටින් පවතින සෞඛ්‍ය ගැටලුවක සලකුණක් විය හැකියි. අඳුරු බෙල්ල සඳහා ප්‍රතිකාර හේතුව මත පදනම්ව වෙනස් වේ. බොහෝ විට, මෙය හානිකර නොවන අතර බෝ නොවන තත්ත්වයකි. කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී, සමේ අඳුරු වීම වඩාත් බරපතළ දෙයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥාවක් වීමට ද ඉඩ ඇත. එබැවින් හේතුව තීරණය කිරීමට සහ අවශ්‍ය සත්කාර ආරම්භ කිරීමට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ. බෙල්ල කළු වීම, එයට හේතුව කුමක් ද සහ එය සාමාන්‍ය තත්ත්වයක් නම්, ඒ සඳහා ඔබට නිවෙසේ සිටම කළ හැකි, සත්කාරයන් කිහිපයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු.

අඳුරු බෙල්ල, "Dark Neck" ලෙස ද හැඳින් වේ.

කළු බෙල්ලේ මූලික ලක්ෂණය වන්නේ බෙල්ලේ සම අඳුරු වීමයි. සමහර අවස්ථාවලදී මෙවැනි අඳුරු වීම් ඔබේ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට ද බලපායි, බොහෝවිට කිහිලි, ඉකිලි වැනි ප්‍රදේශ ද එසේ අඳුරු පැහැ විය හැකියි.

නිවෙසේදී කළ හැකි පිළියම්

1. කළු බෙල්ල සඳහා ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි සමේ pH අගය සමතුලිත කිරීමට උපකාරී වේ. මැලික් අම්ලය තිබීම සමේ මැරුණු සෛල ඉවත් කර ඔබේ සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි. වතුර මේස හැඳි හතරක් සහ ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි දෙකක් කපු බෝලයක් ආධාරයෙන් ඔබේ බෙල්ලේ ආලේප කරන්න. එය වතුරෙන් සේදීමට

පෙර විනාඩි දහයක් තබන්න. හොඳම ප්‍රතිඵල සඳහා, මෙය දින 2කට වරක් කරන්න. ඇපල් සයිඩර් විනාකිරි මඟින් ඔබේ සම වියළි බවට පත් කළ හැකියි. එබැවින් මෙම ක්‍රියා පටිපාටියෙන් පසු සමට හොඳින් මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

2. කළු බෙල්ල සඳහා බේකිං සෝඩා

බේකිං සෝඩා සමේ මැරුණු සෛල ඉවත් කිරීමට, කුණු දූවිලි ඉවත් කිරීමට සහ ඔබේ සම ඇතුළත සිට පෝෂණය කිරීමට උපකාරී වේ. සිනිඳු පේස්ට් එකක් සෑදීමට ජලය ස්වල්පයක් සහ බේකිං සෝඩා මේස හැඳි 2ක් මිශ්‍ර කරන්න. කළු පැහැ වූ ප්‍රදේශයට එය ආලේප කර මිනිත්තු කිහිපයක් තබන්න. බේකිං සෝඩා මිශ්‍රණය වියළී ගිය පසු, තෙත ඇඟිලි භාවිත කර එය ඉවත් කර ජලයෙන් සෝදා හරින්න.

නියමම ප්‍රතිඵල දැකීමට ඔබට මෙය දිනපතා නැවත නැවතත් කළ හැකියි. ඇපල් සයිඩර් විනාකිරි ක්‍රමය මෙන්, බේකිං සෝඩා භාවිතයෙන් පසුව ද හොඳින් මොයිස්චරයිසින් කළ යුතුය.

3. කළු බෙල්ල සඳහා අර්තාපල් යුෂ

සම සැලකිය යුතු ලෙස පැහැපත් කරන ගුණාංග අර්තාපල් සතු ව ඇත. එය අඳුරු පැල්ලම් ඉවත් කිරීමට සහ සමේ පැහැය ඒකාකාරී කිරීමට ද උපකාරී වේ. එක් කුඩා අලයක් අඹරා එයින් යුෂ මිරිකා ගන්න. කළු පැහැයට ලක් වූ ප්‍රදේශවලට මෙම මිශ්‍රණය යොදන්න. සම්පූර්ණයෙන්ම වියළීමට ඉඩ දෙන්න. එය වියළුණු පසු, වතුරෙන් සෝදා හරින්න. මෙය දිනකට වරක් හෝ දෙවරක් නැවත නැවත කරන්න.

4. කළු බෙල්ල සඳහා මී පැණි සහ ලෙමන් භාවිතය

මී පැණි සහ ලෙමන් මෘදු දීප්තියක් එක් කරන අතර ම, සම පැහැපත් කිරීමට උපකාරී වේ. බෙල්ල වටා පැහැපත් සමක් ලබා ගැනීමට, ලෙමන් යුෂ තේ හැඳි දෙකක්, කහ බිංදුවක් සහ රෝස වතුර ස්වල්පයක්, මී පැණි සමඟ මිශ්‍ර කර, මධ්‍යම ප්‍රමාණයේ පේස්ට් එකක් සාදන්න. මිශ්‍රණය බෙල්ලේ තවරා විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න. ඔබට මෙය සතියකට දෙවරක් කළ හැකිය.

5. කළු බෙල්ල සඳහා ආමන්ඩ් තෙල්

ආමන්ඩ් තෙල් විටමින් E වලින් පොහොසත් වන අතර, එය සමේ පැහැය වැඩි දියුණු කරයි. සම පුනර්ජීවනය කිරීමට සහ සිනිඳු කිරීමට උපකාරී වේ. බෙල්ලේ කළු පැහැය අඩු කිරීම සඳහා, ඔබ කළ යුත්තේ ආමන්ඩ් තෙල්, පොල්තෙල් සමඟ මිශ්‍ර කර විනාඩි 10-15 ක් පමණ කළු පැහැයට ලක් වූ බෙල්ල ප්‍රදේශය සම්බාහනය කිරීමයි. ප්‍රතිඵල දැකීමට මෙය නිතිපතා කරන්න.

එසේම බෙල්ල වටා කළුවීම ශරීරය තරබාරු වීම නිසා ද ඇතිවිය හැකි තත්ත්වයකි. එසේ වූ විට ශරීරයේ බර අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඒ සඳහා,

 කාබෝහයිඩ්රේට් අඩංගු සම්පූර්ණ ධාන්‍ය ආහාර වේලක් ගන්න.

නැවුම් පලතුරු සහ එළවළු වැනි කෙඳි බහුල ආහාර පරිභෝජනය කරන්න.

සමෝසා, පේස්ට්‍රි, චිප්ස් සහ බිස්කට් වැනි අධික සංතෘප්ත මේද සහිත කෙටි ආහාර ගැනීම අඩු කරන්න.

සම්පූර්ණ කිරි වෙනුවට මේදය අඩු කිරි හෝ මුදවපු කිරි ආහාර සඳහා එක්කර ගන්න.

ඒ හා සමානව, කිරි,පාන් වෙනුවට තිරිඟු පාන් මේදය අඩු ආහාර ගන්න.

වතුර වැඩිපුර බොන්න.

නිතිපතා ව්‍යායාම කරන්න.

මැරුණු සම ​​ඉවත් කිරීමට උපකාරීවන Exfoliating scrub එකක් භාවිත කරන්න.

දිනපතා සන් ක්‍රීම් එකක් භාවිත කරන්න.

 

 

ප්‍රවීණ මනාලියන්

ඇන්දවීමේ සහ රූපලාවණ්‍ය

උපදේශිකා

ඉෂාරා කෝරලගේ