වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
ගත සිසිල් කරන රුව හැඩ කරන කෝමාරිකා

ඔබේ ගෙදර පුංචිම පුංචි මල් පෝච්චියක ඉන්දවන කෝමාරිකා මේ තරම් ගුණ කදම්බයකට හිමිකම් කියන බව ඔබ මීට පෙර නොදන්නවා ඇති.
කෝමාරිකා කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ රූපලාවණ්‍ය කටයුතුවලට යොදා ගන්නා බව පමණයි. තවද ඉස්සර පිලිස්සුණු තැන්වලට ආලේප කරන්නත්, හිසේ ආලේප කරන්නත් අපේ අම්මලා ආච්චිලා කෝමාරිකා බහුලවම භාවිත කළා. නමුත් ඔබ දන්නවද කෝමාරිකා කියන්නේ ඊටත් වඩා ප්‍රයෝජනවත් ශාකයක් බව.
*දත් ආශ්‍රිත රෝග සුව කිරීමට:-
කෝමාරිකා යුෂවලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
*ලේවල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීමට:-
දිනකට කෝමාරිකා යුෂ මේස හැඳි 02ක් පරිභෝජනය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩුවන බව පරීක්ෂණ මඟින් හෙළිවී තිබෙන බව සොයාගෙන තිබෙනවා. නමුත් ඖෂධ සමඟ මේ විදිහට කෝමාරිකා පානය කිරීම භයානක ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් නිසා කෝමාරිකා පරිභෝජනය කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත් වේ.
*Amino acidවලින් පිරිපුන් වීම:-
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය වන ඇමයිනෝ ඇසිඩ් වර්ග 22න් 18ත් 20ත් අතර ප්‍රමාණයක් කෝමාරිකාවල අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.
*සම පැහැපත් කිරීමට:-
කෝමාරිකා ඕනෑම skin type එකකට ගැළපෙන ඖෂධයකි. විශේෂයෙන් සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා අපට උදව් වේ. තවද කෝමාරිකාවල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමඟින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.
*දැවිල්ල අඩු කිරිමට:-
කෝමාරිකාවල ප්‍රති-ගිනි අවුළුවන ගුණ ඇති අතර එය ශරීරය පුරා දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ. මෙය ආතරයිටිස්, ඇදුම සහ ගිනි අවුළුවන බඩවැල් රෝග වැනි තත්ත්වයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.
*ගැස්ට්‍රයිටිස් සඳහා කෝමාරිකා:-
විශේෂයෙන් කෝමාරිකා ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා භාවිත වේ. කෝමාරිකා යුෂ, කෝමාරිකා මී පැණි සමඟ, දුරු සමඟ කෝමාරිකා සහ ඉඟුරු සමඟ කෝමාරිකා මෙම රෝගයට යොදාගත හැකි ඖෂධයන් ය.
*
අධික ලෙස පරිභෝජනය කිරිම:-
පාචනය සහ අනෙකුත් ආමාශ ආන්ත්‍රයික ගැටලුවලට හේතු විය හැකි බැවින් කෝමාරිකා මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.