Engagement එකට කොණ්ඩා මෝස්තරයක්

අගෝස්තු 4, 2025

ළාබාල යුවතියන් සඳහා වඩාත් ගැළපෙන මේ හිසකෙස් විලාසිතාව විවාහ ගිවිස ගැනීමක් සඳහා නම් අතිශය චමත්කාරජනක එකක් වේවි. විවාහ උත්සවයකට සහභාගි වන ළාබාල යුවතියන්ටත් ගැළපේවී.

සැහැල්ලු ආභරණ සමඟ මෙම මෝස්තරය බටහිර මනාලියකට වුවද ගළපාගත හැකියි. කෙස් ප්‍රමාණය අඩු යුවතියකට වුවත් මෙම මෝස්තරයෙන් අමතර කෙස් යොදන්නේ නැතිව කොණ්ඩයට පිරුණු බවක් එක් කරන්නට පුළුවනි.

හිස් පලඳනා සහ ආභරණ වෙනස් කර ගනිමින් ඕනෑම ඇඳුම් විලාසිතාවකට ගළපාගත හැකිවීම මෙම මෝස්තරයේ ඇති විශේෂත්වයයි.

 

ඉදිරිපස කොණ්ඩය තරමක් අතහැර ඉතිරි කොණ්ඩය හිස් මුදුනින් පෆ් කර හෙයාර් ක්ලිප් ගසාගන්න. (පළමු ඡායාරූපය)

*ඉදිරිපස කොණ්ඩය පැත්තෙන් බෙදා ගෙතුම ආරම්භ කරන්න. (දෙවැනි ඡායාරූපය)

*කුඩා කෙස් තීරු වශයෙන් ගෙන පහළ දක්වාම ගෙන යන්න. ( 3, 4, 5, 6 ඡායාරූප)

*දකුණු පසින් කොණ්ඩයේ ගොතා ගත් ආකාරයටම වම් පසින් ද ගොතා ගන්න. (හත්වන ඡායාරූපය)

*සිහින් තීරු ගෙන ගෙතුව කොටස පිටුපසට වන ලෙස බන් එකක ආකාරයට ක්ලිප් කරගන්න. (8, 9, 10, 11, 12, 13 ඡායාරූපය)

 

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

 

MODEL - රුවිනි

PIX BY-  Awinka Photography