වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
සාරියට ගවුමට හැඩ හිසකේ විලාසිතා

ඉන්දියානු සාරි විලාසිතා සඳහා සුදුසු අපූර්වතම කොණ්ඩා මෝස්තරයකි මේ. මහතින් අඩු සිහින් බෙල්ලක් ඇති යුවතියට, කොණ්ඩය ඉතා දිගු වුවත්, කෙටි වුවත් මේ කොණ්ඩා මෝස්තරය ගළපා ගත හැකියි.
බටහිර ක්‍රමයට ගවුම් විලාසිතාවකින් සැරසෙන යුවතියකටද මේ කොණ්ඩා මෝස්තරය සුදුසු වේවි. එවිට ඉදිරිපස පැත්තෙන් බෙදා (Side part) ගත යුතුයි.
උත්සව අවස්ථාවකට නම් හිස් පලඳනා නොමැතිව වර්ණ ගැන්වූ කොණ්ඩයකට ද වඩාත් ආකර්ෂණීය බවක් ගෙනදිය හැකි මෝස්තරයකි.
*ඉදිරිපස කොණ්ඩය වෙන්කරගන්න. (1වැනි ඡායාරූපය)
*ඉදිරිපස කොණ්ඩයෙන් කොටසක් බැක් කෝම්බ් කර පිටුපසට පීරා ගනිමින් හෙයා ක්ලිප් රඳවා ගන්න. (2 වැනි ඡායාරූපය)
*ඉදිරිපස කොණ්ඩයේ නළල වටා ඇති අලක පමණ තීරුවක් සුළු වශයෙන් ඇඹරුමක් කර පිටුපස මැදට වන ලෙස හෙයා ක්ලිප් රඳවා ගන්න. (3 වැනි ඡායාරූපය)
*පිටුපස කොණ්ඩය කොටස් දෙකකට බෙදා එක් පෝනි ටේලයක් වම් පස ඉහළට වන ලෙසත් අනෙක් පෝනිටේලය දකුණු පස පහළට වන ලෙසත් දමා ස්වභාවික කෙස් තීරුවකින් පෝනිටේලයේ මුල ආවරණය කරගන්න. (4 වැනි ඡායාරූපය)
*වම්පස සහ දකුණු දකුණුපස පෝනිටේල් ඇඹරුමක් කර ගන්න. (5, 6 ඡායාරූප)
*වම් පස ඉහළට වන ලෙස ටුවයිස්ට් කර ගත් පෝනිටේලය පළමුව ඉහළින් පටන්ගෙන ඡායාරූපයේ පෙන්වා ඇති රටාවට එයා ක්ලිප් රඳවා ගන්න. (7, 8 ඡායාරූප)
*ඒ ආකාරයට දෙවැනි පෝනිටේලයේ කෙස් සකස් කරගන්න.(9, 10 ඡායාරූප)
*පසුව ඡායාරූපයේ පෙන්වා ඇති ආකාරයට මල් රඳවා ගන්න. (11, 12, 13 ඡායාරූප)
උපදෙස් :
ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා
නදීකා පෙරේරා
Model- ටෙෂානි රුවනි
Pix by- Awinka Photography