දිග අත් සහිත පින්ටක්ස් යෙදූ ගවුමක්

මැයි 31, 2021

 

මේ පින්බර වෙසක් පොහෝ දිනයයි. මෙදා සැරෙත් අප වෙසක් සමරන්නේ නිවෙසේ හිඳිමිනි.

රංචු නොගැසී ගමේ පන්සලට ගිහින් මල් පූජා කරන්න හැකි නම් ඇඳගෙන යන්නත් සුදු ඇඳුමක් තිබුණොත් හොඳයි නේද? මෙහි දැක්වෙන්නේ ඒ සඳහා ගැළපෙන සරල ගවුමකි. අපි මේ ගවුම මසන ආකාරය බලමු.

 

පළමුව අවශ්‍ය මිමි මැනගන්න.

ඉදිරි පළුව

මූලික ඉදිරි පළුව පිටපත්කර, AB, කර උරහිස BC, අත් කට CD, ඉණ EF ලෙස ලකුණු කරන්න. EF සිට ඉහළට අඟල් 1 ක් ගෙන රේඛාවක් ගසන්න. ඉදිරි මැද එම ලක්ෂ්‍යය කැපෙන තැන G ද පැත්තේ මැස්ම H ලෙස ද නම් කරන්න.

කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණය ගෙන A1 ද A1B යාකර ගවුමේ කර ඇඳගන්න. D සිට අඟල් 1 ක් පැත්තේ මැස්මෙන් පහළට ගෙන D1 යොදා D1C යාකර අත් කට ඇඳගන්න. වටේට අඟල් 1/2 ක් මැහුම් වාසි තබා පතරොම කපා ගන්න. රෙද්දේ නැම්මට තබා කපාගන්න. A1 A3 තෙක් කපා කරේ විවරය සඳහා

පයිපිං පටිය අල්ලා ගන්න.

පිට පළුව

ඉදිරිපස ආකාරයටම පිට පළුවේ මිමි භාවිතකර පිට පළුව ඇඳගන්න. ඉණ කොට කරගත් පසු GH සිට ඉහළට ඇති ඩාර්ට් කොටස මසාගන්න. පැත්තේ මැස්ම සමාන කරගන්න. කර වටේ පයිපිං අල්ලා ගන්න. ගැට ගැසීමට අවශ්‍ය ප්‍රමාණය එකතුකර පයිපිං පටිය කපාගන්න.

අත

මූලික අත පිටපත්කර මුදුන A ලෙස ගෙන A සිට දෙපසට ගවුමේ කිහිලි කට දෙක එකතු කරගත් අත්කට දෙකට බෙදා දෙපසට ගෙන BC යොදන්න‍. A සිට අවශ්‍ය දිග පහළට ගෙන එයට අඟල් 1 1/2 ක් එකතුකර දිග ලකුණු කරන්න. අතේ ඇති පින්ටක්ස් (Pintucks) එකක් අඟල් 1/2 බැගින් තිරස් අතට මසා ගන්න. එය වීල්කර ගන්න. (කඩ ඉරි) D වේ. D සිට දෙපසට අත බුරුලට අඟල් 3 ක් එකතුකර දෙකට බෙදා D සිට දෙපසට ගෙන EF නම් කරන්න. EF BC සමඟ යාකර ගන්න. බයස් වට ප්‍රමාණය ඉලාස්ටික් යොදා අත වට මසාගන්න.

සාය

මූලික සාය පිටපත්කර අවශ්‍ය දිගට ගෙන C තිරස් අතට උකුළ පළලට අඟල් 1 1/2 ක් එකතුකර මිම්ම ගෙන E යොදන්න. AC සහ FG කොටස් 3 කට බෙදා යාකර ගන්න. රූපයේ පෙනෙන පරිදි FG HI දැක්වේ. AB සහ CD නැවත කොටස් හයකට ගෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බෙදා යාකර ගන්න. දැන් තිරස් රේඛාවන් දිගේ කපා සාය කොටස් තුන වෙන්කර ගන්න. පළමු කොටස සහ 3 වැනි කොටස අඟල් 1 1/2 බැගින් දිගුකර ගන්න. ඒ පින්ටක්ස් සඳහාය. පළමු කොටසේ තීරු වෙන්කර 1 කොටස ඉණෙන් AB අඟල් 1 ක් සහ වාටියෙන් FG අඟල් 1 1/2 ඈත්කර අලවන්න. 2 කොටස ඉහළින් අඟල් 2 ක් සහ පහළින් අඟල් 2 1/2 ඈත්කර අලවන්න. 3 කොටස ඉහළින් අඟල් 3 ක් සහ වාටියෙන් අඟල් 3 1/2 බැගින් ඈත්කර අලවා ගන්න. පිට පළුව මෙලෙසම සාදා රෙද්දේ නැම්මට කපා රැලි මැස්ම යොදා 3 වැනි තට්ටුව දෙවැනි තට්ටුවටත් දෙවැනි තට්ටුව පළමු තට්ටුවේ අගටත් අවසන් වරට ඉණ කඳ කොටසටත් අල්ලා ගන්න. තට්ටු එකිනෙක ඇල්ලීමට ප්‍රථම පළමු සහ අවසන් තට්ටුවේ පින්ටක්ස් මසාගන්න. තමන්ට සායට රැලි වැඩිපුර දැමීමට අවශ්‍ය නම් 1, 2 හා 3 කොටස් වැඩිපුර ඈත්කර අලවාගන්න.

 

 

 

උපදෙස් -

ප්‍රවීණ උපදේශිකා

ෂර්මිලා ‍රණවීර