මෙතෙක් නිර්මාණය වී ඇති මැෂින් වර්ග

ජනවාරි 10, 2022

 

මේම පත් ඉරුව මැහුම් ගැන සඳහන් වෙන සාම්ප්‍රදායික ලියවිල්ලක් නොවෙයි. වර්තමානයේ මැහුම් පිළිබඳව දැනුම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා විකසනය වී තිබීම සතුටට කරුණක්.

එහි නියැලී සිටින විද්‍යාර්ථීන්ටත් මේ ලිපි පෙළ වැදගත් වන බව නිසැකවම සඳහන් කළ හැකියි. ඉඩකඩ ලැබෙන විදිහට අතීතයට එබී බලන්නටත් අදහස් කරනවා.

හෙළ සංස්කෘතියේ ඇඟලුම් ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස දක්වා දිවෙන ලිඛිත ඉතිහාසයකට බව මින් පෙර සදහන් කළා මතක ඇති. පුරාණයේ මෙරට ඇඟලුම් මූලිකවම සකස් වූයේ කරුණු දෙකක් පදනම්ව බව ඓතිහාසික මූලාශ පෙන්වා දෙනවා. ඒ,

* පරිපාලනමය සහ සමාජමය වශයෙන්

* ආගමික උත්සව සඳහා

මේ අතරින් රාජ්‍යත්වය, රාජ සභාව සහ ක්ෂේත්‍රයේ සිටි සෙසු ප්‍රධානීන් ගේ තනතුරු සඳහා නියමවූ ඇඳුම් පැළඳුම් සුවිශේෂී බවක් ගනු ලබනවා. ඒ සමඟම සාමාන්‍ය ජනතාවට ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පැනවූ නීති රීති තිබුණා. කොටින්ම කිව්වොත් ඔවුන්ට විච්චූර්ණ කරන අවසරයක් තිබුණේ නැහැ. ඒ තොරතුරු ඉදිරියේදී විමසා බලමු. වර්තකමානයේ ජනවහරට එක්වී ඇති වචන අතරේ දමිළ, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යෙදුම් බොහොමයක් තිබෙනවා.

 

01. කලිසම - Clacao

02. කමිසය - Camisa

03. කබාය - caba

04. ලේන්සුව - Lenco

05. බොත්තම් කාසය -

Kasa de Botao

06. සාක්කුව - Sacoo

07. මල්ල - Mala

08. ගාන්චුව- Gancho

 

මෙන්න මේ වගේ දේවල් නිසා අපේ සංස්කෘතිය වඩාත් විචිත්‍රවත් වී තිබෙනවා. ඔබ දන්නවාද තවත් කාරණාවක්.... මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට එන්නට පෙර යුරෝපීයයන් (පිරිමි) කලිසම වෙනුවට ඇන්දේ සාය බව හරිම පුදුමයි නේද?

දැන් ඉතින් මහන මැෂිමක උපාංග හඳුනා ගැනීමට පෙර කෙරෙන අවසන් දැනුවත් කිරීම වෙත යොමු වෙමු.

 

මැසීමේ යුග පරිණාමය

අතින් කරකවන මැෂිම, (කළු මැෂිම (පාගන) (අධිවේගී මැෂිම (මෝටර් යෙදූ)

පිහි තලය කතුර *එන්ඩ් කටර් මැෂිම

* කටින් මැෂිම

 

මේ විදිහට සංවර්ධනය වුණු මහන මැෂිම,‍ ඇඟලුම්වල අවශ්‍යතා අනුවත්, කාර්යක්ෂමතාව සඳහාත් විවිධාකාර ලෙස වෙනස් වෙමින් නිර්මාණය වී තිබෙනවා.

ඔබගේ අනාගත සිහිනය යථාර්ථයක් කර ගැනීමට නම් එම

මැෂින් වර්ග මොනවාද කියා අවබෝධ කරගෙන සිටීමත් හරිම වැදගත්.

 

01. නෝමල් ජුකී මැෂිම

02. ඉඳිකටු දෙක මැෂිම

03. නූල් 3 ඕවර්ලොක් මැෂිම

04. නූල් 4 ඕවර්ලොක් මැෂිම

05. නූල් 5 ඕවර් ලොක් මැෂිම

06. කන්සායි විශේෂ මැෂිම

07. ෆ්ලැට්ලොක් මැෂිම

08. බට්න් හෝල් මැෂිම

09. බට්න් ඇටෑචර් මැෂිම

10. බාටැග් මැෂිම

11. කටින් මැෂිම

12. ඉන්ඩ් කටර් මැෂිම

 

දෙවියනේ ගාමන්ට් එකක් පටන් ගන්න මේ තරම් මැෂින් ඕනෙද... ඒ තරම් දේවල් ගන්න තරම් සල්ලි කන්දරාවක් කොයින්ද...?

ඔබට එහෙමත් හිතෙනවා ඇති. කලබල වෙන්න එපා... අපි පියවරෙන් පියවර ඉදිරියට යමු.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්