වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
අපේ බලාපොරොත්තුව ඔලිම්පික්

අද අපි ඇවිත් ඉන්නේ ලෝකයම ජයගත් සූර වීර තරුණියන් පිරිසක් හමුවන්න. පිරිමින්ට පමණක් උරුමයි කියන ක්‍රීඩාවකින් දස්කම් පාන ඔවුන් දැන් අප ඉදිරියේ. මේ ශ්‍රී ලංකා ගු වන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමයි. දිනෙන් දින රන්, රිදී, ලෝකඩ පදක්කමින් රට බබළමින් ඉදිරියටම යන ඔවුන් 2025 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය දිනාගත්තේ රන් පදක්කම් 5ක් සමඟ රිදී පදක්කම් 2ක් එක්ක. ඔවුන්ගේ කතාවයි මේ.
කෝප්‍රල් හංසනී ගෝමස් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමේ නායිකාව. අද මේ කණ්ඩායම මෙලෙස ජයග්‍රාහී මාවතක ගමන් ගන්නේ ඇගේ නායකත්ව මඟ පෙන්වීමෙන්. හමුදාවටත් ගෞරවය ගෙන එන හංසනී සිය ජයග්‍රාහී හඬ අවදි කළේ මේ විදිහට.
“මම ගියේ වාද්දුව බාලිකා විද්‍යාලයට. ඒ කාලේ ඉඳලම මම ක්‍රීඩාවට දක්ෂයි. 2006 දී මම වෙයිට් ලිෆ්ටින් කරන්න පටන් ගත්තා.
2012 වර්ෂයේදී ගුවන් හමුදාවට බැඳුණා. ගුවන් හමුදාවට බැඳුණට පස්සේ පෙරටත් වඩා හොඳින් මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් වුණා.
මම සෙල්ලම් කරන්නේ කිලෝ 49 බර පන්තිය යටතේ. දැනට ලෝක ශූරතාවලි 5කට පමණ සහභාගී වෙලා තියෙනවා. 2024 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී 24 වැනි තැනට රෑන්ක් වෙලා තිබුණා.
2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම දිනාගත්තා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ බර ඉසිලීමේ ක්‍රීඩාවේ පළමු සහ දැනට පවතින එකම පදක්කම. ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනාගත් පළමු දකුණු ආසියානු රිදී පදක්කමත්, 2016/ 2017 පොදු රාජ්‍යය මණ්ඩල බර ඉසිලීමේ ශූරතාවලියේ ලෝකඩ පදක්කමත් දිනාගත්තා. ඒ අනුව ලෝක ශූරතාවලියකට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වීමේ භාග්‍යය මට හිමි වුණා.
කිලෝග්‍රෑම් 49 බර පන්තියේ ජාතික වාර්තාවල හිමිකාරීත්වයත් 2012 - 2025 දක්වා ආරක්ෂක සේවා තරගාවලිවල රන් පදක්කම් වගේම 2007-2024 දක්වා ජාතික ශූරිය සහ දක්ෂතම ක්‍රීඩිකාව වෙන්නත් මට අවස්ථාව ලැබුණා.”
කණ්ඩායම තරග ජයග්‍රහණ කරා ගෙන යන්න ලබා දුන් නායකත්වය ගැනත් මම ඇහුවා.
“අපේ කණ්ඩායමේ බර පන්ති 8කට දෙවන පෙළ ක්‍රීඩිකාවන් සමඟ ක්‍රීඩිකාවන් 16 දෙනෙක් ඉන්නවා. ලංකාවේ හොඳම ක්‍රීඩිකාවන් පිරිසක් ඉන්නෙ අපි ළඟ. ඒ නිසා ඉදිරියේදී බර ඉසිලීමේ ක්‍රීඩාව තුළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට රජ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි හැමෝම එකතු වෙලා හොඳින් පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.
ගල්ලෑල්ල පුහුණු මධ්‍යස්ථානයේ අපේ ප්‍රධාන පුහුණුවීම් කරන්නේ. ටොරින්ටන් ජාතික සංචිතයේදීත් පුහුණුවීම් කරනවා. ගුවන් හමුදාවෙන් දෙන සහයෝගය නිසයි අද අපි මේ තැන ඉන්නේ. මගේ එකම බලාපොරොත්තුව ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට පදක්කමක් ගේන එක.”
බර ඉසිලීමේ ක්‍රීඩාව ඒ කාලේ කාන්තාවන් අතර ප්‍රචලිත නොවුණාට දැන් කාන්තාවෝ තමයි වැඩි වශයෙන් මේ ක්‍රීඩාවේ දකින්නට ලැබෙන්නේ. මොකක්ද ඒකට හේතුව?
“මම මේ ක්‍රීඩාව ආරම්භ කරද්දි ගැහැනු ළමුන් මේ ක්‍රීඩාවට යොමු වෙලා තිබුණේ ඉතාම අඩුවෙන්. චින්තන විදානගේ අයියා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනද්දී, ඒක දැකලා ඒකට ආසාවෙන් තමයි මම මේ ක්‍රීඩාවට යොමු වුණේ. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළක පදක්කමක් ගන්න එක අපි වගේ පුංචි රටකට හීනයක් වෙලා තිබුණේ. මටත් ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. එතැනින් පස්සේ තව ගැහැනු ළමයි මේ ක්‍රීඩාවට යොමු වුණා. මොකද එයාලටත් විශ්වාසයක් ඇති වුණා මේ ක්‍රීඩාවෙන් කාන්තාවන්ටත් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉස්සර කතාවක් තිබ්බනේ ගැහැනු ළමයින්ට බර උස්සන්න හොඳ නැහැ කියලා. ඒ කතාවත් එක්ක තමයි ගැහැනු ළමයි මේ ක්‍රීඩාවට නොඑන්නේ. ලෝකය අප්ඩේට් වෙනවාත් එක්ක ඒ මතය දැන් වෙනස් වෙලා තියෙනවා.”
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමේ සාමාජික නායක ගුවන් කාන්තා මොහිදිං උමේරා ළඟ අපි නතර වුණා.
“මගේ ගම කුරුණෑගල. දැන් අවුරුදු 14ක් වෙනවා ගුවන් හමුදාවට සම්බන්ධ වෙලා. 2016 දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කමත්, 2013/2016 සිවුවැනි ස්ථානයත්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශූරතාවලියත්, 2010 සිට 2014 ජාතික මහා ක්‍රීඩා උලෙළේ රන් පදක්කමත්, 2014- 2025 ජාතික බර ඉසිලීමේ ශුරතාවලියෙන් රන් පදක්කමත්, 2015 - 2025 ආරක්ෂක සේවා තරගාවලියෙන් රන් පදක්කමත් දිනාගත්තා.”
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ ගුවන් කාන්තා නෙත්මි ක්‍රීඩිකාව ද නිරතුරුව ගුවන් හමුදාවටම ආලෝකයක් වූ ක්‍රීඩිකාවකි. ඈ පෑ දස්කම් ද මේ ක්‍රීඩාවටම ආදර්ශයකි.
මම ගුවන් කාන්තා නෙත්මි උදාරා. මගේ ගෙවල් කෑගල්ල. 2019 දකුණු ආසියාතික යෞවන තරගාවලියෙන් රන් පදක්කමත්, 2023 ජාතික මහා ක්‍රීඩා උලෙළෙන් ලෝකඩ පදක්කමත් 2025 ජාතික ක්‍රීඩා තරගාවලියෙන් රිදී පදක්කමත්, 2025 ජාතික ක්‍රීඩා කනිෂ්ඨ අංශයෙන් රන් පදක්කමත්, 2022 - 2023 ජාතික ක්‍රීඩා කනිෂ්ඨ - රිදී පදක්කමත්, ආරක්ෂක සේවා තරගාවලියෙන් රිදී පදක්කමත්, 2020 සිට 2023 ජාතික පාසල් තරගාවලියෙන් රන් පදක්කමත්, 2019 ජාතික පාසල් තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.
නායක ගුවන් කාන්තා දුලනි ගුරුගම ද රට රනින් බැබළ වූ ක්‍රීඩිකාවකි.
“මගේ ගෙවල් පොලොන්නරුව. ගුවන් හමුදාවට ඇවිල්ලා අවුරැදු 2යි. 2016 සිට 2022 පාසල් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත්තා. 2022 පාසල් සමස්ත ලංකා බර ඉසීලිම 20 පහළ කාන්තා දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න හැකි වුණා.
2020 සිට ජාතික මහා ක්‍රීඩා උලෙළේ ප්‍රථම ස්ථානයත්,
2021 උසබෙකිස්තානයේ පැවති ලෝක ශූරතාවලියට සහභාගී වීමටත් හැකි වුණා. 2023 ඉන්දීයාවෙදී පැවති පොදු රාජ්‍ය ශූරතාවලිය 20න් පහළ සිවුවැනි ස්ථානයත්
2017 සිට ජාතික ශූරතාවලියේ ප්‍රථම ස්ථනයත් 2024-2025 ආරක්ෂක සේවා ක්‍රීඩා උලෙළේ ප්‍රථම ස්ථානයත් දිනාගත්තා.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසලීමේ කණ්ඩායමේ සාමාජිකයින් ජයග්‍රහණ අතින් එකිනෙකාට නොදෙවෙනියි.
මම නායක ගුවන් කාන්තා දිලිනි ප්‍රේමරත්න. මගේ ගම කුරුණෑගල. ගුවන් හමුදාවට ඇවිල්ලා අවුරුදු 2 යි.
2016 - 2019 දක්වා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා රන් පදක්කම දිනා ගත්තා.
2022 - ජාතික බර ඉසිලීමේ ශූරතාවලියෙන් කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ රන් පදක්කම (45 බර පන්තිය) සහ කනිශ්ඨ දක්ෂතම ක්‍රීඩිකාව
2023 ජාතික මහා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමත්, 2023 - පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගී වෙන්න හැකියාවත් ලැබුණා. ඒ වගේම
2024 ජාතික මහා ක්‍රීඩා උලෙළ ලෝකඩ පදක්කමත්, 2025 ආරක්ෂක සේවා බර ඉසිලීමේ තරගාවලියෙන් රිදී පදක්කම සහ 45 බර පන්තියේ ස්නැච් ක්‍රමයට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට (Snatch 66) හැකි වුණා. 53 බර පන්තිය යටතේ 2025 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය රන් පදක්කමත් දිනා ගත්තා.
ගුවන් කාන්තා දේශානි මධුශිනී. ක්‍රීඩිකාවද දක්ෂතා පෙන්වූ ශූරියකි. වාරියපොළ පදිංචි ඇය ගුවන් හමුදාවට බැඳී තවම අවුරුද්දකි.
ඇය 2019 ආධුනික බර ඉසිලීමේ තරගාවලියෙන් රන් පදක්කම දිනා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රහණය ලබා ගත්තා. 2019 ජාතික ක්‍රීඩා කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියෙන් රිදී පදක්කමත්, 2022 ජාතික මහා ක්‍රීඩා උලෙළේදී රිදී පදක්කමත්, 2024 ජාතික මහා ක්‍රීඩා උලෙළ ලෝකඩ පදක්කමත්, 2025 ජාතික බර ඉසිලීමේ ශූරතාවලියෙන් රන් පදක්කමත්, 2025 ආරක්ෂක සේවා තරගාවලියෙන් රන් පදක්කමත් දිනාගෙන තිබෙනවා.
දැන් ඔබ හමුවේ හඬ අවදි කරන්නේ අලව්ව පදිංචි කෝප්‍රල් අෂිනි වික්‍රමසිංහ.
මම 2016 දකුණු ආසියානු ක්‍රීඩා රිදී පදක්කමත්, 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතා රිදී පදක්කමත්, 2010 සිට 2025 දක්වා ජාතික ශූරතා රන් පදක්කමත්, 2010 සිට 2025 දක්වා ජාතික ක්‍රීඩා උලෙළ රන් පදක්කමත්, 2010 සිට 2025 ආරක්ෂක සේව ක්‍රීඩා රන් පදක්කමත් දිනාගත්තා.
මගේ කණ්ඩායමේ හැමෝම හරි දක්ෂයි. ඒ ගමන යන්න අපිට ගුවන් හමුදාව ලොකු සහහෝගයක් දෙනවා. ඔවුන්ගේ සහයෝගය නැත්නම් අපිට මේ තරම් ජයග්‍රහණ ප්‍රමාණයක් ගෙන එන එක හීනයක්.
ඒ හඬ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසලීමේ කණ්ඩායමේ නායක කෝප්‍රල් හංසනී ගෝමස් ගෙනි.
මේ ජයග්‍රහණයන්ට සමස්ත ගුවන් හමුදාවම අපිට සහහෝගය ලබා දුන්නා. ඒ අය අතරින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පිරිසක් ඉන්නවා. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී.බී. එදිරිසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ නිලධාරීතුමන්, ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝ දිනේශ් ජයවීර නිලධාරීතුමන්, ලේකම් විංග්කමාන්ඩර් සංජීව නානායක්කාර නිලධාරීතුමන්, සහකාර ලේකම් ස්කොඩ්‍ර්න් ලීඩර් එස්.සී.ආර්.යාපා නිලධාරීතුමන්, ෆ්ලයිට් ලෙෆ්ටිනන් ගුවනි ගජනායක නිලධාරීතුමිය, කළමනාකරු බලලත් නිලධාරී සී.සී.ජයවික්‍රම, මෙතෙක් සිටි සියලු හමුදාපතිවරු ඇතුළු ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සියලුම නිලධාරීන් සහ බර ඉසිලීමේ සංචිතයේ සිටි සියලුම නිලධාරීන්ටද ස්තූතිවන්ත වෙනවා.
විශේෂ ස්තූතිය
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක
ගෲප් කැප්ටන්
එරන්ද ගීගනගේ මහතාට සහ
ගුවන් හමුදා මාධ්‍ය අංශයට
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල