වර්ෂ 2025 ක්වූ August 04 වැනිදා Monday
කාර්යක්ෂම ආලෝකකරණයෙන් විදුලි බිලට සහනයක්

විද්යුත් චුම්භක වර්ණාවලියේ ඇති දෘශ්‍ය කොටස ආලෝකයයි. ලංකාවේ විදුලි බලයෙන් සියයට 25ක් පමණ වැය වන්නේ ආලෝකයටයි. Peak hours හෙවත් හවස 6.30 සිට10.30 දක්වා කාලයේ වැඩිපුර විදුලිය වැය වන්නේත් ආලෝකකරණය සඳහායි. ගෘහස්ථ විදුලි බිලක සියයට 20ක් 30ක් පමණ වැය වන්නේ ද ආලෝකකරණය සඳහායි.
යමක පෙනීම ලබා ගන්නට ආලෝකකරණය අවශ්‍ය වේ. එසේම තවත් දේවල්වල පෙනුම ලබා ගන්නේ ආලෝකකරණයෙනි. උදාහරණයක් ලෙස හෝටලයක්, උද්‍යානයක්, අවන්හලක් වැනි තැන්වල ආලෝකය වැඩියෙන් භාවිත වේ. ඒ එම ස්ථානයේ පෙනුම වැඩි කරගන්නටයි. ආරක්ෂාව වෙනුවෙන්ම ආලෝකකරණය අවශ්‍ය නිසා විදුලි බල්බ දල්වයි.
ආලෝක ප්‍රභව
ප්‍රධානම ආලෝක ප්‍රභවය වන්නේ සූර්යාලෝකයයි. මෙය නොමිලේම ලැබෙන්නකි. ඉන් ලැබෙන තාපය ඉවත්කර කර ආලෝකය පමණක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා දුහුල් තිර රෙදි භාවිත කිරීම, Glaze windows දැමීම, Tinted stickers ඇලවීම වැනි දෑ කිරීමෙන් තාපය ඇතුළු නොවී ආලෝකය පමණක් නිවෙස ඇතුළට ගෙන දිය හැකියි.
සූත්‍රිකා බල්බ භාවිතය
මෙම බල්බ භාවිතය ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙමින් පවතී. මෙය සියයට 7ක් පමණ කාර්යක්ෂම වේ. සියයට 93ක් තාපය ලෙස දැවීයයි.
CFL බල්බ භාවිතය
මේ කොටස් දෙකක් ඇති අතර ප්‍රධානම අංගය වන්නේ ටියුබ් ලයිට්එකයි. බහුතරයක් ටියුබ් ලයිට් ද දැන් LED ලෙස පැමිණේ.
ටියුබ් ලයිට් මිලදී ගන්නා විට
ටියුබ් Light මිලදී ගන්නා විට ටියුබය සිහින් වන තරමට එහි කාර්යක්ෂමතාව වැඩි බව මතක තබා ගන්න අඩි හතරකට යුගයක් සඳහා වොට් හතළිහක් වැය වේ. ඉන් වොට් සීයක ආලෝකයක් ලබා දුන්නද වැය වන විදුලිය ප්‍රමාණය වොට් 40 සිට 28 දක්වා අඩුවේ. නමුත් ආලෝකය සමානය. අද වෙළෙඳපොළේ විවිධ විෂ්කම්භයන් සහිත ටියුබ් ලයිට් දක්නට ලැබෙන අතර එකම ආලෝකය නිකුත් කරන විවිධ වර්ගයේ ටියුබ් ලයිට්වල බලශක්ති ධාරිතාව වෙනස් වේ.
T5 සිහින් ටියුබය සඳහා වැය වන්නේ වොට් 26ක් පමණි. එම නිසා T5 ටියුබ් බල්බය මිලදී ගැනීම වඩා කාර්යක්ෂම ආලෝකයකට මග පාදයි.
CFL මිලදී ගැනීමේදී,
CFL විදුලි පහන්හි කාර්යක්ෂමතාව මත ප්‍රමිතිය ආයතනය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව බලශක්ති කාර්යක්ෂමතා ලේබලයක් හඳුන්වා දී ඇත. එම ලේබලයේ තරු ලකුණු පහක් දක්වා ඇති අතර තරු වැඩිවන තරමට කාර්යක්ෂමතාව වැඩිවේ. එම නිසා CFL මිලදී ගැනීමේදී ඉහත සඳහන් බලශක්ති ලේබලය ඇත්දැයි විමසිලිමත් වන්න. ලේබල් නොමැති CFL පහන් තොග පවත්වාගෙන යෑම සහ විකිණීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක්ද වේ.
LED බල්බ භාවිතය
මෙහි කාර්යක්ෂමතාව සියයට 85ක් 90ක් පමණ වේ. මේවා භාවිතයෙන් ඉවත් කළ විට පරිසරයට එතරම් අහිතකර බලපෑම් එල්ල නොකරයි.
LED මිලදී ගැනීමේදී,
LED සඳහා ද අවම බලශක්ති කාර්ය සාධන ලේබලයක් හඳුන්වා දී ඇත. LED බල්බ සඳහා මෙම ලේබලය තිබීම අනිවාර්යය අවශ්‍යතාවයක් වන අතර මෙම ලේබලය රහිත LED බල්බ ශ්‍රී ලංකාව තුළ විකිණීම තහනම් කර ඇත. බල්බයේ ආලෝක කාර්යක්ෂමතා අගය ලේබලයේ මධ්‍යයේ EFFICACY ලෙස සඳහන් කර ඇත. මෙම අගය වැඩිවන විට ඔබට වැඩි ආලෝකයක් මෙන්ම අඩු විදුලි බිලකටද මඟ පෑදෙනු ඇත.
පාඩම් කිරීමට ආලෝකය
රාත්‍රී කාලයට පාඩම් කිරීමට ආලෝකය ලූමන්ස් 250 - 300 අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඔබ පාඩම් කරන විට කාමරයේ සිවිලිමේ ඇති විදුලි පහන මඟින් එම ආලෝක ප්‍රමාණය ගැනීමට නම් වැඩි වොට් ප්‍රමාණයක විදුලි පහන් අවශ්‍ය වනු ඇත. නමුත් මේස විදුලි පහනක් භාවිත කිරීමෙන් මේසය මතට අවශ්‍ය ආලෝකය අඩු වොට් ප්‍රමාණයකින් ලබාගත හැකි වෙයි. මේ සඳහා ඉතා සුදුසු වොට් 5 ප්‍රමාණයේ යටිකුරු (Down light) LED පහන් වන අතර එම පහන් දැන් වෙළෙඳපොළේ සුලභව ඇත.
කාමරවල විදුලි බලය
නිවෙසක කෙතරම් කාමර තිබුණද නිතර විදුලි පහන් දැල්වෙන එක් කාමරයක් ඇත. එම කාමරය සඳහා අනිවාර්යයෙන්ම LED හෝ CFL පහනක් භාවිත කරන්න. කාමරයෙන් පිටවන අවස්ථාවේ එම විදුලි පහන, විදුලි පංකා හා වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක වේ නම් නිවා දමන්න.
අඩු විදුලි බිලක් සඳහා අඳුරේ සිටිය යුතු නැත. විදුලි උපකරණ භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතුද නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ අවශ්‍යතාව මත කාර්යක්ෂම විදුලි බලය භාවිත කිරීම පමණයි. අවශ්‍ය වන්නේ ඔබේ දැනුම්වත් බවයි.
උපදෙස්: සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ (සේවා සහ පර්යේෂණ)
ඉංජිනේරු
එස්.ජේ. ඇල්විටිගල