වර්ෂ 2025 ක්වූ August 04 වැනිදා Monday
ඇයත් සීතාවක්

මම අද කතන්දර දෙකක් එකට ගැට ගසමි. පසුගිය දිෙනක කුඹුරක දමා ගිය දියණිය ගැන යමක් ලියන්නට මම සිතමි. රාමායනයේ සීතා ද කුඹුරක හැර දමා ගිය දියණියකි. සීසාන ලද කුඹුරකින් හමු වූ නිසා ඇය සීතා නම් විය. විවිධ හේතු නිසා මිනිස්සු දරුවන් අත්හරිති. ඒවා බොහොමයක් සාමාජීය ආර්ථික හේතුන්ය.
අතීතයේ නම් මිථ්‍ය කතා, රාජ්‍යත්වය පිළිබඳ ප්‍රශ්න ඒ සඳහා බලපෑවේය. ඊඩිපස්ව ඔහුගේ මවුපියන් අත්හැර දැමුවේ ඩෙල්ෆි දේවාලයේ අනාවැකියක් නිසාය. සීතා අත්හැරියේ ඇයි දැයි ඉතිහාසය නොකියයි. ඇය පොළොවෙන් උපන් දියණියක් යැයි එම අාඛ්‍යානය කියන්නට උත්සාහ කරයි. අදද ඉන්දියාවේ දියණි කලලයන් ගබ්සාවට ලක් කරයි. එය පිටුපස මිථ්‍යාව මෙන්ම දියණියක විවාහ කර දීම, දායාද දීම වැනි අනේකවිධ සමාජ ප්‍රශ්න පවතී. අසූ ගණන්වල ලංකාවේ දුප්පත්, දරුවන් නෙදර්ලන්තය වැනි රටවලට දරුකමට විකුණනු ලැබීය. දයාසේන ගුණසිංහගේ “රන්තැටියක කඳුළු” නම් ප්‍රසිද්ධ කවට හේතුවන්නේ එම දුක්ඛිත සමාජ සංසිද්ධියයි. ඉතිහාසය කෙසේ වුවද දරුවන් මැරීම හෝ විසි කිරීම සමාජ බේදවාචකයකි.
ශිෂ්ටසම්පන්න සමාජයක් මෙය වැළැක්විය යුතුයි.
මෙවැනි සිදු වීමකදී බොහෝ විට බැණුම් අසන්නේ මවය. මවකට එසේ දරුවන් මහමඟ හැර යාමට සිදු වන්නේ දරුවාට ආරක්ෂාව දෙන්නට පියෙකු නොමැති නිසාය. ඇය අසරණ කර දමා ගිය පිරිමියා අල්ලන්නට පොලීසියෙන් නොයන්නේ ඇයි? එසේ අසරණ වූ තනි මවක් දරුවකු තනිවම හදා ගන්නේ කෙසේද? රජයෙන් කිසිදු සහනයක් නොලැබේ. ඇය දරුවා දමා රැකියාවක් කිරීමට යන්නේ කෙසේද? ඇය ජීවත් වන්නේ කෙසේද? සමාජය එවන් දරුවෙකුට මවකට කියන කතා කොතරම්ද?
මෙම ප්‍රශ්න විසඳිය හැක්කේ කෙසේද? පාසල් කාලයේම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුය. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ගැබ් නොගන්නට නම් කුමක් කළ යුතු දැයි ගැහැනු ළමයා දැන ගත යුතුය. දූෂණයකදී ඇති වූ කලලයක් ගබ්සා කිරීමට නීති සම්පාදනය විය යුතුය. දූෂකයින්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුය.
මේ කතාව පමණක් ගතහොත් සමාජයම බැණවැදුණේ අම්මා දරුවා කුඹුරේ දමාගියා යැයි කියමිනි. ඇත්ත කතාව නම් දරුවා දමා යන්නේ තාත්තාය. මෙම මවුපියන් අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වන ක්‍රම දන්නේ නැත. ඔවුන්ට මේ වෙලාවේ දරුවකු හැදීමට හැකියාව නැත.
ඇතැම් විට විවාහ වී නැත. ආර්ථික ශක්තිය නැත. එහෙත් ලිංගිකත්වය ඔවුන්ගේ අවශ්‍යතාවකි. එසේ නම් ඔවුන් දරුවන් නොහැදෙන්නට ජීවත්වන ආකාරය දැන සිටිය යුතුය. මෙම සිද්ධියේදී ඔවුන් එය දැන සිටියේ නැත.
එය ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයකි. ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු යැයි කීමට මීටත් වඩා උදාහරණ කුමටද? ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වන භික්ෂූන් මෙවැනි දරුවන් භාර ගැනීමට ස්ථාන සූදානම් කරනවාද? ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වන භික්ෂූන් මහණ වී සිටියාට අනෙකුත් සාමාන්‍ය මිනිසුන් මහණ වී නොමැති නිසා කනවා බොනවා මෙන්ම වැඩිහිටියන්ට ලිංගිකත්වය ද සාමාන්‍ය මානව අවශ්‍යතාවකි. එය කිසිවෙකුට හානියක් නොවන සේ සපුරා ගන්නේ කෙසේදැයි ඔවුන් දැනගත යුතුය.
දරුවන් මහමඟ දමා යාම යනු හුදෙක් ගැහැනුන්ගේ චර්යාව පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව සමාජය දැන ගත යුතුය.
සංජීවනී රූපසිංහ
ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය
කැලණිය විශ්වවිලය