විස්ම විශ්වය

අගෝස්තු 4, 2025

 කඳුකරයේ අයිස්මන්

"අයිස්මන්" ලෙස හඳුන්වන ඔට්සි, 1991 දී ඔස්ට්‍රියාව සහ ඉතාලිය අතර මායිමේ පිහිටි ඔට්ස්ටල් ඇල්ප්ස් කඳුකරයෙන් සොයා ගන්නා ලද ආසන්න වශයෙන් වසර 5,300ක් පැරණි ස්වාභාවික මමියකි.

1991 සැප්තැම්බර් මාසයේදී, ජර්මානු කඳු නඟින්නන් දෙදෙනක් ඇල්ප්ස් කඳුකරයේ අයිස්වලින් මතුවන ඔට්සිගේ සිරුර සොයා ගත්හ. අයිස් සහිත තත්ත්වයන් හේතුවෙන්, ඔහුගේ ශරීරය සහ දේපළ හොඳින් සංරක්ෂණය වී ඇති අතර, ඒවා අතීතයට අද්විතීය කවුළුවක් සපයයි. ඔට්සිගේ ස්වභාවය පිළිබඳ මෑතකාලීන විශ්ලේෂණයන් හෙළි කර ඇත්තේ ඔහුට අඳුරු සැහැල්ලු සමක්, දුඹුරු ඇස්, තට්ටය සමක් සහ හිසකෙස් ඇති බවටය. ඔට්සි ආසන්න වශයෙන් අඩි 5 අඟල් 10 (මීටර් 1.60) ක් උස සහ රාත්තල් 110 (කිලෝග්‍රෑම් 50) ක් පමණ බරින් යුක්ත විය. ඔහු ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳ ඇති අතර බඩවැල්වල පරපෝෂිතයන් සිටියේය. ඔහුගේ ආහාර වේලට රතු මුව මස් මෙන්ම ධාන්‍ය වර්ගද ඇතුළත් විය. ඔහුගේ හිසකෙස්වල තඹ සහ ආසනික් ඉහළ මට්ටමක තිබී ඇති අතර, එයින් හැඟවෙන්නේ ඔහු තඹ උණු කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවයි. ඔට්සි වයස අවුරුදු 45 දී ඔහුගේ වම් උරහිසට එල්ල වූ ඊතල තුවාලයකින් මියගිය බවත්, එයින් ඇඟවෙන්නේ ඔහු ඝාතනය කර ඇති බවයි. ඔට්සි පිළිබඳ අධ්‍යයනය තඹ යුගයේ මිනිසුන්ගේ ජීවිතය, සෞඛ්‍යය සහ තාක්ෂණය පිළිබඳ අගනා තොරතුරු සපයා ඇත. ඔහුගේ ශරීරය සහ දේපළ ඉතාලියේ බොල්සානෝහි දකුණු ටිරෝල් පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

 

----------------------

 රොක්ෆෝර්ට් චීස්

 

රොක්ෆෝර්ට් චීස් ලොව ඉස්තරම්ම නිල් චීස් වර්ගයකි. මෙම චීස්වල ඇති ඉස්තරම් බව නිසාම රොක්ෆෝර්ට් චීස් බොහෝ දෙනා හඳුන්වන්නේ "චීස්වල රජු" වශයෙනි.

රොක්ෆෝර්ට් නිල් චීස් නිපදවන්නේ දකුණු දිග ප්‍රංශයේ කොස් ඩු ලාර්සාක් නම් හුණුගල් සානුව මධ්‍යයේ පිහිටා ඇති රොක්ෆෝර්ට්-සර්-සෝල්සන් නම් කුඩා ගම්මානයේ ය.

හුනුගල් සානුවේ ඇති හුනුගල් ගු හා තුළ නිපදවෙන මෙම චීස් නිපදවීමට භාවිත කරන්නේ බැටළු කිරිය. ආර්ද්‍රතාව 90%ට වඩා ඉහළ මට්ටමක පවතින මෙම අඳුරු හුනුගල් ගු හා තුළ සියවස් ගණනක් පැරණි ක්‍රම අනුගමනය කරමින් රොක්ෆෝර්ට් නිල් චීස් නිපදවනු ලබයි.

 

රොක්ෆෝර්ට් චීස් හට එහි සුවිශේෂී රසය සහ නිල් පැහැය ලබා දෙන්නේ මෙම හුනුගල් ගුහා තුළ වාසය කරන පෙනිසිලියම් රොක්ෆෝර්ටි (Penicillium roqueforti) නම් දිලීරයක් විසිනි. බැටළු කිරිවලින් සෑදු මුදවාපු කිරි , චීස් අච්චු (mold)වලට දමා තැබීමෙන් ඒවා රවුම් චීස් රෝද බවට පත්

 

වෙයි. පසුව එම චීස් රෝද අච්චුවෙන් ගලවා සති හයත්, අටත් අතර කාලයක් මේ හුනුගල් ගුහාවල තබනු ලබයි.

මෙම හුනු ගල් ගුහාවේ වසරකට නිල් චීස් රෝද මිලියන 30ක් පමණ නිෂ්පාදනය කරනු ලබයි.

 

පුරාවෘත්තවලට අනුව නිල් චීස් සොයාගනු ලබන්නේ බැටළුවන් බලා ගන්නා තරුණයෙක් විසිනි. දිනක් ඔහු බැටළුවන් බලා කියා ගන්නා අතරේ ගුහාවක් අසලට වී දහවල් ආහාරය අනුභව කරමින් සිට ඇත. බැටළු කිරිවලින් සෑදු චීස් පෙත්තක් සහ පාන් අනුභව කරමින් සිටින විට ඈතින් සුන්දර තරුණියක් ගමන් කරනු දැක කෑම වේල ගුහාවේ පසෙක තැබූ ඔහු තරුණිය පසුපස ගොස් ඇත.

 

මාස ගණනාවකට පසු එම ස්ථානයට පැමිණි ඔහුට දැක ගත හැකි වූයේ අමතක වූ පැරණි දහවල් ආහාරයේ ඇති චීස් පෙත්ත නිල් පාට වී ඇති බවය. එය රස බැලීම පසුපස ඇත්තේ නිල් චීස් උපතේ පුරාවෘත්තයයි.

-----------------

හරි පුදුම දික්කසාද නීතිය

පින්තුරේ බලපු ගමන් නිකම්ම නිකම් ගොඩනැඟිල්ලක් වගේ පෙනුණට මේ කුඩා ගොඩනැඟිල්ලේ පිටිපස්සේ හරි අපූරු කතාවක් තියෙනවා. රුමේනියාවේ Biertan කියන පළාතේ දේවස්ථානයක තමයි මේ කුඩා ගොඩනැඟිල්ල තියෙන්නේ. මේ දේවස්ථානය 15 වැනි සියවසේ විතර ගොඩනගන ලද්දක්. ඒ කාලේ දික්කසාද වෙන්න ඉන්න අඹු සැමියන් බන්ධනාගාර ගත කරන්න එහෙම නැත්නම් කුඩූ කරලා තියන්න තමයි මේ ගොඩනැඟිල්ල පාවිච්චි කරලා තියෙන්නේ.

 

දික්කසාදයක් අපේක්ෂාවෙන් යුවළක් ප්‍රදේශයේ බිෂොප්වරයා වෙත පැමිණි විට උපරිම වශයෙන් සති දෙකේ ඉඳලා සති හයක් විතර කාලෙකට මේ ගොඩනැඟිල්ලේ කූඩු කරන එකයි කරන්නේ. දික්කසාද වෙන්න ඕනේ නම් අනිවාර්යය දඬුවමක් විදිහට මේ ගොඩනැඟිල්ලේ ඉඳලා එන්නම වෙනවා . මේ ගොඩනැඟිල්ලේ එක කාමරයක්, ඒ කාමරේ තනි ඇඳක්, එක කොට්ටයක්, එක බ්ලැන්කට්ටුවක් , එක හැන්දක් එක පිඟානක් වගේ හැම දේකම එකයිලු තියෙන්නේ. ඒ කාලෙට සෑහෙන්න කෑම බීම පොඩි ප්‍රමාණයක් දාපු පුංචි ගබඩා පෙට්ටියකුත් තියෙනවලු. උයාගෙන කාලා හැම දෙයක්ම බෙදා හදාගෙන තමයි ඉන්න වෙන්නේ.

 

දෙන්නා සමථයකට පත් වෙන්න කල් ගන්න ගන්න එළියට එන්න කල් ගත වෙනවා. එකෙන් තියෙන පාඩුව තමයි එළියට ආපුවම බඩගින්නේ ඉන්න වෙන එක. මොකද මේ ගොඩනැඟිල්ලේ කූඩු කරලා ඉන්න කාලේදී තමන් කරපු රස්සාව, ගොවිතැන අත්ඇරිලා යනවා. ශීත කාලෙත් එනවා. ප්‍රශ්න ගොඩයි.

 

ඇත්තටම මේ ක්‍රමය අනුගමනය කරලා තියෙන්නේ දික්කසාද වීම අධෛර්යවත් කරන්න. මෙම ක්‍රමය කොතරම් ප්‍රතිඵලදායකද කියනවා නම් අවුරුදු 300ක කාලයක් තුළ එම ප්‍රදේශයෙන් දික්කසාද වෙලා තියෙන්නේ එක යුවළක් කියලයි වාර්තා වෙන්නේ.