බබාට එන්නත් දෙන්න කාලෙත් හරි

ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳව මවක් දැනගත යුතු කරුණු
නොවැම්බර් 22, 2021

මුළු අවුරුද්ද තුළදී කිරිකැටි දරුවකු තම ජීවිතයේ වැදගත් ම ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩි ප්‍රමාණයක් ලබයි. මේනිසා මව්වරුන් වැඩිහිටියන් ඒ පිළිබඳ බෙහෙවින් ම උනන්දු යි.

හිරණ්‍යා චූටි දූ නිදා ඉන්න වෙලාවට ළදරු වර්ධන සටහන් පොත රැගෙන මුල සිට අගට හොඳ අවබෝධයකින් යුතුව කියවනවා. මෙහිදී ඇය වැඩි අවධානය යොමු කරන්නේ ප්‍රතිශක්ති එන්නත් ගැනයි. රෝහලේ දී B.C.G. එන්නත ලබාගත් පසු මාස 2, 4, 6 කාලවලදි වැඩිම රෝග ප්‍රමාණයක් ආවරණයවන ප්‍රතිශක්තිකරණ එන්නත් කිහිපය ලබාදීම සිදුවනවා.

මොකක් ද මේ ප්‍රතිශක්තිකරණය. අපට දැඩි ලෙස හානිකරන රෝගයක් බාහිර ලෝකයේ ඇත්නම් ඊට විරුද්ධව සටන් කළ හැකි පරිදි අවශ්‍ය ශක්තිය ලබාදීමයි. තවත් සරලව කියනවා නම් අපට විරුද්ධව සටන් කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් අවට පරිසරයේ සිටියි නම් ඔවුන්ට විරුද්ධව සටන් කළ හැකි හමුදා කණ්ඩායමක් ලෙස අප ශරීරය ඇතුළත සිටින්නේ ප්‍රතිදේහයි. එවිට අපට විරුද්ධව රෝගයක් පැමිණිය ද ශරීරය අපට නොදන්නවා ම ඔවුන් සමඟ සටන් කොට විසබීජ විනාශ කර දමයි. දැන් ඔබට හොඳින් ම වැටහේවි ප්‍රතිශක්තිකරණයේ ඇති දැඩි අවශ්‍යතාව.

ප්‍රතිශක්තිකරණය යන වදනෙන් ම එය අරුත් ගන්වයි. එනම් ඔබේ ඇති ශක්තියට අමතර ශක්තියක් ලබා ඔබ වෙත ලබාදීමයි. මෙය බොහෝවිට එන්නත්, දියර, පෙති, කරල් ලෙස ද අපට ලබාගතහැකියි. මෙහි ඇති සාර්ථකත්වය රඳා පවතින්නේ මෙම රෝගයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීමත් එයින් ඇතිවන අතුරු ආබාධ නිරන්තරයෙන් සොයා බැලීමත් (Clinical Report), ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමෙන් මහඟු ප්‍රතිඵල නෙළාගත හැකියි. ඒ වෙනුවෙන්මයි මේ ලිපිය ඔබ වෙත තිළිණ කරන්නේ.

ප්‍රතිශක්තිකරණ ක්‍රියාව සක්‍රීයව හා අක්‍රීයව යන දෙවිදියකට ඔබට ලබාදිය හැකිය. ප්‍රතිශක්තිය ලබාදෙන, ප්‍රතිශක්තිය නසනලද විසබීජ (මර්දනය කරන ලද විසබීජ) විවිධ විසබීජවලින් නිකුත් කරනලද විස උපයෝගි කරන ලද (toxide) හෝ විසබීජයේ ප්‍රතිදේහ ජනකයේ කොටසක් පාවිච්චි කර නිපදවන ලද subunit vaccine මඟින් ලබාදිය හැකියි. බොහෝ එන්නත් රුධිර තරලයේ ඇති Ime ප්‍රතිදේහ උත්තේජනය කිරීම මඟින් ප්‍රතිශක්තිකරණ හැකියාව ඇති කරයි. සමහර එන්නත් වර්ග උදාහරණයක් ලෙස පෝලියෝ, රුබෙල්ලා ද ඇතුළුව Iea උත්තේජනය කරයි.

අක්‍රිය ප්‍රතිශක්තිය

මොකක්ද මේ අක්‍රිය ප්‍රතිශක්තිකරණය විශේෂයෙන් හෙපටයිටිස් බී, ඉමියුනෝග්ලොබින් සොස්ටර් ඉමියුනෝ ගොබිලිනිත් ප්‍රතිදේහ ලබා දීමෙන් ඇති කෙරේ. ඉතා කෙටි කලකින් ලබාදිය හැකි ප්‍රතිශක්තිය සීමිත කාලයක් සඳහා සීමා වේ. නවජාත පිටගැස්ම ප්‍රථමව වළක්වා ගැනීමට මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රමයෙන් විශාල පිටිවහලක් ලැබේ. මේ පිළිබඳ සැලකිලිමත් නොවී ඇතැම් මව්වරු තම බිලිඳා ගැන පසුව කනගාටු වේ.

ශ්‍රී ලංකාවේ රෝහල්වලින් සාමාන්‍යයෙන් දරුවා ලැබුණු පසු රෝහලෙන් නික්ම යෑමට පෙර දීමට සලස්වනු ලබයි. උපන් අවස්ථාවේ නිරෝගී පෙනුමෙන් සිටි දරුවා නිවෙසට ගොස් දිනක් හෝ දෙකකින් රෝග ලක්ෂණ පෙන්වනු ලබයි. බොහෝ පිටිසරබද ප්‍රදේශවල මව්වරු කරනුයේ බබාගේ කේන්දරයබැලීමට දිවයෑමයි. නැතිනම් යාගහෝම කිරීමට පෙලඹීමයි. නැතිනම් තමන් සමඟ අමනාපෙන් සිටි අයකුට වැලේවැල් නැතිව සාප කිරීමයි.

සරම්ප, රුබෙල්ලා (ජර්මන් සරම්ප), ජැපනීස් එන්සෆලයිටීස් වැනි වසංගත රෝගවලින් වැළකීමට ප්‍රතිශක්තිකරණ එන්නත් කලට වේලාවට ලබාදීමෙන් හැකිවේ. මින් ඔබගේත් බිලිඳාගේතේ ජීවිතවලට එල්ලවන තර්ජන අවම වේ.

ලබන සතියේ

ප්‍රතිශක්තිකරණය පිළිබඳ තවත් දැනුවත් වෙමු