තරුණි අභිමානය

මාර්තු 6, 2023

 

කාන්තා දිනය ලෝකවාසී සෑම කාන්තාවකටම වැදගත් දිනයකි. විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාව සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය අගය කළ යුතු වෙයි. ඇය අපගේ සංස්කෘතිය හා බැඳී පවතින සීමාවන් වටහා ගනිමින් දිරිමත් කාන්තාවන් ලෙස ඉදිරියට පැමිණීම යුගයේ කාලීන අවශ්‍යතාවය වී තිබේ.

 

මහාචාර්ය කුසුමා කරුණාරත්න

---------------------------

වසරේ සෑම දිනයක්ම කාන්තාවගේ දිනයකි. එය එක් දිනයකට සීමා කළ නොහැකිවෙයි. කාන්තාවන් ලෙස අප සෑමවිටම එම ගෞරවය රැක ගනිමින් අපගේ අභිමානය ලොවට පෙන්වීමට කැපවිය යුතු වෙයි. එවිට අපට ද ලෝකයේ කිසි ගෞරවය හා නිසි තැන හිමිවෙයි.

හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා

-----------------------

වසරේ සෑම දිනයක්ම කාන්තාවගේ දිනයකි. එය එක් දිනයකට සීමා කළ නොහැකිවෙයි. කාන්තාවන් ලෙස අප සෑමවිටම එම ගෞරවය රැක ගනිමින් අපගේ අභිමානය ලොවට පෙන්වීමට කැපවිය යුතු වෙයි. එවිට අපට ද ලෝකයේ කිසි ගෞරවය හා නිසි තැන හිමිවෙයි.

ඔඩෙල් ආයතනයේ නිර්මාතෘ,

ඔටාරා ගුණවර්ධන

----------------------

කාන්තාවන්ගේ සෑම ප්‍රශ්නයකට පිළිතුරු හා විසුඳුම් බුදු දහම තුළ හොඳින් කියා දෙයි. බුදු දහමේ කියාදෙන ආර්යෂ්ඨාංගික මාර්ගය හැසිරෙන ඕනෑම කාන්තාවකට මේ ලෝකයේ යහපත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී

දීපිකා ගුණසේකර.

------------------------------

ඕනෑම ක්ෂේත්‍රයක කාන්තාවන් තම ප්‍රශ්න ලෝකය ඉදිරියට ගෙන යෑමට හැකියාව තිබිය යුතු වේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් එම කටයුත්තට මා උපරිම අයුරින් දායක විය. එලෙසින් සෑම කාන්තාවක්ම සෑම විටම අරගල කළ යුත්තේ පැහැදිළි අරමුණින් යුතුව එම ප්‍රශ්න සඳහා අරගල කිරීමය.

 

 

මහාචාර්ය

අජන්තා හපුආරච්චි

---------------------

කාන්තාව සෑම විටම ශක්තිමත් විය යුතුය. එසේම ඇයට ප්‍රබල ආත්ම ශක්තියක් වෙයි. එය වර්ධනය කරමින් ලෝකය ජය ගැනීමට සෑම විටම උත්සහ කළ යුතු වෙයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අනුල ද සිල්වා

---------------------

ඕනෑම රැකියාවකට වටිනාකමක් තිබේ.තමා කරන කුමන රැකියාව වුවත් එය ආසාවෙන් උනන්දුවෙන් කැපවීමෙන් කළොත් එයින් ලැබෙන සතුට අප ලබන වැටුපට වඩා සිය ගුණයකි.

 

කොළඹ නගරය ලස්සන කරන දිනුකා

-------------------------

පවුල නමැති ඒකකයේ සිට මහ සමාජය දක්වාම ඉහළ පුටුවල වඩාත්ම බැබළෙන ඇය තීරණාත්මක චරිතයකි. ඇගෙන් ගත යුතු පාඩම අන් අයට බොහෝ සේ වටීවි.

 

කාන්තා කාර්යාංශයේ සභාපතිනි

චම්පා උපසේන

 

--------------------

ලෝකය ජය ගන්න ඕනෑම කාන්තාවකට පුළුවනි. එයට අවශ්‍ය වන්නේ තමාගේ කැපවීම, අධිෂ්ඨානය සහ උත්සාහය පමණි. තමන්ගේ රැකියාව හෝ වෙනත් කිසිවක් සීමා මායිම් ඊට බලනොපායි.

 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු

-----------------------

ස්වාධීනව තමුන්ගේ ව්‍යාපාරයක් කිරීම හිතට නිදහසකි.එයින් ලබන ආත්ම තෘප්තිය රැකියාවක් කිරීමට වඩා වෙනස්ම අත්දැකීමකි.රැකියාවක් සොයමින් ළතැවෙනවා ට වඩා ස්වයං රැකියාවක් කිරීමෙන් දිගු ගමනකට මඟ පෑදෙයි.

 

කොළඹ කැලෑ පොළේ නිසංසලා

------------------

විවාහයෙන් හෝ බැඳිම්වලින් තනිවුණු ගැහැනිය ආසියාතික රටවල දරුණු ලෙස අසරණ වෙනවා. දරුවෙක් සමඟ තනිවද්දී සමාජයෙන් එල්ලවන ගැරහුම් එමටයි. මෙහිදී තමා තමාටම අතහැරීමෙන් වන්නේ කඩා වැටීමයි. අරමුණු කරා යෑමට නම් ඔබ ඔබවම අතහරින්න එපා.

ප්‍රවීණ ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනි

දිලිනි හල්විටිගල