සිත හඳුනා ගත් විට ලෝකය හඳුනාගැනීම පහසු වෙයි

අගෝස්තු 21, 2019

මේ ලෝකයෙහි සිත තරම් අපූර්වජනක වූ ද විස්මිත වූ ද වෙනත් කිසිම වස්තුවක් නොමැත්තේය. බුදුන් වහන්සේ ද බොහෝ අවස්ථාවල සිතේ පවතින එම අපූර්වත්වය හා විස්මිතබව පිළිබඳ දේශනා කළහ.

ලෝකය ක්‍රියාත්මක වන්නේ ලෝක නියාමන පරිණාමයට අනුවය. ලෝකයේ ජීවත්වන මිනිසා හා සම්බන්ධ වන චිත්තය ක්‍රියාමත්මක වන්නේ මිනිසාගේ අභිමතයට අනුව නොව චිත්ත නියාම ධර්මතාවයට අනුවය. චිත්ත නියාමයට අනුව ක්‍රියාත්මක වන සිත මිනිසා විවිධ අංශ කරා රැගෙන යයි.

මනුෂ්‍යා වාසය කරන ලෝකයෙහි විවිධ බලශක්ති ඇත. ලෝකය පවතින්නේ ද එක්තරා සුවිශේෂ වූ බලශක්තියක් මතය. සූර්යයා ඇතුළු සකල විධ ග්‍රහලෝක පවතින්නේ ඒ ඒ ග්‍රහ වස්තුවලට ආවේණික වූ බල ශක්තියක් මත පිහිටාය. මේ සියලුම බල ශක්තීන්ට වඩා වැඩි බලයක් ඇත්තේ සිතටය. මේ නිසා සියලුම බල ශක්තීන් අතර චිත්ත බලය වැඩිය.

පින්වතුනි, ඔබ ඔබගේ මනසෙහි ඇති ශක්තිය කලඑළි දක්වා ගැනීමට උත්සාහ ගත යුතුය. එසේ නොවුණහොත් මනස හෙවත් සිත සදාකල් නිද්‍රෝපගතව සිටී. එය එසේ වනුයේ අවශ්‍ය ක්‍රියාකාරීත්වය නොමැති වීම හේතුවෙනි. එබැවින් සැඟවී ඇති මානසික ශක්තිය හඳුනාගෙන ඔබ විසින්ම එය ගොඩනඟා ගත යුතුයි.

සිතට බාහිර උපද්‍රව ගලා එන්නට පටන් ගත් විට එය දුර්වල තත්ත්වයට පත්වේ. ඒ අනුව මානසික තත්ත්වය ද ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගනී.

පින්වතුනි, සිත දුර්වල තත්ත්වයට පත්වන්නේ කුමක් නිසාදැයි ඔබ දැන සිටිය යුතුය.

  •  සිතට අරමුණ වන අරමුණක සැබෑ තත්ත්වය වසන් කරන මෝහය හෙවත් මුළාව
  •  පාපාදි ළාමක දේවල් පිළිකුල් නොකරන හෙවත් ලැජ්ජා නැතිකම
  •  සිතෙහි සැලෙන ස්වභාවය හෙවත් උඩඟු බව ඇති වීම
  •  ආශ්වාදනීය අන්දමින් අරමුණෙහි ඇලෙන ලෝභය
  •  සිතට අරමුණු වූ අරමුණු කෙරෙහි වරදවා දකින දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීම (ප්‍රඥාවෙන් තොරව කටයුතු කිරීම)
  •  අනුන් පහත් කොට සලකා තමන් උසස් කොට සලකන මානය හෙවත් මාන්නය
  •  

 

 

අනුශාසනාව
රාජ්‍ය බෞද්ධ මාධ්‍ය උපදේශක
ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය
කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ