පන්සිල් සුරකිමින්

සිත පාලනය කර ගනිමු
අගෝස්තු 28, 2019

 

භව චක්‍රය නොඑසේ නම් සංසාර ගමන ඇති වන්නේ තෘෂ්ණාව නිසාවෙනි. බුද්ධ දේශනාව තුළ මේ තෘෂ්ණාව නැති කිරිමේ මඟ කියාපායි. ලොව්තුරා අමා මෑණී බුදුපියාණන්ගේ දේශනාවේ ආරම්භය කල්‍යාණය. මධ්‍යස්ථය ද එසේය. දේශනාවසානය යහපත්ය.

සියල්ල අර්ථ සහිතය. පාරිශුද්ධය. මේ දහම තුළ ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ චර්යයා ධර්මය භාවනාවයි.

 

මිනිසත් බව ලැබූ ඔබ සිත වර්ධනය කර ගැනීම මැනැවින් වටී. කෙලෙස් දවා තම සිත සන්සුන් කර ගන්නා ජීවිත සැනසුම ද නිසැකවම අත්පත් කර ගනි. ඔවුනට මතු භාවනාවෙන් සිත එකලස් කරගෙන ප්‍රඥාභිවර්ධනයෙන් නිවනට යා හැකියි.

පින්වතුනි, පුද්ගලයාට උසස් මිනිස් ජීවිතයක් ගත කිරිමට නම් ඔහුගේ චිත්ත පාරිශුද්ධියක් තිබිය යුතුය. එනම් සිතේ පිරිසුදු බවක් අවශ්‍යය.

සිතේ පිරිසුදුකම හෙවත් පාරිශුද්ධිය ඇතිකර ගැනීමට නම් සිත කිලිටි කරන ක්ලේශ ධර්මයන් යටපත් කළ යුතු වෙයි. වැරැදි වැඩ නොකර, අයහපතෙහි නොපිහිටා, අකුසලයන්ගෙන් ඈත්ව සිටිය යුතු වෙයි. කුසල කර්මයන් කෙරෙහිම සිත යොමු කළ යුතු වන්නේය.

2019/08/28 තරුණි බලන්න

 

අනුශාසනාව

ශාස්ත්‍රවේදී 
දළුගම

සමිත ඥාන ස්වාමීන් වහන්සේ