අකාලයේ මරණය ඉක්මන් කරන සංකූලතා මොනවාද?

දෙසැම්බර් 2, 2020

කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි වූවන්ට ගිලන් රථ සේවය සඳහා 0113422557 අමතන්නට ද පුළුවන්.

 

* නිරෝධායනය වී සිටින දියවැඩියා රෝගියකුට පහත රෝග ලක්ෂණ තිබෙනවා නම් නොපමාව පහත සඳහන් දුරකථන අංකයකට අමතන්න. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට දැනුම් දෙන්න.

 

රුධිරගත සීනි මට්ටම අඩුවීම නිසා

 

* ක්ලාන්තය, අධික දහදිය දැමීම, මානසික ව්‍යාකූලත්වය, වලිප්පුව වැනි ලකුණු ඇතිවන්න පුළුවන්.

 

* රුධිරගත සීනි මට්ටම වැඩිවීම නිසා උදර වේදනාව, ඔක්කාරය හා වමනය, සීනි මඳ ගතිය ඇතිවන්න පුළුවන්.

 

*පෙර නොතිබුණු අසාමාන්‍ය පපුවේ සිරවීමක්, හුස්ම ගැනීමේ අපහසුතාවක් හට ගත්තොත් එය අනතුරුදායකයි.

මේ සෑම විටකම සුවසැරිය දුරකථන අංකය - 1999

0117966366 සුවසැරිය ගිලන් රථ සේවාව අමතන්න.

 

 

කෝවිඩ් - 19 මරණ සමඟ නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් රෝගියා පීඩා විඳීමින් සිටකිසියම් බෝ නොවන රෝගයක/නිදන්ගත රෝගයක සංකූලතා ඇති වී රෝගය උත්සන්නවී රෝගියා මිය ගොස් තිබෙන බවයි.

නිදන්ගත රෝගයකින් පීඩා විඳීිම පහසුවෙන්ම බෝ වන රෝගයකට ගොදුරු වීමට හේතු වෙනවා. එපමණක් නොව නිසි ලෙස නිදන්ගත රෝගය පාලනය නොකළොත් කෝවිඩ් - 19 වැලඳුණොත් සංකූලතා ඇතිවී රෝගය උත්සන්නවී මියයාමට තිබෙන ඉඩකඩ වැඩිවෙනවා. ලංකාචේ පස් දෙනකුගෙන් එක් අයකු අකාලයේ මියයන්නේ බෝ නොවන රෝගයකින්.

කෝවිඩ් - 19 වසංගතය සමඟ ලංකාවේ වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඒ නිසා අන් කවර කාලයකටත් වඩා අපේ වැඩිහිට්යන්ට තමන් පීඩා විඳීන රෝග තත්ත්වය පාලනය කිරීම ගැන අවධානය යොමු කිරීමට සිදුවෙලා. ගෘහණිය ද ඔවුන් පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. කෝවිඩ් - 19 වැලඳුණොත් බෝ නොවන රෝග නිසා ඇතිවන සංකූලතා ඉහළ යනවා. එයම මරණය කැන්දන හේතුවක්.

මොනවද මේ මරණය ඉක්මන් කරන සංකූලතා?

දියවැඩියාව

දියවැඩියාව දිගු කලක් දිගින් දිගටම පැවතීම මඟින් ක්‍රමක්‍රමයෙන් සංකූලතා ඇතිවනවා. ඖෂධ මඟින් දියවැඩියාව පාලනය නොකළොත් සංකූලතා හටගැනීමේ අවදානම ඉතාමත්ම ඉහළයි. මේ සංකූලතා ජීවිතයට තර්ජනයක්.

හෘද රෝග සහ ආඝාතය

හෘද නාළ සම්බන්ධ රෝග, හෘදයාබාධ, හෘද නාළ පටුවීම සහ ආඝාතය දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකුලතාවන්ගෙන් කිහිපයක්.

දියවැඩියාව නිසා හෘද රෝග ඇති විය හැකි බව වැඩි දෙනෙක් දන්නේ නැහැ.

වැඩිපුර සිරුරේ සීනි ඇතිවිට නහරවලට පෝෂණය ලබාදෙන සියුම් රුධිර නාළවලට තුවාල සිදුවෙනවා. විශේෂයෙන් පාදවල නහර පෝෂණය කරන රුධිර නාළවල ස්නායුවලට මෙය බලපානවා. මෙවිට ඇඟිලි තුඩු අග හිරිවැටීම, ඉඳිකටු අනිනවාක් මෙන් දැනීම, දැවිල්ලක්, වේදනාවක් දැනීම වැනි ලක්ෂණ ඇතිවෙනවා. ක්‍රමයෙන් මේ ලකුණු දෙපයේ ඉහළට ද පැතිරෙනවා. වකුගඩුවලට හානිවීම - දියවැඩියාවෙන් වකුගඩුවල මිලියන ගණනින් ඇති රුධිර වාහිනී පොකුරුවලට හානි සිදුවෙනවා. සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියට ඉන් තදබල ලෙසින් හානිවී වකුගඩු අකර්මණ්‍ය වීමට මඟ පෑදෙනවා. සමහරුන්ගේ වකුගඩු යථා තත්ත්වයට පත් වන්නේ නැති නිසා වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දු පෙරණය කිරීමට සිදුවෙනවා.

ඇස්වලට, සමට, කන්වලට හානිකර බලපෑම් ඇති වුණත් විෂාදය, ඇල්ෂයිමර් වැනි රෝග තත්ත්ව ඇතිවුණත් ජීවිතයට හානිකර තත්ත්වයන් නෙවෙයි. එහෙත් හදවතට, වකුගඩුවලට, රුධිර නාළවලට වන අහිතකර බලපෑම කෝවිඩ් - 19 වැලඳුණොත් දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්.

හදවත් රෝගවල සංකූලතා

හදවත් රෝග විවිධාකාරයි. හෘද නාළවල රෝග, හදවත ගැහෙන රිද්මයේ ගැටලු, සංජානීය හෙවත් උපතින් ඇතිවන හෘදයාබාධ ආදී වශයෙන් විවිධ ගැටලු හදවත ආශ්‍රිතව ඇතිවනවා.

හදවත අකර්මණ්‍ය වීම හදවත් රෝග නිසා සුලබවම ඇතිවන සංකූලතාවයි. හෘදයාබාධ, ආඝාතය, මාරාන්තික අභ්‍යන්තර රුධිර වහනය, හදිසියේම අනපේක්ෂිත ලෙස හෘද ක්‍රියාකාරිත්වය නතරවීම අනෙකුත් බරපතළ සංකුලතායි.

 

කෝවිඩ් - 19 වැලඳීමෙන් මෙවන් සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ යනවා.

අධික රුධිර පීඩනය

රුධිර නාළ බිත්ති මත දිගින් දිගටම අමතර පීඩනයක් එල්ල වීමෙන් හෘදයාබාධ, ආඝාතය, රුධිර නාළ දුබල වී රුධිර වහන තත්ත්වයක් ඇතිවීම, හෘදය අකර්මණ්‍ය වීම, වකුගඩුවල රුධිර නාළ පටුවී දුර්වල වීම ජීවිතයට අනතුරුදායක විය හැකි සංකූලතාය. මීට අමතරව ඩිමෙන්ෂියා, පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ( ඉණෙහි ප්‍රමාණය වැඩිවීම, අහිතකර කොලෙස්ටරෝල් මට්ටම, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම, රුධිරයේ සීනි මට්ටම වැඩිවීම, අධික රුධිර පීඩනය වැඩිවීම වැනි තත්ත්වයන් ගණනාවක්ම මේ නිසා ඇතිවෙයි.) වැනි සංකූලතා හටගන්නවා.

ඇදුම වැනි ස්වසන රෝග

ඇදුම පාලනය නොකළොත් ජීවිතයට තර්ජනයක් විය හැකි ඇස්මා ඇටෑක් නම් තත්ත්වය ඇතිවීමට පුළුවන්. නිදන්ගත අවහිරකාරී පුප්ඵුසීය රෝගය හෙවත් අද කාලයේ සුලබ ඛ්ර්‍ණර්‍ථච්නම් පෙණහලු රෝගය ඇති අයට කෝවිඩ් - 19 වැනි වසංගත වැලඳුණොත් බරපතළ ලෙස රෝගය උත්සන්න විය හැකිය. ඇදුම රෝගය පාලනය නොකළොත් දුම්පානයට / අක්‍රීය දුම්පානයට ගොදුරු වුණොත් වැලඳෙන්න පුළුවන්. ඛ්ර්‍ණර්‍ථච් නිසා සංකූලතා රැසක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. මේ අයට නව කොරෝනා වෛරසය පමණක් නොව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියා වැනි ඕනෑම ස්වසන රෝගයක් පහසුවෙන් වැලඳෙනවා. හෘද රෝග, පෙණහලු පිළිකා , පෙණහලුවලට රුධිරය සපයන රුධිර නාළවල රුධිර පීඩනය ඉහළ යාම, විෂාදය වැනි සංකූලතා ඇතිවෙනවා.

පිළිකා රෝග නිසා ප්‍රතිශක්තිය දුර්වල වන නිසා කෝවිඩ් - 19 වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවී සිටීම වැදගත්.

නිදන්ගත වකුගඩු රෝග

දැන් කාලයේ නිදන්ගත වකුගඩු රෝග සුලබයි. දිගින් දිගටම වකුගඩු ආබාධයකින් පීඩා විඳීනවා නම්, සංකුලතා රැසක් ඇති වන්න පුළුවන්. ඒ අතර ජීවිතයට තර්ජනයක් වන සංකූලතා ද තිබෙනවා. රෝගය නිසා එක්වර රුධිරයේ පොටෑසියම් මට්ටම වැඩි වුණොත් හෘදයේ ක්‍රියාකාරිත්වය අඩාල වෙනවා. අධික රුධිර පීඩනය ඇති වෙනවා. ප්‍රතිශක්තිය අඩුවී කෝවිඩ් - 19 වැනි වසංගත පහසුවෙන් වැලඳෙනවා. හදවත වටා ඇති තුනී සිවිය ප්‍රදාහයට පත් වෙනවා. රක්තහීනතාව ඇතිවෙනවා. පෙණහලුවල තරල පිරෙනවා.

සංකූලතා අවමකර ගැනීමට නම් මෙවැනි රෝග නිසි කලට නිසි මාත්‍රාවට නියමිත වාර ගණනට ඖෂධ ගෙන පාලනය කිරීම වැදගත්. රෝග ලක්ෂණ උත්සන්න වන විට එවැනි තත්ත්ව හඳුනා ගැනීම ද වැදගත්.

 

 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය