වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
තෙබු, දියවැඩියාවට හොඳයි ද ?

මලබද්ධය, කැස්ස, උණ සමනය කිරීමේ විශේෂ හැකියාවක් මේ කොළවල තිෙයනවා..
තෙබු කොළ කියන්නේ ගමට වගේම නගරයටත් හුරු පලා වර්ගයක්.
තෙබු කොළ පලා වර්ගයක් වගේම ඖෂධයකුත් වෙනව ආයූර්වේද වෛද්‍ය විද්‍යවේදී.
මේවා ඇතැම් ප්‍රදේශයවල 'කොබු' යන නාමයෙන්ද හඳුන්වනු ලබනවා.
හරි අපි බලමු තෙබු කොළ වලින් අපිට ලැබෙන්නේ මොනවද කියලා..
පළමුවෙන්ම කියන්න ඕනේ මේ තෙබු කොළ දියවැඩියාව පාලනය කරන දිව ඔසුවක්!
ඊට අමතරව:-
- සෙම් පිත් රෝග සමනය කරයි.
- පණු රෝග සදහා සුදුසුයි.
- ශරීරය සිසිල් කරයි.
- චර්ම රෝග සුව කරයි.
- හෘදයටත් , අක්මාවටත් හිත කරයි.
- මානසික ආතතියට මෙන්ම කොලෙස්ටරෝල් මට්ටමද පහත හෙළීමේ බලයක් මේ කොළවලට තියනවා.
තෙබු කොළ වගේම තෙබු අලයද ගුණදායක බව පැවසෙනවා .
තෙබු අලය වෑංජනයක් ලෙසත් ඖෂධයක් ලෙසත් ගන්නවා. මලබද්ධය, කැස්ස උණ සමනය කිරීමේ විශේෂ හැකියාවක් මේ කොළවල තියනවා. මෙම පලා වර්ගය ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.
තෙබු කොළ 100gක ඇති ගුණය බලමු..
ප්‍රෝටීන 19%
කාබෝහයිඩ්‍රේට් 44%
මේදය 4%
ආහාරමය තන්තු 12%
කැල්සියම් 2%
මැග්නීසියම් .2%
සෝඩියම් .2%
පොටෑසියම් .1%
විටමින් මිලිග්‍රෑම් 22.5
කොහොමද මේ තෙබු කොළ කෑමට හදාගන්නෙ..??
මෙය මැල්ලුම් ලෙසද සලාද ලෙසද වෑංජන ලෙසද ආහාරයට ගන්න පුළුවනි.
හැබැයි..ඕනම දෙයක් ඕනවට වඩා ඕනේම නෑනේ නේද?
මේවා සතියට දෙතුන් පාරක් ආහාරයට එක් කරගත්තාම ඇති.
තෙබු ඔබේ ගෙවත්තේ මල් පෝච්ච්යක වුවද පහසුවෙන් වගා කරගත හැකියි.
රුවැති ගුණති තෙබු ඔබේ ගෙවත්තේද පැළ කරගැනීමට උත්සාහ කරන්න.