Belly dancing සමඟ සුම්බා

ජූලි 28, 2025

අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක තමන්ගේ නීරෝගි බව ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ලෙඩ වෙලා බෙහෙත් ගන්නවාට වඩා ලෙඩක් ඇති වෙන්න කලින්ම එයින් බේරන්න ක්‍රමයක් තියෙනවානම් කෙතරම් දෙයක්ද. ව්‍යායාම කියන්නෙත් ඒ විදිහේ ක්‍රමයක්.

හැබැයි ව්‍යායාම මඟින් නීරෝගි වෙනවා විතරක් නෙවෙයි හැඩැති රූ සපුවකටත් හිමිකම් කියන්න අවස්ථාව ලැබෙනවා. Zumba කියන්නෙත් නර්තනය මුසු වුණු ව්‍යායාම රටාවක්. ඉතින් අද අපි කියලා දෙන්නේ Zumba සමඟ මිශ්‍ර වූ Belly නර්තනයයි.

 

Belly කියන්නේ උදර ප්‍රදේශය චලනය කරමින් මුළු දේහයම පාලනය කරන නර්තන වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Belly dancing මැද පෙරදිගින් නර්තන ලෝකයට ලැබුණු දායාදයක්. මෙම නර්තන ක්‍රමය zumba work out එකට එකතු වී ඇත්තේ විනෝදජනක අලංකාර අංග චලනයන් ඇති නිසාවෙන්. තවද මෙහි විවිධ සංස්කෘතික ප්‍රභේද එක් වී ඇති නිසා විවිධත්වයක් ද ගෙන දෙයි.

මෙම නර්තන ක්‍රමය zumba සඳහා එකතු කිරීමට හේතු වන්නේ එය උදර ප්‍රදේශය, උකුල සහ පසුපස තීව්‍ර ලෙස චලනය කෙරෙන නිසා ශරීරයේ හැඩය පවත්වාගෙන යාමට උදවු වන නිසයි.

 

Zumbaවල ඇති Belly dance ප්‍රභේද කිහිපයකි.

 

1. hip circles - ඉණ සහ උකුළ ප්‍රදේශය ආශ්‍රයේ වක්‍රාකාර චලනයක් දක්වන මෙම ක්‍රමයෙන් ඉණ ප්‍රදේශයට ලිහිල් බවක් එක් කරලයි.

 

1. ෂිමී - මස්පිඬු තීව්‍ර චලනයකට යෙදවීම මෙහි ප්‍රධාන චලනයයි. මෙමඟින් ඉණ, කලවා සහ උරහිස් දෙසට තීව්‍ර ව්‍යායාමයක් ලැබෙන නිසා ශරීරයේ මේද දහනයට උපකාර වේ.

 

3. undulations - මෙය බඩ ප්‍රදේශයෙන් පටන්ගෙන ඉහළ, පහළට මස් පිඬු රෝල් කිරීමක් වැනි චලනයකි. මෙම ක්‍රියාවලිය තමන්ගේ මස් පිඬු පාලනය කිරීමට උපකාරී වන චලනයක් ලෙසත් හැඳින්විය හැකියි.

 

මෙම නර්තන ක්‍රමය මැද පෙරදිග, අරාබි හා ලතින් යන සංගීත ප්‍රභේදයන්ගේ වර්ණවත් වූ zumba නර්තනයට ගැළපෙන ලෙස නිර්මාණය වූවකි. මෙමඟින් රිද්මයානූකූල බව, ජවසම්පන්න බව හා ආකර්ෂණීය සොඳුරු බව ඉස්මතු කරන නිසා වයස් භේදයකින් තොරව ඕනෑම කෙනකුට සුදුසුය.

 

ඔබ Belly dancing හෝ මැද පෙරදිග සංගීත ලෝලියෙක් නම් මෙය ඔබට ඉතාමත් රසවත් work out එකක් වනු නොඅනුමානයි.

 

 

උපදෙස් -

සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ

 

PIX BY- දුෂ්මන්ත මායාදුන්න

MODEL- තක්ෂිලා