වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ලිවීමේ දුෂ්කරතා පෙන්වන දරුවකු දක්ෂයකු කරන්නේ කෙසේ ද?
දරුවකු ඉපදී අවුරුද්දක් පමණ සපිරෙන විට ක්‍රමයෙන් කතා කරන්නට පටන් ගනී. බහ තෝරන වයස ලෙස හඳුන්වන මේ කාලයේදී දරුවා අසාමාන්‍ය ලෙස හැසිරෙනවා නම් මාපියන් ලෙස ඔබ අවදියෙන් සිටිය යුතුයි. මෙසේ වචනයෙන්, වචනය කියමින් කතා කරන්නට ඉගෙන ගන්නා දරුවා ඉන්පසු පෙර පාසලටත්, එතැනින් ප්‍රාථමික හා ද්විතියික අංශවලටත් යොමුවී අධ්‍යාපන කටයුතු ආරම්භ කරයි.
එලෙස තම අධ්‍යාපනික කටයුතු ආරම්භ කරන දරුවන් තුළ දැකිය හැකි කියවීමේ ගැටලු, ලීවීමේ ගැටලු සහ අවාචික ඉගෙනුම් දුබලතා පිළිබඳ මවුපියන් ලෙස විශේෂයෙන් මවක ලෙස ඔබටත් දැනුමක් තිබිය යුතුය.
එසේම පෙර පාසල් ගුරුවරියක ලෙස හෝ ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරියක ලෙස, ඔබටත් මෙවැනි දරුවකු හඳුනාගැනීමේ අවබෝධයක් තිබිය යුතුය.
පසුගිය සති කිහිපයේ අප කතා බහ කළේ කියවීමේ දුබලතාව එනම් ඩිස්ලේක්ෂියා තත්ත්වය පිළිබඳවත්, එය හඳුනාගන්නේ කෙසේද යන්නත් එලෙස දරුවා ඩිස්ලේක්ෂියා තත්ත්වයෙන් පෙළෙන්නේ නම් එය වළක්වා ගන්නේ කෙසේද යන්නත් පිළිබඳවයි.
දරුවන් කියවීමේ ගැටලුවට මෙන්ම ලිවීමේ ගැටලුවට ද මුහුණ දෙයි. ලිවීමේ දුෂ්කරතා දක්වන දරුවන්ගේ මේ තත්ත්වය හඳුන්වන්නේ ඩිස්ග්‍රාෆියා (ච්රඵඨපචනඩඪච) ලෙසයි.
පසුගිය සතියේ අප ඔබ දැනුවත් කළේ දරුවකු ඩිස්ග්‍රාෆියා තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගන්නේ කෙසේද යන්නයි.
එලෙස ලිවීමේ දුර්වලතා පෙන්වන දරුවකු හඳුනාගත්විට එයින් දරුවා මුදවාගෙන සාමාන්‍ය දරුවකු ලෙස ලිවීමට හුරු කරවීමට ඔබ දැනුවත් වී සිටිය යුතුය.
අද අපි ඒ පිළිබඳ කතාබහ කරමු.
ඩිස්ග්‍රාෆියා තත්ත්වයෙන් පෙළෙන දරුවන්ට නිවෙසේදී උපකාර කරන්නේ කෙසේද?
දරුවාගේ අත්ලෙහි සියුම් මාංසපේශී සංවර්ධනයට හා ඇස, අත සමායෝජනයට අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීමට දරුවා යොමුකිරීම මුලින්ම කළයුතු කාර්යයයි. මේ සඳහා දරුවා ඉතා සියුම් ලෙස මෙහෙයවිය යුතුය.
කමිසවල බොත්තම් දැම, ජතචර ඇසුරෙන් නිර්මාණ කිරීමට යොමුකිරීම, කතුර භාවිතකර යම් යම් රටාවකට කඩදාසි කැපීමට සැලැස්වීම, කොලාජ් නිර්මාණ (කඩදාසි ඉරා ඇලවීම) සපත්තුවේ ලේස් දැමීමට පුහුණුකිරීම ආදී ක්‍රියාකාරකම් කිරීමට දරුවාට අවස්ථාව ලබාදිය යුතුය.
ඉන්පසු පෙර ලිවීමේ කුසලතා දියුණු කළ හැකි අතර කඩඉරි මත ඇඳීම, විවිධ හැඩ අනුව ඉරි ඇඳීම ආදී අභ්‍යාස ලබාදීම කළ හැකියි.
මෙවැනි ක්‍රියාකාරකම්වලට යොමුවීමෙන් පසු දරුවා ක්‍රමයෙන් ලිවීමට අත හුරුකර ගනී.
පන්ති කාමරය තුළ ඩිස්ග්‍රාෆියා දරුවකුට ගුරුවරිය උපකාර කරන්නේ කෙසේ ද? යන්න ගැන මීළඟට අවධානය යොමු කරමු
පැන්සල නිවැරැදිව ග්‍රහණය කරගත හැකි පරිදි (අල්ලා ගතහැකි පරිදි) පැන්සලට ගැළපෙන කොටස් සම්බන්ධකර දරුවාට එය නිවැරැදිව ග්‍රහණය කිරීමට පුරුදු කිරීම.
පහසු ලෙස ලිවීමට අවශ්‍ය උපකරණ ලබාදීමත් තවත් ක්රමයකි. විවිධ ප්‍රමාණයෙන් යුතු පැන්සල් භාවිතයට යොමුකිරීමත් මේ සඳහා තවත් එක් ප්‍රතිකර්මයකි.
ලිවීමට සුදුසු ඉරියව් පිළිබඳ දරුවා නිතර අවධානය යොමුකරවීමත් මෙහිදී වැදගත්.
ඇලවෙන ටේප් භාවිතකර ලියන කොළය එහා මෙහා යාම වළකා, ලිවීමට යොමු කළ යුතුය.
මෙවැනි දරුවන්ට අකුරු හා වචන ලිවීමට පුළුල් පේළි සහිත කඩදාසි, උස් රේඛා සහිත කඩදාසි සපයාදීම කළ යුතුය.
ප්‍රියදර්ශනී හෙට්ටිගේ
කථිකාචාරිනී
විශේෂ අවශ්‍යතා අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
2019/12/11 තරුණි බලන්න