උඳුවප් පොහෝ දින
මළ හිරු උදා වූ මෙන්...
ඉකිබිඳින ගහ කොළද
පෝලිමේ දුවන කුහුඹු රැළ ද
දැක සලිත වූ මසිත
සුදු වැල්ල මත ඇවිද
සිප්පි කටු අහුලන්න
අද මා හට
අවසර දුන්නේ නැත
නත්තලේ සීතල ද
මා සිතින් උදුරගෙන
වියරු වූ සැඩ පහර
කොහෙද ඔබ මේ යන්නේ
මගේ පොත් ටික රැගෙන...