මට හැමතිස්සෙම ඕන වුනා කැලෑ මලක් වගේ වෙන්න.
කාටවත් ලේසියකට හොයාගන්න බැරි සීතල කැලෑවක් මැද්දෙ දේවදාර ගස් අස්සෙන් ගලාගෙන යන ගඟක් ගාව පිපුණු ඕඩික්ලෝන් සුවඳ හමන ඩේසි මලක් වගේ වෙන්න, විලෝ ගස් අස්සෙ පිපිච්ච බටර් කප් මලක් වගේ වෙන්න මට ඒ කාලෙ ඉඳන්ම පිස්සුවක් තිබුණා..
වුවමනාවෙන්ම හොයාගෙන එන කෙනෙක්ට විතරක් හම්භ වෙන.....
වසන්ත කාලෙ එනකම්ම පිපෙන්න බලන් ඉන්න ඩේසි මලක් වගේම,කොච්චර නියං ආවත් දරාගෙන ඉන්න පතොක් මලක් වගේ වගේ වෙන්නත් ඉගෙන ගන්න මට ලොකු වුවමනාවක් තිබුණා.
අකමැති අය ගාව පෙති අහුලගන්න පොඩි නිදිකුම්බ මලක් වගේ පිපෙන්න මට ඕෙනකම තිබුණා.
ලොකු ලොකු ගණන් දීල ගන්න මල් පොකුරු පිටින් පාරවල් අයිනට වීසි වෙද්දි ආදරේ පිරිච්ච තැනක මතක සටහනක් වෙලා අවුරුදු ගාණක් පරිස්සම් කරන පුංචි කැලෑ මල් පොකුරක ආඩම්බරකාර මල් කුමාරියක් වෙන්න මට හීනයක් තිබුණා..
ඉතිං...අනුන්ගෙ වත්තක පිපෙන තවත් එක මලක් වෙනවට වඩා වුවමනාවෙන්ම හොයාගෙන කෙනෙක්ට විතරක් හොයාගන්න පුළුවන් පුංචි කැලෑ මලක් වෙන්න...