“ඒ මොකෝ බං ආතල් වැඩි වෙලාද?“
“මට එහෙම මොකවත් තේරෙන්නෑ“
(ගජ මිතුරු සංවාදයකින්)
දවසක් තේ වත්තෙ කප්පාදු කපා
කප්පාදු පිහියෙන්
කූඩැල්ලො කප කපා ඉද්දි
පන්දලම් අස්සෙන් මම දැක්කා
නැවි නැවී පැළ තේ ඉන්දවන
දාහතරෙ ගැටිස්සියකගේ
ගැට තන
එදත් මට ඔහොමම හිතුණා
තවත් දිනයක
කෙල්ලක් කිව්වා
“අනේ අයියේ ඒක වුණේ නෑ කියා“
එදත් මට ඔහොමම හිතුණා
තවත් දවසක
“අනේ සංජු එයාල මාව
බන්දල දෙන්න යන්නෙ
මාව කොහේ හරි අරන් යන්නකෝ‘ කියද්දිත්
මට ඔහොම හිතුණා
ආයෙත් දවසක
කෙනෙක්ව ඉල්ලගෙන ගිහින්
ගඟේ දැම්මත්
තොට නම් දෙන්නෑ කියන කතා
ඒ ගෙදර උන්ගෙන් අහන් ඉද්දි
එයා දොර රෙද්ද මෑත් කර
කඳුළු පුරවන් බලන් ඉද්දිත්
ඔය වගේම හිතුණා
පස්සෙ පස්සෙ
මට දිගටම එහෙම හිතුණා
දැන් එහෙම හිතෙන්නේ නැති වුණත්
මට එහෙම මොකවත්ම තේරෙන්නේ නෑ වගේ
ඉන්න හැටි ප්‍රගුණ කෙරුවා වුණත්
ඉඳහිටක මේ වගේ සංවාද දැක්කාම
අදත් ඒ පිස්සුවම හැදෙනවා
වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday