අද හිමිදිරියට කවි තෝරන ඇය කරුණා පෙරේරා.
සිය පළමු කෙටිකතා සංග්‍රහය වූ ‘අඳුරට එළියක්’ වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ කරුණා පෙරේරා ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදිනියකි. පුවත්පත් සමඟ දීර්ඝකාලීන බැඳීමක් ඇති ප්‍රවීණ ලේඛිකාවක වූ ඈ “ගිරිමුදුන, අතු අග පිනි කැට, රවිඳුගේ සිහිනය‘ වැනි යොවුන් නවකතා ද “නේරංජනා, පාටක් නැති පාටක්, එළිමහන් කළුවර, අලුත් දවසක් ඇවිත්, සීරුවෙන් ආපස්සට, අතරමඟ හමුවීමක්, ඒක දිග හීනයක්“ වැනි නවකතා සහ කෙටි කතා සංග්‍රහ බොහොමයක් සිය පාඨකයන් වෙනුවෙන් තිළිණ කළාය. කරුණා පෙරේරාගේ නිර්මාණවල ලැගුම් ගන්නේ පීඩාවට පත් වූ ජනතාව ගැන ඈ සිත තුළ හටගන්නා ආදරය බවත්, තමන් කවියට දැඩිව ආදරය කළා මිස කවි ගොතන්නට වෑයම් නොකොට කෙටිකතා තුළම හිත රඳවන්නට කැමැති බවත් ඈ පවසන්නීය.
ඉඩදෙන්න...
ගෙවී ගිය යෞවනය
නාඬා හිටපන් දැන්
ගෙවී ගොස් අවසන්
කාලය........
විඩාබර වෙලා
නෙතු සේම
හදවතම
ඇස් පියන් ඇරපන්
පේනවා නේද තරු රෑන
පිළිවෙළක් නැති
අහස යට
සැඟව යන අපූරුව
නිමේෂයකින් තවත්
හිරු දිලේ නුබ කුස
බලාපන් ඒ අහස දෙස
පේනවද
ලෝකය දැන් අපේ නොවේ
උන්ගේ
ඉඩදෙන්න !
කදිම ඉල්ලීමකි!
ඉඩදෙන්න? කාටද?
අලුත් ඉරකට... අලුත් දවසකට...!
පිළිවෙළක්
නැති තරු රෑන...!
කවියා ව්‍යංගයෙන් කතා කරන්නෙකි. කවියේ රසය ද එයමය. වාර්තා කිරීමක් ගැන කවියා උනන්දු නොවෙයි. එහෙත් ඔහු සිද්ධියක් ප්‍රකාශ කරයි. ඒ ව්‍යංගයෙනි.!
“ඉඩදෙන්න” නිර්මාණයම ව්‍යංගාර්ථයෙන් පෝෂණය වී ඇත. කවිකාරිය කවිය ආරම්භ කරන්නේම ගෙවී ගිය යෞවනය වෙනුවෙන් ශෝක නොකරන ලෙස දැනුම් දීමක් කරමිනි. කිවිඳිය එසේ කියද්දී, යෞවනය පමණක් නොව අතින් ගිලිහී ගිය සෑමදෙයක් වෙනුවෙන් නාඬා ඉන්නට විධානයක් කරන බවක් හැඟෙයි.
ගිය දේ ගියා.... අපේ ගැමියා ද සිතයි. කියයි. ඒ ආශාවෙන්, ඇල්මෙන් මුළා නොවෙන ජන ජීවිතයයි.
හදවතත් දෙනෙත මෙන්ම විඩාබර වෙලා!
කිවිඳිය අණක් දෙයි. ඇස් පියන් ඇරපන්”
හැබෑට කුමකටද?...
“තරු රෑන සැඟවී යයි.... අලුත් ඉරක් අාකාසේ දිලෙයි..“ ඉතින් ඒ අලුත් දවස කාගේද? අපේ නොවේ - උන්ගේ ය...! කවුරුද අප...? විඩාපත්, වියපත් අප... !ඉතින් දැන් ලෝකය අපේ නොවෙයි... ඔව් එහෙම නම්? කාටද? කාගේද?
අලුත් පරපුරේ අයිතියටයි!
උන්ට උන්ගේ ලෝකය බාර දෙන්න!

හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.