පාඨක නිර්මාණ

Week of අප්‍රේල් 23, 2025

අසම්මතයේ සමුගැන්ම
මනෝන්දිකා විජේගුණවර්ධන ~ පානදුර


 
 නීතිය නමැති පවුරින්
 වට වෙලා නැතී
 ආලය ඉදිරියේ වූයෙමු
 පතිනි පතී
 දෛවයේ සරදමින්
 සැඟවී වැසී ඇතී
 සත්‍යය ඉදිරියේ
 නරඹමු සුහද නිතී
 
 මාලය බඳින පින තිබුණේ නැතිලු එදා
 රන් හුය සිහින රෑ
 නින්දෙදි දුටුවෙ සදා
 රන් කිරි සිනා මල් හසරැලි සමසෙ බෙදා
 ඉන්නේ කෙලෙස
 ඔබ පාමුල සතුට බදා
 
 මංගල සිහින මැද
 මතුදා ඔබ යාවි
 බිඳුණු පැතුම් මැද
 මා සිත තනිවේවි
 දුක්බර ගීත මා සවනට
 ළං වේවි
 මල්බර රැයට
 හිමිකරුවකු නැති වේවි
 
 ආදර සිනා පෙම් තෙපුළින් හද බැන්දූ
 මල්සර හීයෙ තේජස
 මා වෙත බැන්දූ
 යෞවන වියේ මට ළං වුණු නර නින්දූ
 සමුගෙන යන්න හිතුවද
 මන බැන්දූ
 
 

Week of අප්‍රේල් 23, 2025