වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
Doctor door

ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවන ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
උපදෙස්,
මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්
මාසෙක ඉඳලා බඩේ අමාරුවක්
දැන් මාසයක පමණ කාලයක සිට බඩ රිදීම වැනි රෝග ලක්ෂණයක් මතුව ඇත. මෙය කුමක් විය හැකිද?
බඩේ උඩු පැත්ත රිදීමක් තිබේනම් එය ආමාශය ආශ්රිත රෝගයක් වීමට පුළුවන්. තවද බඩ රිදීම, බඩේ තුවාල ඇතිවූ විට මෙලෙස රිදීෙම් හැකියාව ඇත. ඒ සමඟම බඩ බුරුල්වී යාමක් තිබේනම් එය බඩවැල ආශ්රිත රෝගයක් වීමටත් පුළුවන්. පිත්තාශයේ ගල් වැනි රෝග ලක්ෂණවලටත් මෙම රෝග ලක්ෂණය ඇතිවීමට ඉඩකඩ ඇත.
ඔබ කාන්තාවක් නිසා මෙම රෝග ලක්ෂණයට අමතරව යටි බඩ රිදීම, මුත්‍රා දැවිල්ල, බඩ බුරුලට යෑම වැනි රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.
*************
දකුණු අතේ ඇඟිලි හිරිවැටිලා
මගේ වයස අවුරුදු 23කි. දැන් මාස තුනක පමණ සිට දකුණු අතේ ඇඟිලි හිරි වැටීම සහ වම් කකුල හිරිවැටීම සිදුවේ. මේ තත්ත්වය කුමක් විය හැකිද?
මෙය බොහෝවිට ඇඟේ ලේ අඩුවීමකදී ද ඇතිවීමට පුළුවන් රෝග ලක්ෂණයකි. සමහර වෙලාවකදී අධි රුධිර පීඩනය තිබේ නම් මෙම රෝග ලක්ෂණය රෝගයක මුල් ලක්ෂණයක්ද විය හැකිය. නැතිනම් ඇඟිලි හිරිවැටීම කඩින් කඩ ඇතිවේ නම් හෝ ඔළුවෙ කැක්කුමත් සමඟ පැමිණේ නම් එය මිග්රේන් රෝග ලක්ෂණයටද විය හැකිය. තවද ඇඟේ කැල්සියම් ප්‍රමාණය අඩු නම් මෙම රෝග ලක්ෂණය ඇතිවිය හැකිය. ඔබ රැකියාවක් කරනවා නම් එම රැකියාවේ ආතතිය වැඩි නම් එයත් මෙම රෝග ලක්ෂණවලට බලපායි. වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.
*************
කොන්දෙ කැක්කුම හොඳටම වැඩියි
මගේ වයස අවුරුදු 52කි. දැන් ටික කාලයක පමණ සිට කොන්දේ වම් පැත්ත හිරිවැටීම සහ රිදීම සිදුවේ. මෙයට හේතුව කුමක් විය හැකිද?
බොහෝවිට යම්කිසි බරක් ඉසිලීමෙන් හටගත් නහර තෙරපීමක් විය හැකිය. ඒ සමඟම කලාතුරකින් පුරස්ථි ග්‍රන්ථිය ආශ්රිත රෝග සෑදෙයි. එම නිසාම එය කුමක්ද යන්න හරිහැටි දැනගැනීමට වෛද්‍යවරයෙකු හමුවේ ලේ පරීක්ෂණයක් සිදු කිරීම ඉතා වැදගත් වෙයි. තවද කොන්ද හිරිවැටීමත් සමඟ උණ ගතියක් සහ ශරීරයේ බර අඩුවීමක් තිබේද යන්න අවධානයෙන් සිටීම ඉතා වැදගත්. බොහෝ වෙලාවක් වාඩිවී සිටින රැකියාවක් කරනවා නම් එයටද මෙම රෝග ලක්ෂණය ඇතිවීමට පුළුවන්. වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.