වර්ෂ 2024 ක්වූ May 13 වැනිදා Monday
පින්තාරුවෙන් හැඩ කළ බ්ලොසම් මල්
වන්ස්ට්‍රොක් පේන්ටිං කලාව- 5
ඉතා සුන්දර පින්තාරු කලාවක් වන වන්ස්ට්‍රොක් කලාවෙන් හැඩ ගැන්වුණු බ්ලොසම් මල් ඉත්තකි. මේ මල් ඉත්තේ කොළ පින්තාරු කරන ආකාරය පසුගිය කලාපයේ අප පහදා දුන්නෙමු. අද අපි බ්ලොසම් මල් හා නටු පින්තාරු කරන ආකාරය බලමු. මෙම මල් ඉත්ත කුෂන්, මේස රෙදි, ඇඳුම්. බෑග්, කොට්ට උර, ලේන්සු ආදිය හැඩ කරන්නට කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
ඔලිව් ග්‍රීන්, සුදු, ඩාර්ක් ග්‍රීන්, දම් වර්ණ රෙදි පින්තාරු තීන්ත
නොම්බර 8 පැතලි පින්සලක්
තීන්ත දැමීමට කුඩා පිඟානක්
වතුර
ටිෂූ කොළ
නිර්මාණය කරගන්නා ආකාරය
ඔලිව් ග්‍රීන් සහ සුදු වර්ණ දෙකෙන් බින්දුව බැඟින් පිඟාන දෙපසට දමා ගන්න. දැන් නොම්බර 8 පින්සල ගන්න. පිනසලේ එක් පැත්තකට කොළ වර්ණය ද අනෙක් පැත්තට සුදු වර්ණය ද ගන්න. දැන් පින්සල පිඟානෙහි එහා මෙහා ගෙන යමින් වර්ණ සෙට් කරගන්න. ඉන්පසු රූපයේ පෙන්වා ඇති ආකාරයට පින්සල අල්ලා නටු ඇඳගන්න. මෙහිදී ඔබට කොළ පින්තරු කළ පසු එම පින්සලම මෙම නටු ඇඳීමටත් භාවිත කළ හැකියි. අංක 1 හා 2 රූප නටු වර්ණ ගැන්වීමට පින්සල අල්ලාගත යුතු ආකාරයත් නටු අඳින ආකාරයත් පහදා දෙයි.
2019/09/11 තරුණි බලන්න
උපදෙස්
ප්‍රවීණ උපදේශිකා
ශලින්ද්‍රි ආලෝකා