බිත්ති සැරසිල්ලකට සමනල හදවත්

පෙබරවාරි 12, 2020

ඔබ කැමැති නම් බිත්ති සැරසිල්ලක් සකසා තිළිණ කරන්නත් පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ සුදු කැන්වස් රෙදි රාමුවකට දමා සකසාගත් පින්තූර රාමුවකි. රතු හෝ අවශ්‍ය පාට කඩදාසි, ගම් සහ සමනලයන් කපා ගැනීමට කටර් එකක් අරගන්න. දැන් කටර් එක භාවිතයෙන් අවශ්‍ය පමණ සමනලයන් කපාගන්න. ඒවා හරි මැදින් දෙකට නමන්න. රෙදි රාමුව මත ළාවට පැන්සලකින් හදවතක් ඇඳගන්න. එහි මැද සමනලුන් ගේ නැමමේ ගම් ගා අලවන්න. සමනලුන් පිටතටත් පියඹා යන ලෙස මෙහි දැක්වෙන ලෙස අලවන්න. මෙහිදී රතු හෝ වෙනත් වර්ණ ද භාවිත කළ හැකියි. වර්ණ කිහිපයක් එක් නිර්මාණයක් සඳහා භාවිත කරන්නත් පුළුවන්. බලන්න, හරිම ලස්සන නිර්මාණ නේද?