1970 Love Story හි ගීත තුනක් ජනගත කෙරේ

සැප්තැම්බර් 11, 2023

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය 1970 Love Story යි. එහි ගීත තුනක් ජනගත කිරීම හා පූර්ව ප්‍රචාරකපටය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී ජනගත කෙරිණි.

මෙය ආචාර්ය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකී. ඒ සඳහා මාධ්‍යවේදීන් කලාකරුවන් සහ විශේෂ ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, හේමාල් පෙරේරා, අශාන් ඩයස්, ගම්‍යා විජේදාස, සරත් කොතලාවල, සඳනි ප්‍රනාන්දු, දිනෙත්ද සිල්වා, සූර්යා දයාරුවන්, සමන් හේමරත්න රංගනයෙක් එක්වෙති. ගායනයෙන් සමිතා මුදුන්කොටුව,ඉන්දික රුවන් (රැනි), සුරේන්ද්‍ර පෙරේරා, සූර්යා දයාරුවන් එක් වෙති.

නිශ්ශංක විජේරත්න