ෆැෂන් ඔෆ් ෆ්‍රීඩම් විලාසිතා දැක්ම කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී

ඔක්තෝබර් 2, 2023

ඉස්කෝල වැහිලා හිරගෙවල් ඇරෙන රටක අපි මොනතරම් අවාසනාවන්ත ද? මේ අවපැහැ ගැන්වුණු සමාජය ඇතුළෙ හැමෝම තාමත් උත්සාහ කරන්නෙ ඉන්ද්‍රචාපයක් වෙන්න. ඒ වෙනුවෙන්ම පැවැත්වෙන වෛර්ණ හැඩකාර හැන්දෑවක් ඔක්තෝබර් 7 වෙනිදා කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වේ. "Fashion for Freedom" යනුවෙන් නම් කළ මේ විලාසිතා දැක්ම සංවිධානය කරනුයේ amor සංවිධානය විසිනි.

උසාවියෙන් දඩ නියම වෙලත් දඩ ගෙවාගන්න බැරි කාන්තාවන් වෙනුවෙන් සහ මවුවරු බන්ධනාගාරගත වීම නිසා බන්ධනාගාරය තුළ සිටින දරුවන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන මේ විලාසිතා දැක්ම හැම අතින්ම වෙනස්. ඒ වාගේම

ලංකාවේ පළමු වතාවට නීතිඥ කණ්ඩායමක් විතරක් සහභාගිවන මේ විලාසිතා දැක්ම ඔබේ ඇසට අයස්කාන්ත දසුනක් වගේම මනසට මනස්කාන්ත හැඟීමක් මුසු කරාවි