පර්චස් 8 ක තැනූ සරල නිමාවේ අංග සම්පූර්ණ නිවහනක්

නොවැම්බර් 27, 2019

දෙමහල් නිවෙසක් තැනීම වඩාත් වාසිදායකය. පර්චස් කිහිපයකට සීමාවූ ඉඩමක උපරිම ප්‍රයෝජන ගැනීමට දෙමහල් නිවෙසක් තනා ගැනීමට පෙර ඒ නිවෙසේ මායිම් තාප්පයකින් හෝ වැටකින් වෙන්කර ගැනීම ඔබ මුලින්ම කළ යුතුය. ඉන්පසුව නිවෙසේ සැලසුම නිර්මාණය කිරීම ආරම්භ කිරීම වඩාත් පහසුය.

විශේෂයෙන් මායිම් බිත්තියකින් හෝ තාප්පයකින් වට වූ නිවෙසක් තැනීමට පෙර එම නිවෙසේ සැලසුමට ඇතුළත් අංග ස්ථානගත කරන ආකාරය ගැන දළ අවබෝධයක් හා දැනුමක් තිබීම ඉතාම වැදගත් ය. එවැනි ඉඩමක මායිමට සීමාවන ලෙසින් රථගාල යොදාගැනීම වඩාත් සුදුසුය. එවිට නිවෙස ඉදිරියේ වූ ඉඩ සීමාව වෙනත් ප්‍රයෝජනවත් කටයුත්තකට යොදාගැනීමට හැකි වෙයි.

නිවෙසක ඉදිරියෙන් වූ වැරැන්ඩාව සෑම කටයුත්තකටම පහසුවකි. අමුත්තන් හමුවීමට මෙන්ම අවට පරිසරය හොඳින් දැක ගැනීමට ද එය ප්‍රයෝජනවත්ය. මෙම නිවෙසේ වැරැන්ඩාවෙන් ඇතුළු වන්නේ සාලය කොටසටය. එහි කෑම ගැනීම සඳහා වෙනම සීමාවක් ද වෙයි. නිවෙසේ එක් කොණක පැන්ට්‍රියක් ද වෙයි.

මෙම නිවහසේ පහත මහලේ කාමර දෙකකි. එක් කාමරයක් ප්‍රධාන නිදන කාමරයක් වන අතර තවත් කාමරයක් ද වෙයි. මෙම කාමර දෙකටම වෙන වෙනම නාන කාමරය බැගින් පිහිටයි.

ඉහළ මහලේ මැද සීමාව වෙන්ව ඇත්තේ ටීවී ලොබියක් වෙනුවෙනි. එහි ආගමික කටයුතු කිරීම සඳහා ද වෙන්වූ සීමාවකි. එය මෙහි ර්‍ථපචර ඒපඥච ලෙසින් නම්කර ඇත්තේ වෙනම කොටසක් ලෙස වෙන්වන ආකාරයෙනි.

ඉහළ මහලේ ද කාමර දෙකකි. එම කාමර දෙකටම වෙන්ව නාන කාමරය බැගින් වෙයි. පහත මහලේ රථ ගාල සීමාව තුළ ඉහළ මහලේ ටෙරසයක් සහිත අවකාශයකි. ඉදිරියෙන් වූ සීමාව ද දිගු ටෙරසයක් පිහිටන අතර එය වැරැන්ඩාවට ඉහළින් වෙයි.

පර්චස් 8 ක් පමණ වූ ඉඩමක තැනූ මෙම දෙමහල් නිවෙස තරමක් නාගරික ප්‍රදේශයකට හොඳින්ම ගැළපෙයි.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි

අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක