සරල බවින් යුතු ගෙඋයනක් නිර්මාණය කරමු

ජනවාරි 1, 2020

නෙත දැහැන්ගත කරවන, සිත සන්සුන් කරවන අපූරු ගෙඋයනක හිමිකාරියක් වන්නට ඔබත් අපමණ සිහින දකිනවා නියතයි. එබැවින් ඔබ බෙහෙවින් පි‍්‍රයකරන උද්‍යාන අංග සියල්ලක්ම පාහේ මේ ගෙඋයන තුළ නිර්මාණය කරන්නටත් උනන්දුවක් දක්වනවා ඇති.

නමුත් ගෙඋයනක් නිර්මාණය කිරීමේ දී ඔබට ඕනෑම සැලසුමක් අනුව උද්‍යානය සකසා ගතහැකි වුවද ඊට ඇතුළත් කරන උද්‍යාන අංග වඩා වැඩි වුවහොත් මතුවන්නේ අලංකාරයක් නොව අසුන්දරත්වයකි. එබැවින් අත්‍යවශ්‍ය අංග පමණක් එකතු කරමින් සරල, සොඳුරු උද්‍යානයක් නිමවා ගැනීම වඩාත් සුදුසුය.

හිස් අවකාශ

සාමාන්‍යයෙන් ගෙඋයනක් නිර්මාණය කරගැනීමේ දී ඔබගේ අවධානය යොමු කළයුතු කරුණු කිහිපයක්ම වේ. මෙහිදී ඔබේ අවධානයට ලක්විය යුතු ප්‍රධානම කරුණ වන්නේ උද්‍යානය තුළ පවතින හිස් අවකාශයන් පුරවාගැනීමයි. මන්ද මේ හිස් අවකාශයන් අලංකාරයට බාධාවක් නොවන පරිද්දෙන් යොදාගැනීමට ඔබ දක්ෂ විය යුතුය.

ඔබේ උද්‍යානය වෙත නෙත් යොමන පුද්ගලයකුට එහි හිස්බවක් නොවැටහෙන ලෙස දර්ශන තලය නිර්මාණය කිරීමයි වඩාත් අවශ්‍ය වන්නේ. මෙහිදී ඇස නාභිගත වන ස්ථානයන්හි පමණක් විශේෂ වර්ණ සහිත හෝ හැඩ සහිත ශාක, උද්‍යාන අංග යෙදිය හැකියි. එමෙන්ම කෙතරම් අවකාශයක් තිබුණ ද එහි පොළොව මතුපිට පෙනෙන රළු ස්වභාවයන් අවලස්සනක් මතු කරාවි. එබැවින් ඊට ඒකාකාරී බව පෙන්වන තණපිටියක් නිර්මාණය කරගැනීම හරහා සෞන්දර්යාත්මක බවක් ඉස්මතු වනු ඇත.

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

ව්‍යාපාරික විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

2020/01/01 තරුණි බලන්න