නත්තලට ගැළපෙන ඉටැලියන් ඩිනර් එකක්

දෙසැම්බර් 4, 2023

අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා කියන්නේ ඉතින් ගෙදරට නෑයෝ කීප දෙනෙක්ම එකතුවෙන දවසක්නේ. එයාලට කාලෙකින් වෙනස්ම විදිහේ රස කෑම වේලක් දෙන්න බැරි වුණ නිසා මම හිතුවා ටිකක් වෙනස් විදිහකට සංග්‍රහ කරන්න. අද හදන කෑම වේල ගැන හිත හිත ඉද්දි පොඩි දුව කිව්වේ අම්මේ අද ඉතාලි කෑම වේලක් හදමු නේද කියලා. අවුරුදු 5ක්ම ඉතාලි ජීවත් වුණ මට ඉතාලි කෑම හදන්න හොඳට පුරුදුයි. අනික නත්තල් මාසේ නිසාත් මේ කෑම ටික නත්තලටත් හොඳටම ගැළපෙනවා. මේ ඉතාලි කෑමවල නම් කියවන්න ටිකක් අමාරු වුණාට හදන්න හරිම පහසුයි. එහෙනම් මෙන්න මේ විදිහට හදලා බලමු.

 

චිකන් මෂ්රූම් මසාලා

 

 

දෙකට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 2ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

පාන්පිටි කෝප්ප 1/4ක්

ඔලිව්තෙල් මේස හැඳි 4ක්

කපාගත් බට්න් මෂ්රූම් කෝප්ප 1ක්

මසාලා වයින් හෝ මිදි යුෂ කෝප්ප 1/2ක්

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප 2ක්

බටර් මේස හැඳි 1/2ක්

කපාගත් ලූනු ගෙඩි 1ක්

වියළි තයිම් ටිකක්

 

 

 

චිකන් බ්‍රෙස්ට් පොඩියට කපලා ලුණු හා ගම්මිරිස් කුඩු දාලා මැරිනේට් කරගන්න. මේ ටික පාන්පිටිවල තවරාගන්න.  පෑන් එකට ඔලිව්තෙල් මේස හැඳි 2ක් දාලා චිකන් බ්‍රෙස්ට් ටික රන්වන් පාට වෙනකල් දෙපැත්තම හොඳින් බැදගන්න. මේ ටික අයින් කරලා පෑන් එකට ඔලිව් තෙල් මේස හැන්දක් දාලා කපාගත් ලූනු හා මෂ්රූම් ටික එක්ක ලුණු රස අනුව දාගන්න. මෂ්රූම් තැම්බෙනකම් විනාඩි 5ක් විතර පිසගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරගන්න. දැන් ඉතිරි ඔලිව් තෙල් මේස හැන්ද මේ පෑන් එකටම දාලා ලූනු සහ තයිම් එකතු කරලා තෙම්පරාදු කරගන්න. ලූනු විනිවිද පේන ගාණට එනකොට මෂ්රූම් ටික එකතු කරන්න. 

මේකට මසාලා වයින් (හෝ මිදි යුෂ) කුකුළු මස් තැම්බූ වතුර එක්ක සාමාන්‍ය ගින්දරේ ටිකක් හිඳෙනකම් හැඳිගාන්න.  ළිපෙන් ඉවත් කරගෙන මේ සෝස් එක බැදගත් කුකුළු මස් උඩට දාලා මෑෂ් පොටෑටෝ එක්ක පිළිගන්වන්න.

**********************

චිකන් ෆ්ලොරෙන්ටයින්

ඔලිව්තෙල් මේස හැඳි 2ක්

පෙති කපාගත් චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 300ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

සිහින්ව ලියාගත් ලූනු ගෙඩි 1ක්

සිහින්ව ලියාගත් සුදුලූනු බික් 2ක්

නිවිති කොළ කෝප්ප 2ක්

වයිට් වයින් කෝප්ප 1/4ක්

හෙවි ක්‍රීම් කෝප්ප 1/4ක්

කෝන් ෆ්ලා තේ හැඳි 2ක්

 

 

 කුකුළු මස්වලට ලුණු හා ගම්මිරිස් කුඩු දාලා සීසන් කරගන්න. පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා, චිකන් ටික දාලා බැදගන්න. 

දැන් කුකුළු මස් ටික පෑන් එකෙන් අයින් කරලා ෆොයිල් එකකින් වහලා තියන්න. ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා තළාගත් සුදුලූනු, ලූනු දාලා ටිකක් තෙම්පරාදු කරගන්න. 

මේකට වයිට් වයින් ටිකත් දාගන්න. ටික ටික නිවිති කොළ එකතු කරන්න. වෙනම බෝල් එකකට හෙවි ක්‍රීම්, කෝන් ෆ්ලා, ලුණු හා ගම්මිරිස් කුඩු දාලා විස්ක් කරලා නිවිති ටිකක් පෑන් එකට එකතු කරන්න. 

විනාඩි 2ක් විතර කලවම් කරලා ළිපෙන් බාගන්න. දැන් පිළිගන්වන්න.

***********************

ඉටැලියන් සුප්

 ඔලිව්තෙල් මේස හැඳි 4ක්

සිහින්ව ලියාගත් ලූනූ ගෙඩියක්

සිහින්ව කපාගත් කැරට් අලයක්

තළාගත් සුදු ලූනූ මේස හැඳි 2ක්

සිහින්ව ලියාගත් සැල්දිරි ස්වල්පයක්

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප 6ක්

පාස්තා කෝප්ප 1ක්

ඔරිගානෝ ස්වල්පයක්

ලුණු රස අනුව

නිවිති ටිකක්

පාමසාන් චීස්

චිකන් මීට්බෝල්ස් 6-7ක්

 

භාජනයකට තෙල් ටිකක් දාලා කපාගත් එළවළු, ලූනූ සහ සුදු ලූනූ සියල්ලම දාලා තෙම්පරාදු කරගන්න. 

මේකට කුකුළු මස් තැම්බූ වතුර එකතුකර නටනකල් ළිපේ තියන්න. ඊළඟට පාස්තා ටිකත් දාගන්න. ‍රස අනුව ලුණු දාලා ඔරිගානෝ එකතු කරන්න. කලවම් කරලා තවත් විනාඩි 10ක් තම්බාගන්න. 

ඊළඟට මේකට මීට්බෝල්ස් ටික දාලා, නිවිති ටිකත් දාලා විනාඩි 2ක් විතර හැඳි ගාලා ළිප නිවාගන්න. උඩින් ඔලිව්තෙල් ටිකක් ඉහලා පාමසාන් චීස් දාගන්න.

*********************

ඉටැලියන් පෙන්නෙ විත් ටූනා

පාස්තා කෝප්ප 1ක්

ඔලිව්තෙල් ස්වල්පයක්

කපාගත් ලීක්ස් කඳ කොටස කෝප්ප 3/4ක්

තළාගත් සුදු ලූනූ බික් 2ක්

ටූනා ග්‍රෑම් 200ක්

නිවිති කොළ කෝප්ප 2ක්

සැලඩ් ඩ්‍රෙසින් මේස හැඳි 3ක්

කපාගත් තක්කාලි ගෙඩි 3-4ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

 

 

පාස්තා ටික වතුර දාලා තම්බාගන්න. ඉන්පසුව වතුර පෙරා හොඳට සෝදගන්න. පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා රත්වෙනකොට තළාගත් සුදු ලූනූ ටික දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් ලීක්ස් ටික දාගන්න. දැන් ළිප නිවා නිවිති ටික දාගෙන පෑන් එකේ රස්නෙන් යන්තම් තැම්බෙන්න අරින්න.

තම්බාගත් පාස්තා ටික සාදාගත් එළවළු මිශ්‍රණය දාගන්න. ඊළඟට ටූනා සහ සැලඩ් ඩ්‍රෙසින් එක කලවම් කරගන්න.

තක්කාලි පොඩියට කපලා මේකට දාගන්න. උඩින් ගම්මිරිස් කුඩු ටික දාලා කලවම් කරගන්න. 

**********************

චිකන් මෂ්රූම් මසාලා

දෙකට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 2ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

පාන්පිටි කෝප්ප 1/4ක්

ඔලිව්තෙල් මේස හැඳි 4ක්

කපාගත් බට්න් මෂ්රූම් කෝප්ප 1ක්

මසාලා වයින් හෝ මිදි යුෂ කෝප්ප 1/2ක්

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප 2ක්

බටර් මේස හැඳි 1/2ක්

කපාගත් ලුනූ ගෙඩි 1ක්

වියළි තයිම් ටිකක්

 

චිකන් බ්‍රෙස්ට් පොඩියට කපලා ලුණු හා ගම්මිරිස් කුඩු දාලා මැරිනේට් කරගන්න. මේ ටික පාන්පිටිවල තවරගන්න.  පෑන් එකට ඔලිව්තෙල් මේස හැඳි 2ක් දාලා චිකන් බ්‍රෙස්ට් ටික රන්වන්පාට වෙනකල් දෙපැත්තම හොඳින් බැදගන්න. මේ ටික අයින් කරලා පෑන් එකට ඔලිව් තෙල් මේස හැන්දක් දාලා කපාගත් ලූනූ හා මෂ්රූම් ටික එක්ක ලුණු රස අනුව දාගන්න. මෂ්රූම් තැම්බෙනකම් විනාඩි 5ක් විතර පිසගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරගන්න. දැන් ඉතිරි ඔලිව් තෙල් මේස හැන්ද මේ පෑන් එකටම දාලා ලූනූ සහ තයිම් එකතු කරලා තෙම්පරාදු කරගන්න. ලූනූ විනිවිද පේන ගාණට එනකොට මෂ්රූම් ටික එකතු කරන්න. 

මේකට මසාලා වයින් (හෝ මිදි යුෂ) කුකුළු මස් තැම්බූ වතුර එක්ක සාමාන්‍ය ගින්දරේ ටිකක් හිඳෙනකම් හැඳිගාන්න.  ළිපෙන් ඉවත් කරගෙන මේ සෝස් එක බැදගත් කුකුළු මස් උඩට දාලා මෑෂ් පොටෑටෝ එක්ක පිළිගන්වන්න.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න