රුව වඩවන බිත්තර

මැයි 29, 2019

ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන තෘප්තිමත්භාවය නොවේ ද? නිකැළැල්, පැහැපත් සමක් තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඒ වගේම දිදුළන නිරෝගී කෙස් කලඹකින් රුවට වැඩි අලංකාරයක් ද එක් කරනවා.

රුව ගැන වැඩි සැලකිල්ලක් දක්වන නිසාමයි ඔබ විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට පුරුදුව සිටින්නේ. නමුත් ඉන් ලැබෙන ප්‍රතිඵලය ඉක්මන් වුවත්, එය තාවකාලික විය හැකියි. මේ නිසයි රුවට සත්කාර කිරීමේදී ස්වභාවික සත්කාරයන්ට යොමු වීම වැදගත් වන්නේ.

ස්වභාවික සත්කාරයන්ට යොදා ගන්නා අමුද්‍රව්‍ය අතුරින් බිත්තර ප්‍රධාන තැනක් ගනී. එය ප්‍රෝටීන් බහුල ආහාරයකි. ඒ නිසාමයි බිත්තර ආහාරයට ගන්නවා වගේම රූපලාවණ්‍යයටත් යොදා ගන්නේ.

බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට, රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.

අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථය වන්නේ ප්‍රෝටීන්. බිත්තර ආහාරයට ගන්නවා කියන්නේ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ඉටුවනවා කියන එකයි. බිත්තරයක උසස් මට්ටමේ ප්‍රෝටීන ග්‍රෑම් 6 ක් අඩංගුයි. ප්‍රෝටීන වැඩිපුරම අඩංගු වන්නේ බිත්තර සුදු මදයෙයි. ඊට අමතරව බිත්තර සුදු මදයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නමැති සංඝටකයේ වර්ග 9 ක්ම අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා බාහිරින් ලබා ගන්නම සිදුවෙනවා. ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහාරයට එකතුකර ගැනීමයි. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 9 ක් සහ කැලරි ග්‍රෑම් 70 ක් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේලටත් බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්.

බිත්තර කහමදයේ විටමින් ඒ, ච්, කැල්සියම්, යකඩ, පොස්පරස් ඇතුළු ඛනිජ ලවණ ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. යහපත් මේදය ග්‍රෑම් 5 ක් අඩංගුයි. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහ මදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසයි මෙම කොටස කහ පැහැයක් ගනු ලබන්නේ.

ගත යුතු ප්‍රමාණය

සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගත යුතුද යන්න බොහෝ දෙනකුට පවතින ගැටලුවක්. ඔබ ක්‍රියාශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටලුවක් නොවේ. නමුත් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරයට එක් කළාට ගැටලුවක් නැහැ. ගර්භණී මවුවරුන්ට අවශ්‍ය සුවිශේෂි පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්ත්වයේ පසුවන අය අසාත්මික තත්ත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ.

මෙතරම් ගුණ දෙන බිත්තර රූපලාවණ්‍යටත් යොදා ගන්න පුළුවන්.

තෙල් සහිත සමට

තෙල් සහිත සමක තෙල් පාලනය කරන්න බිත්තර සුදු මදය ඉතා යෝග්‍යයි. බිත්තර සුදු මදයට ලෙමන් යුෂ තේ හැඳි 3 ක් එකතුකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් සෝදා ඉවත් කරන්න.

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් නුගේගොඩ lady wax Studio & Salon  සහ කඩවත Degreens Salon හි රූපලාවණ්‍ය ශිල්පිනී 

අරෝෂි කෞශල්‍යා