පනස් හය වසරකට කලින් කොරෝනා වෛරසය දුටු විද්‍යාඥවරිය - ජූන්

මැයි 25, 2020

කෝවිඩ් -19 සමඟ ජූන්ගේ සේවයේ වටිනාකම යළිත් ලෝකයට දැනෙන්න පටන් අරන්. ජූන් මුලින් විවාහ වී සිටියේ වෙනිසියුලානු චිත්‍ර ශිල්්පියකු සමඟයි. ඇයගේ එකම දියණිය ජොයිස් මනෝවෛද්‍ය විශේ්ෂඥවරියක්. ජූන් පසුව වෛරස් විද්‍යාඥයකුවූ පිලිප් සැමුවල් ගාඩ්නර් සමඟ විවාහ වුණ.

කොරෝනා හරිම ලස්සන නමක්. කවුරුදෝ කියනු මට ඇසුණා. ලෝකයටම සාපයක් වෙච්ච වචනයක්. කොහොමද ඒ වගේ වචනයක සුන්දරත්වයක් දකින්නෙ? මුළු ලෝකයම කරකවලා අතඇරියා වගේ වෙලා.

ඒත් මේ නම නම් අමුතු තමයි. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් රෝගයට ගොදුරු වෙන්නෙ අඩුවෙන්. කාන්තාවන් නායකත්වය දරන සෑම රටක්ම කොරෝනා වෛරසය සාර්ථකව මර්දනය කළා. ඒ නිසා මේ වචනේ එක්ක කාන්තාවන්ට පුංචි නෑකමකුත් තියෙනවා වගෙයි. සැබැවින්ම පළමු මානව කොරෝනා වෛරසය සොයා ගෙන තිබෙන්නෙත් කාන්තාවක්. ඇය ජූන් අල්මේඩා. වයස අවුරුදු 16 දී පාසල හැර ගිය ස්කොට්ලන්ත ජාතික බස් රියැදුරකුගේ දියණියක්.

කොවිඩ් - 19 නව රෝගයක් වුණත් ඊට හේතුවූ කොරෝනා වෛරසය මුලින්ම සොයාගෙන තිබෙන්නේ වෛරස් රෝග විශේෂඥවරියක් වන වෛද්‍ය ජූන් අල්මේඩායි.

ලන්ඩනයේ සාන්ත තෝමස් රෝහලේ රසායනාගාරයේදී 1964 දී ඇය මේ වටිනා සොයා ගැනීම සිදු කළා.

ඔන්ටාරියෝ පිළිකා ආයතනයේ සේවය කරද්දී ඉලෙක්ට්‍රෝන මයික්‍රස්කෝපය ඇයට කුඩා දැරියකට බෝනික්කියක මෙන් සමීප වූවා. ඇය ප්‍රතිදේහ යොදාගෙන ඉලෙක්ට්‍රෝන් මයික්‍රස්කෝපයෙන් වඩා හොඳින් වෛරස බැලීමේ ක්‍රමයක් සොයා ගැනීමට පුරෝගාමී වූවා. ඇයගේ දස්කම් ගැන ආරංචි වුණු බ්‍රිතාන්‍ය ලන්ඩනයේ සාන්ත තෝමස් වෛද්‍ය පාසලට ඇය කැඳවා ගත්තා.

වත්මන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද කොරෝනා වැලඳුණු පසු ප්‍රතිකාර ලැබුවේ ඒ රෝහලෙයි.

ඒ වන විට සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවට සම්බන්ධ වෛරසය ගැන පරීක්ෂණ සිදුකෙරෙමින් පැවතුණා.

වෛද්‍ය ටිරෙල් ජූන්ට වෛරස් සාම්පල එව්වේ ඉලෙක්ට්‍රෝන මයික්‍රස්කෝපයෙන් වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමටයි.

ඒත් ඉලේක්ට්‍රෝන මයික්‍රස්කෝපයෙන් එය පෙනේවිදැයි කියාවත් ඔවුනට විශ්වාසයක් තිබුණේ නැහැ.

කොහොමවුණත් වෛරස හඳුනා ගැනීමටම උපන් හපන්කම් පෑ ඇය හඳුනාගත් අලුත් වෛරසය තමයි මුල්ම මානව කොරෝනා වෛරසය.

ඇය සොයාගත් මේ වෛරසයේ ඡායාරූපයක් බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ 1965 දී පළ කළා. කොරෝනා වෛරසයේ ඡායාරූපයක් මුල්වරට එළි දැක්වුණේ එහෙමයි.

වෛරසය වටා ඇති ඔටුන්නක ස්වභාවය නිසා වෛද්‍ය ටිරෙල්, වෛද්‍ය අල්මේඩා ඊය කොරෝනා නම තැබුවා.

සටහනලන්ඩනයේ පාසලෙන් පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ ඇය වෛරස් විද්‍යාවෙන් ලෝකයට අනූපමේය සේවයක් සිදු කළා. ඇය 2007 අවුරුද්දේදී මිය ගියේ වයස අවුරුදු 77 දියි. හරියටම ඇයගේ මරණෙන් වසර 13 ක් සම්පූර්ණ වෙලා.

කොරෝනා වෛරසය මයික්‍රස්කෝපයෙන් ඇය දැක්කේ මීට වසර 56 කට කලින්. අද ලොවම කතා කරන්නේ කොරෝනා ගැනයි.

ඒත් වැඩි දෙනකුට එය සොයා ගත් ජූන් අල්මේඩා නම් අමතක වෙලා.

කොරෝනා පමණක් නොව හෙපටයිටිස් බී, එච්අයිවී, රුබෙල්ලා වෛරස සොයා ගැනීමේදීත් ඇය පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.

රෝගවලට හේතුව හොයන්න ඇය මෙපමණ උනන්දු වුණේ කුඩා වියේදී ලද අමිහිරි අත්දැකීමක් නිසයි.

අල්මේඩාගේ කුඩා සොයුරා වයස අවුරුදු හයේදී ගලපටලයෙන් මියගියා. ඉන්පසු ඇය රෝග ඇති වෙන හැට් සොයන්න දැක්වූවේ පුදුම උනන්දුවක්.

පවුලේ මොනතරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් අමරණීය වෛරස් විශේෂඥවරියක වීමට ඇයට හැකිවුණා.

නව කොරෝනා වෛරසය යන නම ඉක්මනින්ම වසූරිය මෙන් අතීතයට එක්වන වචනයක් වේවා යන්න හැමගේම පැතුමයි. එහෙත් එවැනි වෛරස සොයා ගන්නා ජූන් වැන්නියන් අදටත් වඩා හෙටට අවශ්‍යයි.