කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායිකාවන් බිහි කරන තරුණී - SAPP කෘෂි බළකාය ව්‍යාපෘතියේ පළමුවැන්න සාර්ථකව ගම්පහදී

අප්‍රේල් 18, 2022

 

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන SAPP ආයතනය සමඟ එක්ව කාන්තා ඔබ සාර්ථක ව්‍යවසායිකාවක් කිරීමේ අරමුණින් තරුණී පුවත්පත ආරම්භ කළ 'තරුණී SAPP කෘෂි බළකායේ' පළමු වැඩසටහන ගම්පහ නගර සභා ශාලාවේදී පසුගියදා ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, තරුණී ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න, SAPP ආයතනයේ යෞවන කටයුතු උපදේශක සංජීව රුද්‍රිගු, 2021 සුපිළිපන් සම්මානය දිනූ ග්‍රාම නිලධාරිනිය නිෂාරි අනුරුද්ධිකා, කහ වගාවෙන් සාර්ථක ව්‍යවසායිකාවක් බවට පත්වුණු සෞභාග්‍යා කහ කුඩු නිෂ්පාදන ආයතනය හිමි ව්‍යවසායිකා මදුෂි භාග්‍යා සහ ඇන්තූරියම් වගාවෙන් සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත්වුණු ධම්මික ප්‍රභාත් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පැවැත්වුණි.

SAPP ආයතනයේ කෘෂි ව්‍යාපාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන මහත්මියගේ උපදේශකත්වයෙන් අපේ රටේ සුවහසක් කාන්තාවන්ට නිවැරැදිව වගාකර සරු අස්වණු ලබාගෙන සාර්ථක කෘෂි ව්‍යාපාරිකාවක් වීමට අත්වැල් සැපයීම උදෙසා ලේක්හවුස් ආයතනයේ තරුණී පුවත්පත මේ වැඩමුළුව සංවිධානය කරන ලදී. එහිදි කෘෂි වගාව විනෝදාංශයක් ලෙස සිදුකරමින් අතමිට සරු කර ගන්නේ කෙසේද? ඒ සඳහා දැනුම, උපදෙස්, ණය සහන ලබා ගන්නේ කෙසේද? යන විවිධ අංශයන් යටතේ පැමිණි පිරිස දැනුම්වත් කළේ SAPP ආයතනයේ යෞවන කටයුතු උපදේශක සංජීව රුද්‍රිගු මහතා විසිනි.

 

විශේෂ ස්තුතිය - ධනංජය ෆ්ලෝරා ආයතනයේ සමන් ජයලත් මහතාට

 

ඡායාරූප - ශාන් රූපස්සර