මානසික ගැටලු

අප්‍රේල් 1, 2024

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවය හමුවේ බොහෝ විට කිසිඳු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වෙති. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට, ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.
ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.
අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.


එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.
 

රහස් ප්‍රදේශයේ බිබිළි

 

ප්‍රශ්නය

මා 26 හැවිරිදි තරුණියක්. මා හට පෙම්වතෙක් නොමැති අතර මා කිසි දිනෙක ලිංගික සබඳතා පවත්වා නැත. මීට මාස 4කට පමණ පෙරදී මාගේ රහස් ප්‍රදේශයේ යෝනි මාර්ගයට ආසන්නව කුඩා බිබිළි කිහිපයක් හටගෙන තිබුණි.

පසුගිය සතිය වනවිට එම බිබිළි වර්ධනය වී දදයක් මෙන් ව්‍යාප්ත වී ඇත. එම බිබිළි පෙනුමෙන් කුරුලෑවලට සමානය. මා ඒවා තදින් මිරිකා බැලූ විට කුරුලෑ මෙන් ඝනකම් ශ්‍රාවයක් පිට වී බිබිළි නැති වී යයි. මේවා කුරුලෑ ද නැතිනම් වෙනත් රෝගයක් ද?

 

පිළිතුර

ඔබ පවසන ආකාරයට එම බිබිළි ලිංගික ඉන්නන්ගේ ස්වභාවයට ආසන්න වුවත් ඒවා කුරුලෑ විය හැකිය. මොකද ලිංගික ඉන්නන් බෝ වන්නේ ලිංගික ඉන්නන් සහිත පුද්ගලයකු සමඟ ඇතිවන ලිංගික හැසීරීමකින් පසුවයි. වෛරසය ඇතුළු වී සති කිහිපයක් ගත වූ පසු පසු එලෙස ලිංගික ඉන්නන් ඇති වේ. මේවා රෝස සහ සුදු පැහැයක් ගනියි. සාමාන්‍යයෙන් වේදනාවක් නොමැති අතර සමහර විට කැසීමක් ඇති වේ. ඇතැම්විට මෙම ඉන්නන්ගෙන් කුඩා රුධිර වහනයක් ඇති වේ. ඔබට හට ගෙන ඇත්තේ කුරුලෑ විශේෂයක් කියා අදහස් කිරීමට හේතුව ලිංගික ඉන්නන්ගෙන් එවැනි ශ්‍රාවයක් පිට නොවන නිසාය. එමෙන්ම ඒවා කුරුලෑවලට වඩා ඝනකමින් වැඩි බිබිළි විශේෂයකි.

නමුත් ඕනෑම බිබිළි වර්ගයක් හටගත් පසු ඒවා අතින් කැඩීම සුදුසු නොවේ. අතින් කැඩූ විට ඒවා ඉක්මනින් ව්‍යාප්ත වෙයි. නිතරම එම ස්ථානය පිරිසුදුව තබාගන්න. නමුත් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.

 

සමලිංගික ආකර්ෂණය වෙනස්කර ගත හැකි ද?

 

ප්‍රශ්නය

මා 34 හැවිරිදි කාන්තාවක්. කිසිවෙකුට පැවැසීමට නොහැකි ගැටලුවකින් මා දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳිමි. මට කිසිඳු විදිහකින් පිරිමි අය ගැන හැඟීමක් ඇති නොවේ. ඒ හැඟීම බලෙන් ඇතිකර ගැනීමට නොහැකිය. මාගේ හිත යන්නේ කාන්තාවන්ටය. ඒ නිසා මම පෙම්වතියන් කිහිප දෙනකු ඇසුරු කළෙමි. අවසන්වරට ඇසුරු කළ පෙම්වතිය වයසින් ඉතාමත් බාලය. අපි දෙදෙනා අවංකවම ආදරය කළෙමු. අපගේ සම්බන්ධය ඇයගේ නිවෙසින් දැනගත් පසු විශාල ප්‍රශ්න ගොඩකට මම මුහුණ දුන්නෙමි. මේ සිද්ධිය නිසා මා සමලිංගිකයකු කියා ගෙදරින් දැනගත් පසු පවුලේ අය මාව නිවෙසින් ද එළවා දැමුවෙමි. දැන් මම සිටින්නේ මිතුරියකගේ නිවෙසේය. මගේ හැඟීම් වෙනස්කර ගත හැකි ද? මට මේ ගැටලුවෙන් මිදීමට අවශ්‍යයි. කරුණාකර මාහට පිහිට වන්න.

පිළිතුර

ඕනෑම තරුණ තරුණියකට හෝ්මෝන වෙනස්කම් හේතුවෙන් ලිංගිකත්වය කෙරෙහි ආකර්ෂණයක් ඇති වේ. මෙහිදී වැඩි වශයෙන් ලිංගික ආකර්ෂණය ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහිය. නමුත් කලාතුරකින් තමන්ගේ ලිංගිකත්වයට සමාන කෙනෙක් කෙරෙහි ද මෙම ආකර්ශණය ඇති වීමට පුළුවන. සමලිංගික ආකර්ෂණය යනු එයයි.

මෙහි අසාමාන්‍යතාවයක් නැති නමුත් සමාජය මෙය දකින්නේ ඉතාමත් නරක, පහත්, නින්දිත ඇබ්බැහියාවක් ලෙසිනි. කෙසේ වුවද සමලිංගික ආකර්ෂණය යනු ඇබ්බැහියාවක් නොවෙයි. එසේම එය රෝගයක් ද නොවෙයි. නමුත් සමාජය තවමත් සමලිංගික බැඳීම් පිළිනොගන්නා නිසා ඔබ වැනි අය සමාජය තුළ දැඩි පීඩනයකට ලක් වේ. බොහෝ රටවල සමලිංගික විවාහ නීතිගතකර ඇති මුත් ලංකාවෙහි තවමත් එවැනි තත්ත්වයක් නොමැත. එබැවින් මේ සමාජය එවැනි සබඳතා පිළිනොගනියි. මෙවැනි ගැටලුවකට මුහුණ දී ඇති එකම කාන්තාව ඔබ නොවේ. එම නිසා මෙය සියදිවි නසා ගැනීමට තරම් ගැටලුවක්කර නොගන්න. පවුලේ අය තුළ ඇති වැරදි ආකල්ප වෙනස් කළ හැක්කේ ඔබටමයි. මෙහි ස්වභාවය ගැන ඔවුන්ට පැහැදිලි කරන්න. එවිට මෙය ඔබේ වරදක් නොවන බව වටගා ගනිවී. එමෙන්ම මේ තත්ත්වය ඔබේ ජීවිතයට බාධාවක් වගේ නම් හෝමෝන එන්නත් කිරීමෙන් ඔබේ හැඟීම් වෙනස් කිරීමට හැකි නවීන ක්‍රම ද පවතියි. ඒ සඳහා හෝමෝන පිළිබඳ වෛද්‍යවරයකුගෙන් සහය පතන්න.