මල් මංගල්ලෙට කේක් ඇසුරුමක්

අප්‍රේල් 24, 2019

ඔන්න ඉතිං අලුත් අවුරුදු මාසය නම් ඉවර වේගෙනයි එන්නෙ. ඊළඟට මැයි මාසෙනෙ. මැයි මාසෙ කියන්නෙත් හරිම සුවිශේෂී මාසයක්.

මේ මාසෙ බුදුන් වහන්සේගෙ අසිරිමත් තෙමඟුල සිදුවුණා වගේම බොහෝ දෙනෙකුට මංගල සීනු හඬ නංවන මාසයක්.

 

ඉතිං ඒ අයත් මේ දිනවල තම මංගල්‍යය වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වෙනවා ඇති. ඔබ මංගල කේක් පෙට්ටි අරගන්න තාමත් නොගියනම් බලන්න, මේ වගේ කේක් පෙට්ටියක් හොඳයි ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු පැහැති රීසයිකල් බෝඩ්

රෝස, කොළ ඒ4 කොළ

බොක්ස් ඩයිකට් එකක්

ක්‍රාෆ්ට් පන්චරයක්

සාදන ක්‍රමය

පළමුව සුදු පැහැති රීසයිකල් බෝඩ් එකෙන් බොක්ස් ඩයිකට් එක තබා පෙට්ටි කපා ගන්න. ඉන්පසු රෝසපාට ඒ4 කොළ ගෙන ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කොයිල් එකක් ඇඳගන්න. පසුව එම කොයිල්එක වටා කපා රෝසමල සාදා කොයිල් එකේ අගට ගම් හා අලවන්න. කොළ, කොළ ඒ4 කොළ මඟින් ක්‍රාෆ්ට් පන්චරයෙන් කපාගන්න.

ඉන්පසු කපාගත් මල් සහ කොළ පෙට්ටියේ උඩින් අලවා ගන්න. මෙහි ඇති අනෙක් කේක් පෙට්ටි ද බොක්ස් ඩයිකට් එකෙන් කපා උඩට කැමැති පරිදි මෝස්තරයකින් අලංකාර කරගන්න.