ලස්සනම ලස්සන පර්පල් ප්‍රභේද මෙන්න

පෙබරවාරි 26, 2024

 

හැඩකාර ඇන්තූරියම් අතරේ ලස්සනම ලස්සන ප්‍රභේද ඇතුළත් පර්පල් වර්ග කිහිපයක් ගැනයි අද මෙලෙස හඳුන්වා දෙන්නේ.

 

* ඇලෙක්සියා පර්පල්

* ඉන්ඩිගෝ පර්පල්

* වයලට් ලව්

* බේබි පර්පල්

* ෆස්ට් පර්පල්

* පර්පල් ඇනොක්

* සෙන්ස

* කවාලි

* පර්පල් හාට්

* අමාවියා පර්පල්

* නිව් පර්පල්

* නෙදර්ලන්ඩ් පර්පල්

* ඩයනමයිට් පර්පල්

* මිස් ජූනියර් පර්පල්

ආදී වශයෙන් හඳුන්වන ඇන්තූරියම්වලට අමතරව වටිනාකමින් වැඩි තවත් අලංකාර පර්පල් වර්ග කිහිපයක්ම දැකිය හැකියි. මේ අතරින් ෆස්ට් පර්පල් යනු වෙළෙඳපොළේ ඉහළ අගයක් ගන්නා ප්‍රභේදයකි.

 

බීජවලින් සොඳුරු මල්

 

ඊට අමතරව මෙරට මල් වගාවේ නිරත දක්ෂයින් විසින් මෙම වර්ග පරාගණයකර බීජ මඟින් මිලක් නියම කළ නොහැකි තරමේ සොඳුරු වර්ග කිහිපයක පැළ වෙළෙඳපොළට නිකුත්කර තිබේ. එම නිසා ලංකාව තුළ කුඩා සහ මහා පරිමාණ වගාකරුවන් අතරේ මේ ප්‍රභේද ජනප්‍රිය වී ඇති අතර අලුතින් වගාවට අවතීර්ණ වෙමින් සිටින ආධුනිකයන් වෙත ද මේ පැළ ලබා දී විශාල අදායමක් ලබා ගැනීමට සමත් වී ඇත.

 

ඉහළ ඉල්ලුමක්

 

එමෙන්ම මවු ශාක කපා පැළ බෝකර ගැනීම හරහා ද මේ වනවිට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. ඉතාමත් ලස්සනම ලස්සන මලකට හා පාටකට හිමිකම් කියන්නට පුළුවන් වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වර්ග අතරට මේ පර්පල් වර්ග ද එකතු වී තිබීම මල් ලෝලීන්ට මහත් සතුටකි.

මෙම පර්පල් වර්ග ඇන්තූරියම් මලට ආසාකරන ඕනෑම කෙනෙකුට නිවෙසේ අලංකාරයට වගා කරගන්නට මෙන්ම ව්‍යාපාරයක් විදිහට තෝරා ගැනීමෙන් අතමිට සරුකරන ආදායමක් ලබා ගැනීමට හැකි වේවි.

 

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති