වෘත්තියක නියැළි කාන්තාවට පිළිගැනීම වැඩියි

මදුරු දැල් මසා ජීවිතය දිනූ ජයනානිශාන්ති
මාර්තු 11, 2020

ගැහැනියකට කාලය කියන දේ හරියට වටිනවා. උදේ අවදි වූ මොහොතේ පටන් යළි නින්දට යනතුරු ඇයට පැවරෙන රාජකාරිවල නිමක් නැහැ. මේ හේතුවෙන් බොහෝ අය සිටින්නේ කනස්සල්ලෙන්. මැසිවිලි නඟමින්.

ඒ නිසාම තමන් තුළ ඇති හැකියාවන් පිළිබඳව ඇයට විශ්වාසයක් නැහැ. තමන්ගේ හැකියාවෙන් පවුලේ ආර්ථිකයට පුංචි හෝ දායකත්වයක් දෙන්න තිබෙන අවස්ථාව ගණන් ගන්නේ නැහැ. “අනේ අපට ඕවට කෝ වෙලාවක්” ඔවුන් නිතරම නඟන මැසිවිල්ල එයයි.

“මම නම් මගේ මහත්තයා සල්ලි දෙනකල් බලන් ඉන්නෙ නැහැ. ඇත්තටම ඔහුගෙන් වුණත් මුදල් ඉල්ලන එක ලැජ්ජාවක්. කාන්තාවකට හොඳ අභිමානයක් තිබිය යුතුයි. දවස තිස්සෙම ගෙදර දොරේ වැඩ පමණක් කළාට ඇයට හොඳ බිරියක්, හොඳ අම්මා කෙනෙක් වෙන්න බැහැ. යුතුකම් වගකීම් මැනැවින් හඳුනාගත යුතුයි. ඒ යුතුකම් වගකීම් ඉටුකිරීමේ දී අනිවාර්යයෙන්ම මුදලට වටිනාකමක් හිමිවෙනවා. අපේ අතේ මුදල් ගැවසුණේ නැතිනම් දරුවවන්ට යමක් අරන් දෙන්න, අපේ අවශ්‍යතාවයකදී අපි හරිය අසරණ වෙනවා. සැමියාගේ හැමදාම මුදල් ඉල්ලන්නත් බැහැ. ඒක දෙන්නටම කරදරයක්. පවුල් අවුල් ඇතිවෙන්නත් මෙය හේතුවක් වන අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය මම හොඳින්ම තේරුම් ගත්තා.

ඒ නිසා විවාහ වුණු අලුතම මම පුංචි ස්වයං රැකියාවකට යොමු වුණා. දුර දක්නා නුවණින් එදා ආරම්භ කළ ස්වයං රැකියාව අද අපේ මුළු පවුලටම වෙස්වලාගත් ආශීර්වාදයක් වී තිබෙනවා.

හැමෝම හිතන්නෙ රාජ්‍ය අංශයේ රැකියා ගැන. නැත්නම් ඉහළ පෙළේ පෞද්ගලික රැකියාවක් ගැන. මේ සිහිනයෙන් කිසිදාක ඔබේ ඉලක්ක කරා යා නොහැකියි. තරුණී පාඨක ඔබට මා එසේ කියන්නේ මගේ ජීවිත අත්දැකීමෙන්. මොකද මමත් උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු 16 ක් මදිවූ කෙනෙක්. ඉන් පසුව ව්‍යාපාර කළමනාකාරණ පාඨමාලාවක් හැදෑරුවා. පෙර කී රැකියා සඳහා සිය ගණන් අයදුම්පත් යොමු කළා.

 

 

2020/03/11 තරුණි බලන්න