ඔසරියට ගැළපෙන රන් පැහැ කරාබු යුගලක්

මැයි 8, 2023

හැඩට රුවට ඉන්න තරුණියන් උත්සව අවස්ථාවල දී වඩාත් සොඳුරු ලෙස සැරසෙනවා. එවැනි තරුණියන් වෙනුවෙන් තවත් ලස්සන කරාබු යුගලක් නිර්මාණය කරගන්නා ආකාරය මෙන්න.

මේ කරාබු යුගල වඩාත්ම ගැළපෙන්නේ ඔසරියෙන් සැරසුණු යුවතියකටය. සුළු සුළු වෙනස්කම් කර ගනිමින් ගවුමකට ගැලපෙන ආකාරයට වුව ද මෙය නිර්මාණය කර ගත හැකියි. මේ කරාබු ඔබේම අතින් නිර්මාණය කරන්න.

මේ අත්කම් තමන්ට නැතිනම් දියණියට වගේම මිතුරු මිතුරියන් වෙනුවෙන් තෑගි දෙන්නත් කදිමයි.

 

අවශ්‍ය දේවල්

 

මිලි මීටර් 8 ප්‍රමාණයේ රතු පබළු

රන්වන් පැහැ කප්ස්

රන්වන් පැහැ චේන් කොටසක්

රන්වන් පැහැ හුක්ස්

රන්වන් පැහැ හෙඩ් පින්ස්

ජම්පින් රිංග්ස්

උල් අඬුවක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව රතු පබළු තුළින් හෙඩ් පින් එක යවා ගන්න. දැන් එය තුළට කප් එකක් දමා, උඩ කොටස උල් අඬුව ආධාරයෙන් රවුම්කර සකසා ගන්න. පසුව චේන් කොටස ගෙන දිගට සහ කොටට සිටින සේ කොටස් දෙකකට වෙන්කර ගන්න. වෙන්කර ගත් කොටස් දෙකට සකසාගත් පබළුව පින්තූරයේ පෙනෙන පරිදි උල් අඬුව මඟින් සම්බන්ධ කරගන්න. නැවත එම කොටස් දෙක ජම්පින් රිං එකක් ගෙන අඬුව මඟින් තරමක් ඈත්කර එය තුළට චේන් කොටස් දෙක සම්බන්ධකර එයටම හුක් එක ද සම්බන්ධකර අඬුව මඟින් ඈත් කරගත් රිං එක නැවත තදකර සකස්කර ගන්න.

 

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණී චූලනි ජයසිංහ

විදුමිණි දිසාකරුණා