දිගු මල් ගවුමයි ලස්සන ෙබා්මයි

දෙසැම්බර් 11, 2023

 

හලෝ නෙතුමි... කාලෙකට පස්සේ අපි හම්බුණේ. ඔව් ශෙහානි. මගෙ වෙඩින් එක ජනවාරි මාසයේ. මම මේ දවස්වල ගොඩාක් බිසී. ඒක නෙමෙයි ඔයාව හම්බුණේ හොඳ වෙලාවට. මට ෆ්‍රී ෂූට් එකට ඇඳුම් ටිකක් මහ ගන්න ඕනේ.

 

ඉන්නකො නෙතුමි මම ඔයාට මංගාව තියෙන ගවුම් වගයක් පෙන්නන්නම්. ඔයාට ඒක හරි යනවා කියලා හිතෙනවා නම් මට පුළුවන් මහලා දෙන්න.

 

අනේ තෑන්ක්ස් ශෙහානි. මට හැම තැනම රස්තියාදු වෙන්න ඕනෙ නෑ. මං සිලෙක්ට් කරලා දෙන්නම්.

 

මහන්න දන්න යාළුවෙක් ඉන්නවා කියන්නේ කොච්චර වටින දෙයක්ද කියල තේරෙනවා නේද? ශෙහානි තමන්ගේ වටිනාකම එහෙම කියද්දි ඇත්තටම ඔබටත් තේරෙනවා නේද ඇඳුමක් තමන්ට කැමති විදිහට මහ ගන්න පුළුවන් කියන එකේ වටිනාකම. ඉතින් අපි ඔබට මේ විදිහට ඇඳුම් මසාගන්න කියලා දෙන්නෙත් එවැනි වටිනා කාන්තාවක් වීමේ වරප්‍රසාදය ඔබට ලබා දීමටයි.

 

 

මෙන්න ඔබට අවශ්‍ය මිමි

 

* උරහිස අඟල් 15

* කරවට අඟල් 13

* කර ගැඹුර අඟල් 6

* පපුව දක්වා උස අඟල් 10

* ඉණ දක්වා උස අඟල් 14

* පපුව වට අඟල් 36

* ඉණ වට අඟල් 29

* සාය උස අඟල් 40

* අත උස අඟල් 9

* කැප් උස අඟල් 4

* අත අග වට අඟල් 12

* පතරොමේ අත්කට අඟල් 8

 

බ්ලවුසය හා සාය වෙන වෙනම සාදා ඇති අතර සාය සඳහා තට්ටු සාය භාවිතකර ඇත.

 

මුලින්ම බ්ලවුසය සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 1 1/2ක් ලකුණුකර නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යය යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අගල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස හා සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණුකරන්න එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා ඩාට් සඳහා එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න .

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර K සිට අඟල් 1 1/2ක් පහත්කර යා කරන්න.

 

පසුපස

 

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. පසුපස කර ගැඹුර අඟල් 4ක් 5ක් පහත්කර කර අඳින්න.

 

සාය

 

සාය තට්ටු කොටස් 2කට වෙන්කර ඇත. එය සාය උස ගෙන කොටස් 2ට බෙදා ගන්න. පළමු කොටස සඳහා එම උසට මැහුම් වාසි එකතුකර උස ද පළලට රැලි සඳහා එකතුකර දිග ද කපාගන්න.

 

දෙවැනි කොටස සඳහා එහි උසට මැහුම් වාසි ද පළලට පළමු කොටසේ දිගට රැලි සඳහා ද එකතුකර කපාගන්න.

 

අත

බෝරිච්චි අත භාවිතකර ඇත.

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අදින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න. A, E, D ලක්ෂ්‍යයේ සිට අතේ රැලි සඳහා අඟල් 3ත් 5ත් අතර ප්‍රමාණයක් වැඩිකර අත අඳින්න.

 

අතේ අග ගැදරින් එක සඳහා අඟල් 2 1/2 ක් 3ක් පමණ ඉහළින් ගැදර්කර ඇත.

 

 

 

මෙන්න මේ ආකාරයට මසාගන්න.

 

* පළමුව ඉදිරිපස ප්‍රින්සස්ලයින් එක මසන්න.

* උරහිස මසන්න.

* කර පේශින් හෝ පයිපින් කරන්න.

* අත රැලිකර ඉහළද රැලිකර අත අල්ලා ගන්න.

පළමු තට්ටුව රැලිකරන්න.

* දෙවැනි තට්ටුවද රැලිකර අල්ලා ගන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක