ඔබව ප්‍රින්සස් කෙනෙක් කරන ප්‍රින්සස් ලයින් ගවුමක් මහමු

අප්‍රේල් 29, 2024

 

ප්‍රින්සස් ඩයනා ලොවක් ආදරය කළ සුරූපිනියක්. ඉතින් කොයි කවුරුත් කැමැතියි තමනුත් ප්‍රින්සස් කෙනෙක් වගේ අනෙක් අය දකිනවාට. ශරීරයේ හැඩය, පැහැය ඔප්නැංවෙන මේ ගවුම් විලාසිතාව මේ දිනවල අතිශය ජනප්‍රියයි.

 

වෙළෙඳපොළ පුරාම යනවාට වඩා මෙවැනි ගවුමක් තමන්ගෙම අතින් මහගන්නේ නම් එහි වටිනාකම වැඩියි. ඔබ දියණියන් සිටින මවක් නම් උපන් දිනයකට, අමතර පන්ති යන්න මසා දිය හැකියි.

අද අපි මැහුම් ඉස්කෝලේ වෙතින් ලබාදෙන ගවුම මසා ගන්නා ආකාරය කියාදෙන්නේ හරිම සරල අලුත් ක්‍රමයකටයි. ඔබේ මනසට වැඩි වෙහෙසක් නොයොදාම හරිම සරලව මෙය මසා ගන්නත් පුළුවන්.

මේ සඳහා ප්‍රින්ටඩ් රේන්බෝ මැටීරියල් එකෙන් මීටර් 3 1/2ක් අවශ්‍ය වේ. වඩාත් උස මහත යුවතියක් නම් මීටර් 4ක් පමණ අවශ්‍ය වේ.

එසේත් නොමැති නම් ගවුම් සඳහා භාවිත කරන විස්කෝස්, ලිනන්, බතික්, මාෂා, බබල්, රෙයෝන් වැනි වඩා ඝනකමින් අඩු රෙදි වර්ගයක් භාවිත කළ හැකියි.

 

අවශ්‍ය මිමි

උරහිස අඟල් 13

පපුව වට අඟල් 32

ඉණ වට අඟල් 26

උර සිට ඉණ උස අඟල් 13

උර සිට සම්පූර්ණ උස අඟල් 50

ඩාට් පරතරය අඟල් 6

මිමි ගණනය කරමු

පපුව වට /4 = අඟල් 32/2 = අඟල් 8

උරහිස /2 = අඟල් 13/2= අඟල් 6 1/2

ඉණ වට /4 = අඟල් 26/4 =අඟල් 6 1/2+ අඟල් 1 (ඩාට්ි සඳහා) = අඟල් 7 1/2

ඩාට් පරතරය = අඟල් 6/2= අඟල් 3

අවශ්‍ය රෙදි ප්‍රමාණය - රේන්බෝ මැටීරියල් එකෙන් යාර 3 1/2ක් හෝ යාර 4ක් ගන්න. අඟල් 60ක පළලින් පිටුපස පළුවට සිපරයක් ‍ෙයාදා සකසාගන්න.

 

මැසීමේ පියවර - ඉදිරිපස ප්‍රින්සස් ලයින් හැඩය මසා උරහිසට පටි කොටස් දෙකක් තබමින් ලයිනින් කළ කොටස තබා මසන්න. පේෂින් කොටස තබමින් ඉදිරි උරහිස පටි කෙළවර උරහිසට සමාන්තරව තබා මසන්න.

සාය කොටස මැසීමේදී ඉණ මෙන් දෙගුණයක් ගත් කොටස පළමු තට්ටුව ලෙසින් ද ඉණට රැලි තබමින් මසන්න. එසේ පිළිවෙළට 2 වැනි තට්ටුව, 3 වැනි තට්ටුව රැලි තබමින් මසන්න. මෙලෙස පිටුපස කොටස ද රැලි තබමින් තට්ටු පිළිවෙළට රැලි තබා මසන්න. ඉන්පසුව අංශ මසා පහත වාටිය මසන්න.

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි