පොත් මේසය සරසන්න මල් බයිසිකලයක්

මාර්තු 13, 2019

නෙත පිනවන සොඳුරු නිර්මාණ බිහිකරන පේපර් කුවිලිං කලාව යටතේ අප වැඩි වශයෙන් ඔබ වෙත රැගෙන ආවේ අපූරු බිතු කැටයම්ය. නමුත් මේ පේපර් කුවිලිං හැඩතල යොදා ගනිමින් ඔබට සිතාගත නොහැකි අන්දමේ චමත්කාර නිර්මාණ බිහිකර ගත හැකියි.

බලන්න මේ මල් බයිසිකලය. ඔබගේ ආදරණීය දියණිියගේ, පුතණුවන්ගේ පොත් මේසය සරසන්න කදිමයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය:

* වර්ණ කිහිපයක ඒ4 කඩදාසි පටි

* කුවිලිං ටූල් එකක්

* අඟල් 02 ක පමණ ප්‍රමාණයේ ප්ලාස්ටික් පියනක්

* කතුරක් සහ ගම්

නිර්මාණය සකසා ගනිමු

පළමුව අඟල් දෙකක පමණ විෂ්කම්භය සහිත බෝතලයක් ගෙන එය වටා ඒ4 කඩදාසි පටි වළල්ලක් ආකාරයට ඔතාගන්න.

මේ ආකාරයට වළලු දෙකක් සකසාගන්න. ඉන්පසුව එක මත එක අලවා ඝනකමට සකසා ගත් පටි කිහිපයක් (ඉහත සකසාගත් රවුම්වල විෂ්කම්භයට ගැළපෙන ප්‍රමාණයට) තරුවක් ආකාරයට අලවාගන්න. අනතුරුව මේ තරුව කලින් සකසාගත් රවුමට අලවා වැඩි කොටස් කපා ඉවත් කරන්න.

 

2019/03/13 තරුණි බලන්න.