අසිරිමත් පළමු දහම් දෙසුම

මැයි 2, 2022

 

මේ උදා වී තිබෙන්නේ සම්බුදු තෙමඟුල සමරන පින්බර වෙසක් මහයි. පින්කම් කරන්නට සිත යොමුකරවන මේ කාලයේ කතිර නිර්මාණ කරන ඔබට, අගනා සම්බුදු රුවක් කතිර රටාවෙන් ගෙත්තම් කරන්නට මෙන්න අවස්ථාව. පස්වග මහණුන් හට දහම් දෙසමින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ අවස්ථාව සිත්තම් කර ඇති රූපයක් මෙලෙස කතිර රටාවට නඟා තිබෙනවා. බලන්න, අප තිළිණ කරන මේ අගනා වෙසක් තිළිණය ඔබට මොනතරම් වටිනාකමක් ගෙන දෙනවා ද කියා. බැති සිතින් පේවී බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔබත් මෙය නිර්මාණය කරන්න.

 

මේ නිර්මාණයට අදාළ දළ සටහනේ  කොටස් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

 

 

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති

සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්,

රාමුව.

ඉඳිකටු, කතුර

 

 

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් නිර්මාණය අඟල් 11.8x17.2 කි. රාමුකර ගැනීමට වටේට ඉඩ තැබූ විට සම්පූර්ණ නිර්මාණයේ ප්‍රමාණය අඟල් 17.7x23.01 කි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය

 

තව විශාල වේ. නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න.