රෙදිවලින් හැඩ කළ කරාබු යුගලක ආකර්ෂණය

මැයි 30, 2022

 

හැඩට රුවට ඉන්න තරුණියන් උත්සව අවස්ථාවල දී වඩාත් සොඳුරු ලෙස සැරසෙනවා. එවැනි තරුණියන් වෙනුවෙන් තවත් ලස්සන කරාබු යුගලක් නිර්මාණය කරගන්නා ආකාරය මෙන්න. මේ කරාබු ඔබේම අතින් නිර්මාණය කරන්න. මිතුරියන් වෙනුවෙන් නිර්මාණය කර වෙළෙඳපොළක් ද සොයා ගන්න.

 

අවශ්‍ය දේවල්

වෙළෙඳපොළෙන් ගත් ප්ලාස්ටික්

රවුම් දෙකක් (පින්තූරයේ පෙනෙන

හැඩැති)

අලවා ගැනීමට ගම්

සිල්වර් පැහැ කරාබු හුක්ස්, ජම්පිං රිංස්

උල් අඬුව, ලයිටරයක්

 

සාදා ගැනීම

පළමුව රෙදි කොටස ගෙන අඟල් 3/4 පළලට පටි කොටසක් කපා ගන්න. කපාගත් රෙදි පටි කොටසෙහි වටේම අයින් ලයිටරය මඟින් පුලුස්සා ගන්න. පසුව එම රවුමෙහි එක තැනකින් හොඳින් ඇලවෙන ගම් ආලේප කර රෙදි පටි කොටස අලවා එම රවුම වටේට තැනින් තැනට ගම් ආලේප කරමින් හොඳින් රෙදි පටිය අලවා ගන්න. හොඳින් වියළාගත් පසු එම රවුමෙහි උඩින් තිබෙන සිදුර පාදාගෙන එයට උල් අඬුව ආධාරයෙන් ජම්පිං රිං එකක් සම්බන්ධ කර එයටම හුක් එක ද සම්බන්ධ කර ගන්න.

 

 

 

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් ශිල්පිනී

චුලනී ජයසිංහ