පැතුම් ගෙනෙන්නට කදිම සුබ පැතුම් පතක්

ඔක්තෝබර් 3, 2022

 

උපන් දිනය හැමෝටම විශේෂයි. ඒ විශේෂිත දවසට සුබ පැතුම් ගෙනෙනවාට හැමෝම කැමැතියි. ඒ නිසා ඔබේ සමීපතම මිතුරියට, පෙම්වතාට නැත්නම් පවුලේ සමීපතම අයකුට සුබපැතුම් ගෙනෙන්නට අගනා සුබ පැතුමක් මෙලෙස නිර්මාණය කරමු.

 

 

කැමැති පරිදි සුදුසු කාඩ්බෝඩ්

වර්ගයක්

තද දම් හා ළා දම් පැහැති බෝඩ්

රැපිං පේපර් එකක්

ගම්, කතුරක්, ඩයි කට්ස්

 

ඉදිරිපස නිර්මාණය කිරීම

පළමුව රූප සටහනේ දී ඇති ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය බෝඩ් කොටස් සහ රැපිං කොටස් කපාගන්න. පළමුවෙන්ම දිගින් වැඩි සුදු බෝඩ් කොටස ගෙන හරි මැදින් දෙකට නමා කාඩ් එකක ආකාරයට සකසා ගන්න.

කාඩ් එකෙහි ඉදිරි පැත්තට තද දම් බෝඩ් කොටස හරි මැදින් අලවාගන්න. එහි උඩට වෙළෙඳ පොළෙන් ගත් ඩයි කට් එක ද අලවා ගන්න. ඩයි කට් එක ගැනීමට අපහසු කෙනකුට වෙන යම් දෙයකින් මෙය සකසා ගැනීමට හැකියි. ඩයි කට්ස් මල් හා කොළ අතු ද පෙනෙන පරිදි අලවා ගන්න. මේ මල් ෆෝම් ෂීට්වලින් කපා ගන්නේ නම් කපා ගත් මල් පෙති විදුලි ස්ත්‍රික්කය (Iron) මඟින් රත් කර ටූල් කර ගන්න.

 

ඇතුළු පැත්ත

නිර්මාණය කිරීම

පළමුව කාඩ් පතෙහි ඇතුළු පැත්තෙන් ළා දම් බෝඩ් කොටස් දෙක අවුට් ලයින් සිටින සේ හරි මැදින් අලවාගන්න. අගල් 16x2 සුදු පටිය ගෙන එය කොටස් දෙකට නමා ගන්න. නැවත නමා ගත් කොටස් දෙක විරුද්ධ පැත්ත දෙකට නමා ගැනීම කර මෙහි නැමි හොඳින් මතුවන සේ සකසා ගන්න. පසුව අනෙක් සුදු බෝඩ් කොටස් හතර කපා ගත් රැපිං කොටස් අවුට් ලයින් සිටින සේ අලවා සකසා ගන්න.

 

පළමුව කොටස් හතරට නමා ගත් සුදු පටියේ හරි මැද නැම්ම උඩට සිටින සේ කාඩ් පතෙහි හරි මැදින් දෙපැත්තෙන් පමණක් ගම් ආලේප කර හොඳින් අලවා ගන්න. මෙය අලවා ගත් පසු පින්තූරයේ පෙන්වා දී ඇති පරිදි රැපිං කොටස් අලවා ගත් සුදු පොඩි බෝඩ් කොටස් හතර එම සුදු පටිය මතින් අලවා ගන්න. (පටියට පමණක් ඇලවෙන සේ) ඔබ කැමැති පරිදි සුබ පැතුම දෙන කෙනාගේ ඡායාරූප එකතුවක් ද මේ කොටස්වලට අලවා ගන්න. මුදල්මය තෑගි ද දෙන්නේ නම් එහි එක කොටසකට තවත් පොඩි බෝඩ් කොටසක් කපා රැපිං කොටස උඩට තුන් පැත්තකින් අලවා ගන්න. එහි උඩින් මුදල් නෝට්ටු දැමිය හැකියි. මෙය කැමැති ආකාරයකට අලංකාර කර ගත හැකියි.

මෙහි විශේෂත්වය නම් මෙම කාඩ් පත මේසයක් මත ද දිග හැර තැබිය හැකි වීමයි.

 

 

සුදු බෝඩ් කොටස් 1ක්

- අඟල් 16x6

ළා දම් බෝඩ් කොටස් 2ක් -

අඟල් 7 1/2x5 1/2

සුදු බෝඩ් කොටස් 1ක් -

අඟල් 16x2

තද දම් බෝඩ් කොටස් 1ක් - අඟල් 6x4

සුදු බෝඩ් කොටස් 4ක් -

අඟල් 4 1/2x3

රැපිං කොටස් 4ක් -

අඟල් 4 1/4x2 3/4

 

 

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ