කෑම පෙට්ටි අරන් යන්න පුංචි බනී මසාගන්න

අලුත් අවුරුද්දේ කෑම ගෙනියන්න අඩුම මුදලට අලුත්ම බෑගයක් මසමු
දෙසැම්බර් 12, 2022

 

පවතින ආර්ථික රටාවත් එක්ක එළැඹෙන නව වසරේ සියල්ල අලුතින් මිලදී ගන්නට කොයිකාටත් අපහසුයි. එබැවින් ඔබ ළඟ ඇති පුංචි පුංචි දේවල් වලින් අලුත් එකතුවක් කරගෙන ප්‍රයෝජනයට ගන්න වෙන්නේ. කාර්යාලයට යන යුවතියකට වුණත් සාරියට ගැළපෙන බෑගය, පාවහන්, කොණ්ඩා කටු සියල්ල අලුතින් මිලදී ගන්නට අපහසුයි. මේ ඇයට දිවා ආහාරය රැගෙන යාම සඳහා පුංචි බෑග් නිර්මාණයකි. ලොකු මුදලක් වැය නොවේ. ගෙදර ඉවත දමන රෙදි කැබැල්ලක් ප්‍රයෝජනයට ගෙන මෙවැනි හුරුබුහුටි බෑගයක් මසාගත් පුළුවන්.

 

මේ බෑග් එක මසාගන්න මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා.

 

ඔබ කැමති වරණයක ඝනකම් රෙදි මීටර් 1/2 ක් හෝ මුද්‍රිත රෙදි 1/4 ක්

ලයිනින් රෙදි කොටසක්

පැඩින් කොටසක්

කෝඩ් පටියක්

 

බෑග් එක මසා ගන්නෙ මෙන්න මෙහෙමයි

 

දැන් අපි ඔබට ලබා දී ඇති පතරොම් ඝනකම් කාඩ්බෝඩ් කැබැල්ලක් ආධාරයෙන් ඇඳ කපාගන්න. ඒවා ඔබ තෝරා ගත් රෙදි කොටස මත ඇඳ ගන්න. ලබාදී ඇති රූප සටහන් අනුගමනය කරමින් රෙදි කොටස් දෙක බැගින් ද ලයින් කොටස් දෙක බැගින් ද 2 රූපයෙ පරිදි රෙදි කොටස් දෙකක්ද ලයින් එක කොටසස් ද අංක 3 රූපය පරිදි ඝන මුද්‍රිත රෙදි කොටස් දෙකක් අවශ්‍ය වේ. මෙහි අඩිය කොටස සඳහා රෙදි සහ ලයින් කොටස් එක බැගින් කපා ගත යුතුයි. දැන් අපි බෑගය මැසීමට පටන් ගනිමු. මුලින්ම කරන්න ඕනේ අංක 1 සහ අංක 2 රෙදි කොටස් හතර එකට එකතු කර ගැනීමයි. අංක 4 අඩිය කොටසට රෙදි, පැඩින්, ලයින් එකට තබා වටේ මසාගන්න. එකට එකතු කර මැසු රෙදි කොටසට අඩිය කොටස තබා වටේ මසන්න. ලයිනින් සඳහා අංක 1 සහ 2 එකට එකතු කර මසන්න. තවත් අඩිය කොටසක් කපා ගෙන මැසූ කොටසට එම අඩිය කොටසට අල්ලගන්න.

දැන් ඔබට මසා නිම කර ගත් කොටස් දෙකක් වෙන වෙනම ලැබී ඇති. අංක 3 කන කොටස් දෙක රූපය දෙස බැලීමෙන් සකස් කරගන්න. බෑගය හොඳපිට කොටස දෙපසට අංක 3 රූපයෙ පෙනෙන කොටස අල්ලා ගන්න. දැන් බෑගයෙ හොඳ පිට පැත්තට ලයිනින් කොටස් එකතු කර මැසූ බෑග් කවරයේ හොඳපිට එකට තබා කට වටේ මසාගන්න. out line කිරීමට පෙර පටියක් යැවිය හැකි වන ලෙස මැහුමක් වටේට ගසාගන්න. දැන් අවුට් ලයින් (out line) කරන්න. කළු පැහැති රෙදි කොටසකින් ඇස්,කට, නාසය කපා අල්ලා බෑගය අලංකාර කරගන්න. අවසානයට කෝඩ් එකක් වටේට යවා බෑගයෙ කට කොටස හිරකරගන්න.

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී ඉරේෂා අබේකෝන්