හරියටම ඇඳුම මහගන්න මේ සිපර් තෝරා ගනිමු

ජනවාරි 22, 2024

 

ඇඳුම් මැසීමේ කලාවේදී සිපර් ගැන කතා නොකරම බැහැ. විවිධ විලාසිතා යටතේ අප නොයෙක් වර්ගයේ ඇඳුම් නිර්මාණය කරනවා. ඒ ඇඳුම් නිර්මාණ අතරට අත්‍යවශ්‍යවන තවත් කොටසක් තමයි සිපර් එකයි. සිපර් භාවිත වනුයේ ඇඳුම් සඳහාම පමණක් නොව,

 

කොට්ට උර

බෙඩ්ෂීට්

කුෂන් කවර

බෑග්

පර්ස්

සපත්තු

 

මේ කොටස් සඳහා ද සිපර් භාවිත කරනු ලබනවා. ඒ ඒ වර්ග අනුව අපට වෙනම සිපර් වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි. එමෙන්ම ප්‍රමාණය වෙනස් සිපර් වර්ග ද බොහොමයක් ඇත. අඟල් හතරේ සිට ඔබට අවශ්‍ය පරිදි සිපර් මිලදී ගැනීමේ හැකියාව පවතී. සිපරයේ ඇති පළල ද වෙනස්කම්වලින් මිලදී ගැනීමට පුළුවනි.

ඇඳුම් සඳහා භාවිතවන සිපර් අතර එකම සිපරය නොව සිපර් වර්ග කීපයක් ඇත. ඒ අතර ප්‍රධාන ලෙස භාවිත වනුයේ නෝමල් හා ඉන්විසිබල් සිපර් යන දෙවර්ගයයි.

නෝමල් සිපර්

නෝමල් සිපර් අතරද කොටස් 2ක් ඇත. එනම් සිංගල් සයිඩ් සිපර් හා ඩබල් සයිඩ් සිපර් ලෙස. මෙයින් වඩාත් සුදුසුම සිපරය වන්නේ ඩබල් සයිඩ් සිපර් එකයි. එය ඔබ තෝරාගැනීමේදී අවධානයෙන් තෝරාගන්න. සිපරය නිර්මාණය වී ඇති වර්ගය අනුවද වෙනස්කම් පවතී.

 

ඉන්විසිබල් සිපර්

 

නෝමල් සිපර් එකෙන් පසු අප ඊළඟට භාවිත කරන සිපරය නම් ඉන්විසිබල් සිපරයයි. ඉන්විසිබල් සිපර් මැසීම සඳහා වෙනම ඉන්විසිබල් ෆුට් ලෙස හැඳින්වෙන ෆුට් එකක් ඇත. එය ජුකි මැෂිම සඳහා සවි කළ හැකියි. ඉන්විසිබල් ෆුට් එක නැතත් one side put එකෙන් හුරු කෙනකුට මැසිය හැකියි.

 

ඉන්විසිබල් සිපර්යක් ඇඳුමට මැසූ පසු පිටට එය මැසූ බවක් නොපෙනේ. මෙය ලස්සනය. පිළිවෙළය.

ඩෙනිම් කලිසම් බෑග් හා ජැකට් සඳහා අපට මිලදී ගැනීමට වෙනම සිපර් වර්ග ඇත. ඔබගෙ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස ඔබ එය තෝරා ගත යුතුයි.

ඔබට අවශ්‍ය ඕනෑම සිපරයක් මිලදී ගැනීමේදී ඇඳුම සඳහා අවශ්‍ය උසින් හා අවශ්‍ය වර්ණවලින් තෝරා මිලදී ගත හැකියි.

එමෙන්ම ඔබ කුමන සිපරය තෝරා ගත්තද එය හොඳින් ඇර නැවත වසා බලන්න. එවිට එය සුදුසු තත්ත්වයේ තිබේද යන්න ඔබට වැටහෙනු ඇත. තත්ත්වයෙන් බාල සිපර් වර්ග බොහොමයක් වෙළෙඳපොළේ ඇත. කල් පැවැත්මක් ඇති හොඳ සිපර් වර්ග මිලදී ගැනීමට ඔබ උත්සාහ ගන්න.

සිපර් මිලදී ගැනිම මෙන්ම සිපරයක් නිසියාකාරව මැසීමද සිදුකළ යුතුයි.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක