පාසල් දරුවන්ටත් මැසිය හැකි අනගි කතිර රටාවක්

පෙබරවාරි 19, 2024

ලස්සන කතිර රටා නිර්මාණ අවසානයේ වටිනාකම වැඩියි. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ කලාවට ඇලුම් කරති. සියවස් ගණනාවක් ඈත අතීතයකට උරුමකම් කියන කතිර රටා එම්බ්‍රොයිඩර් කලාව අද ලෝකයේ මෙන්ම ලංකාවේද ජනප්‍රියම මැහුම් කලාව වී අවසානය. එයට හේතුව වන්නේ මැසීමේ පහසුවයි.

එනම් කතිර මැස්ම මසන්න ඉතාම පහසු මැස්මක් වීමයි. වැඩිහිටි අයට පමණක් නොව පාසල් යන දියණියන්ට ද කතිර මැස්ම පහසුවෙන්ම මැසිය හැකියි. මේ එවැනි අපූරු කතිර රටාවකි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක්, 12ක්, 14ක් හෝ 16ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක් නොම්මර 18 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි

ඉදිකටු

අවශ්‍ය වර්ණවලින් කපු

කැරැලි නූල්

රාමුවක්

කතුරක්

නිර්මාණය කිරීම

කතිර රටාව මැසීමේදී මැස්ම තදින් ඇදීම නොකළ යුතුයි. එමෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. කතිර මැස්ම මසාගෙන යනවිට සුළු හෝ වරදක් වුවහොත් එය එසැණින් ගලවා වරද නිවැරැදිකර නැවත මසන්න. ඔබ නොසිතුවද සුළු වරදකින් වුවද සම්පූර්ණ මෝස්තරයම ඇද විය හැකියි. මෙම නිර්මාණය මැසීමේදී ඔබ තෝරා ගන්නා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය ඔබට සෙන්ටිමීටර් 13 1/2 x 11 1/2 ප්‍රමාණයකට මසා ගත හැකියි. එසේම මෙය කොටු ගණන්කර මැසිය හැකියි. නැත්තම් නිර්මාණයේ මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ.

ඔබ මේි නිර්මාණය රාමුකර ගන්නේ නම් ඒ සඳහා හතර පැත්තෙන්ම අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න.