කැඩිච්ච ටයිල් කැටෙන් ඩොලර් මවන අමුතු ක්‍රමය

මාර්තු 4, 2024

 

මේ ආදරණීය කාන්තා ඔබේ මාසයයි. ජීවිතය රසවත්ව භුක්ති විඳින්න කාන්තා ඔබට හැකියි. ඔබ දන්නවාද? නාසා ආයතනයේ එල්ලා තියෙන පෝස්ටරයක මී මැස්සෙක් ප්‍රදර්ශනය කරනවා. ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්....? ඒක ඇතුළෙ හරි ලස්සන කතාවක් තියෙනවා.

ඔබ කවදාහරි අහලා තියෙනවද, වායු ගතිකව මී මැස්සෙකුගේ ශරීරය පියාසර කිරීමට සැදී නැති බව? වාසනාවකට මී මැස්සොත් ඒක දන්නෙ නැහැ. භෞතික විද්‍යා නියමයන් නම් කියන්නෙ මී මැස්සකුට පියාසර කරන්න බෑ කියලා. ඒකට හේතුව වායු ගතික මූලධර්මය අනුව උගේ විශාල ශරීර ප්‍රමාණයකට සාපේක්ෂව පියාපත්වල පළල පියාසර කිරීමට ප්‍රමාණවත් නොවෙන තරම් කුඩා වීම. නමුත් මී මැස්සො දන්න භෞතික විද්‍යාවක් නෑ. උන් දන්න එකම දේ වෙන්නෙ ජීවත් වෙන්න සහ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් පුළුවන් තරම් මධු තියෙන මල් හොයාගෙන පියාඹන්න ඕනෙ කියලා විතරයි.

ලෝකයා කුමක් කීවත් ඕනෑම දුෂ්කරතාවක්, ඕනෑම නරක තත්ත්වයක් හමුවේ සෑම මොහොතකම අපි කරන්නත් ඕනෙ ඒකයි. පියාපත්වල ප්‍රමාණය මොකක් වුවත් අපි හැමෝම මී මැස්සන් කියලා හිතුවොත් ඒක ලේසියි.

ඉතින් ජීවිතේ රසවත්ව භුක්ති විඳින්න ඕනෙ නම්, ජීවිතේ මොනතරම් බර වුණත්, ඔබේ සන්තකය මී මැසි පිහාටුවකටත් වඩා කුඩා වුණත් ඒ ගැන හිතන්න එපා. දිරියෙන් ඉදිරියට යන්න ඒ සඳහා වියළි මල් කලාවෙන් දිනෙන් දින ඔබට අප නිසැක ශක්තියක් වන්නෙමු.

අද අපි කියාදෙන්නේ ඉවත දමන ලෑලි කෑල්ලක්, තහඩු, බෝඩ් කෑල්ලක් වගේම කැඩුණු ටයිල් කැටයක් ප්‍රයෝජනයට ගෙන සැරසිල්ලක් කරගන්නේ කොහොමද කියලා. අපි කුමන දෙයක් අමුද්‍රව්‍ය ලෙස භාවිත කළත් වියළි මල්, කොළ සහ අතු භාවිත කරගෙනයි අවසානයේ නිමාව දකින්නේ.

වෙළෙඳපොළේ ඇති වෙල්වට් කැබැල්ලක් මේ සඳහා ගත යුතුයි. එසේ නොමැති නම් ලී කුඩු, යොදා ගත හැකියි. ඡායාරූපයේ පෙන්වා දී ඇති පරිදි කොට පෙත්තට (පසුගිය පාඩම් මාලාවලදී කොට පෙත්ත හඳුන්වා දී ඇත.) හොඳින් ඇලවෙන ගම් දමා එයට වැලි හෝ ලී කුඩු ඉසින්න. එයට උඩින් කැමැති පරිදි මල් බඳුනක් තබාගන්න. එසේත් නැතිනම් ඉවත දමන ලී කැබැල්ලක් මැදින් තබන්න. ඒ ලෑලි කැබැල්ල වටා වෙළෙඳපොළෙහි ඇති ස්ටිකර් එකක් අලවා ගැනීමෙන් අලංකාරයක් ලබා ගත හැකියි.

ගොතපු පටියක් රැඳවීමෙන් ද ලස්සනක් ලබා ගත හැකියි. මීළඟට මැටි බඳුනක් ගෙන දෙකට කපා ගන්න. ග්ලූගන් ආධාරයෙන් එය නිර්මාණය මත අලවා ගන්න. දැන් කොළ පැහැති වෙල්වට් රෙදි කොටස අලවාගත් කොට පෙත්ත ගෙන මේ බඳුන තබා ගන්න. එහි ඇතුළට ඩ්‍රයි ෆෝම් කොටසක් රඳවා ගන්න. ඒ මත නිර්මාණයකර ගන්න. නිර්මාණකරුවාට සොබා දහමෙන් ඕනෑතරම් අමුද්‍රව්‍ය සොයා ගත හැකියි.

තහඩු කැබැල්ලක් පහසුවෙන්ම සොයාගත හැකි එකකි. ඒ මත ඩ්‍රයි ෆෝම් කැබැල්ලක් අලවා ගන්න. මෙය මට්ිටම් තුනකට අලවා ගන්න. (3D ක්‍රමයට) උසට කෝටු වර්ග ද මැදට වෙල් යායක දර්ශනයක් පිළිබිඹුවන ලෙස ඡායාරූපයේ පෙනෙන පරිදි නිර්මාණයකර ගන්න. ඉදිරිපසට පුංචි පුංචි මල් වර්ග, කොළ වර්ග මල් පැළෑටි අලවා ගන්න.

මේ ලෙසට අලුත්ම නිර්මාණයක හිමිකරුවකු වන්නට උත්සහ ගන්න.

 

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්