වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
නත්තල පිළිගන්න කලින්ම එන පිනිමුවා

උඳුවප් සීතල ටික ටික දැනෙන කොට නත්තල් අසිරිය මැවෙන්නේ ඉබේටමයි. සාමයේ කුමරු උපන් සොඳුරු නත්තල සෙනෙහසින් සමරන්නයි කාගේත් ප්‍රාර්ථනාව. ඒ සඳහා ගේ දොර හැඩ කරන්න හිතන ආදරණීය ඔබටයි මේ පිනිමුවා ගෙත්තම.
ළඟ එන නත්තල සෙනෙහසින් පිළිගන්න ඔබත් මෙම කතිර රටාවට ජීවය දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10,11 හෝ 14ක් ඇති කැමැති වර්ණයක අයිඩා රෙදි කොටසක්
නොම්මර 24 හෝ නොම්මර 26
ටැපැස්ට්‍රි ඉඳිකටු
අවශ්‍ය වර්ණවල කැරැලි නූල්
රාමුවක්
ඉඳිකටු
කතුර
නිර්මාණය කිරීම
අඟලට කොටු 10 හෝ 11ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම්, නිර්මාණයේ ප්‍රමාණය තවත් විශාල වේ. එබැවින් රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණය වෙනස් වේ. කෙසේ වෙතත් තමන් කරන නිර්මාණය අනුව අවශ්‍ය ලෙස වටේට ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි.
උදාහරණ ලෙස වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් අැදගැනීමෙන් මැසීම පහසු වේ. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 6ම භාවිත කරන්න.